අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Chainsaw Man

 

 

Stars :

  • Ryan Colt Levy.
  • Kikunosuke Toya.
  • Shiori Izawa.

[box]

බොහොමයක් ඇනිමේ වගේ මේකත් මන්ගා එකක් මූලාශ්‍ර කරගෙන නිර්මාණය වුණ එකක්. Tatsuki Fujimoto සෙන්සෙයිගේ ‘චේන් සෝ මෑන්’ මන්ගා එක තමා මේකට මූලාශ්‍ර වෙන්නේ.මේ වෙනකොට මන්ගා එක Volume 11 යටතේ Chapters 97 කට පමණ රිලීස් වෙලා තියෙනවා. ඉතින් මේක නිර්මාණය කරන්නේ ඩොරොරෝ, ජුජුට්සු කයිසෙන්, ඇටෑක් ඔන් ටයිටන් සීසන් 4 වගේ ඇනිමේ නිර්මාණය කරපු, මේ වෙනකොට ඇනිමේ ක්ෂෙත්‍රය තුළ කැපී පෙනෙන වැඩ කොටසක් කරන Mappa Studio එක. Mappa ලා මේකෙදීත් ඇස් කඩාගෙන යන ඇනිමේෂන් ටිකක් දීලා තියෙනවා ඔන්න.ඩෙන්ජි කියන්නේ ලෙල්ලටම වැටුණු කොල්ලෙක්. එදා වේල කා ගන්නවත් මිනිහට අතේ සතේ නෑ. සල්ලි හොයන්න මිනිහා ඇස්, වකුගඩු කොටින්ම කිව්වොත් අහවල් එකේ කෑල්ලක් පවා විකුණලා.

ඒ මදිවට ණය බරිනුත් මිරිකිලා ඉන්නේ. පොර පොඩ්ඩක් හරි අල්ලන් ඉන්නේ ඩෙවිල් හන්ටර් කෙනෙක් විදිහට වැඩ කරලා. ඒ කියන්නේ යක්ෂයෝ දඩයම් කරලා ඒකට මුදලක් අරගෙන. ඒකත් ණය වලට කැපුණට පස්සේ සොච්චමයි ඉතිරි වෙන්නේ. තමන්ගේ මේ දුක්ඛිත ජීවිතයෙන් ගොඩ ඇවිල්ලා කරන දේවල් ගැන මිනිහා හීන දැක දැක ඉන්නකොට, ඔන්න ඕඩරයක් එනවා ඩෙවිල් හන්ටින් වලට. මෙතන තමා මිනිහගේ ජීවිතේ වෙනස් වෙන තැන වෙන්නේ. දුක්ඛිත ජීවිතයක් ගත කරපු පොරට නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. ඒ එක්කම විශාල බලයක් ලැබෙනවා. ඉතින් ඩෙන්ජිට මුහුණ දෙන්න වෙන කරදරය මොකක්ද? මිනිහට මොකක්ද වෙන්නේ?
[/box]

 

Season 01
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10