Watch Trailer

Jessica Jones [S02 : E03] Sinhala Subtitles | අමතක වූ මතකයන් යලි අවදි කරමින්… [සිංහල උපසිරසි සමඟ]

සිම්සන්ගේ මරණයත්, හැම මරණයකදීම ජෙසිකට ඒ අදාළ තැන්වල ඉන්න වෙන එකත් නිසා ජෙසිකා හුගක් ව්‍යාකුල වෙලා ඉන්නේ. එයා හිතන්නේ ඉස්සරහට යන්න තියෙන එකම විදිහ තමයි එයාගේ අතීතය හාර අවුස්සලා වෙච්ච සිද්දීන් එකින් එක ගලපලා විසදගන්න එක කියලා. ඒත් ඒක තමයි එයාට මේ වෙලාවේ කරන්න බැරි දේත්. මේ නිසාම තමයි ත්‍රිෂ් ජෙසිකාට…

සිම්සන්ගේ මරණයත්, හැම මරණයකදීම ජෙසිකට ඒ අදාළ තැන්වල ඉන්න වෙන එකත් නිසා ජෙසිකා හුගක් ව්‍යාකුල වෙලා ඉන්නේ. එයා හිතන්නේ ඉස්සරහට යන්න තියෙන එකම විදිහ තමයි එයාගේ අතීතය හාර අවුස්සලා වෙච්ච සිද්දීන් එකින් එක ගලපලා විසදගන්න එක කියලා. ඒත් ඒක තමයි එයාට මේ වෙලාවේ කරන්න බැරි දේත්. මේ නිසාම තමයි ත්‍රිෂ් ජෙසිකාට යෝජනා කරන්නේ නිද්‍රා-චිකිත්සාවක් කරමුයි කියලා. එයාට ඒ වැඩේ කරගන්න ආමාරු වෙනවා. මනෝචිකිත්සකයා එයාව මොන තරම් මේ වැඩේට යොමු කරන්න හැදුවත් එයාට ඕන තවත් සැපපහසුවට ඉන්න කොට්ට ටිකක්. එයාගේ ඒ කලබලකාරී ගතිය නිසාම මනෝචිකිත්සකයා එයාට යෝජනා කරනවා අනික් රෝගීන් වගෙ මුහුදු වෙරලක් මාවගන්න කියලා. ඒත් එයා පොඩි කාලේ නිවාඩුව ගත කරන්න ගිය මුහුදු වෙරලටම ගිහින් සිම්සන්ගේ මිනිය දාලා ආවට පස්සෙ එයාට ඒ මුහුදු වෙරලක් ගැන හිතන්න බැරි තරම්.

ඒවගේම තමයි ජෙසිකා නින්දෙදි හරිම අමුතුම හීනයක් දකිනවා. එයාගේ ඇදේ එක්තරා මත්පැන් බෝතලයක් එල්ලලා තියෙනවා. ඒවගේම උඩින් එයාගේ ඇගට මත්පැන් වැටෙන්නත් ගන්නවා. එයා එලියට ගිහින් දොර ඇරගෙන එලියට යන්න හදද්දී “මීට් ෆේස්” එහෙම නැත්තම් මස් එලියට පැනපු මූණක් තියෙන මිනිහෙක් ජෙසිකට එලියට යන්න නොදී එයාට පහර දෙන්න ගන්නවා. මේ ගැන ජෙසිකා ට්‍රිෂ් එක්කත් කිව්වා. මේ කෙනා ඇත්තටම කවුරු වෙන්න ඇතිද? ඇත්තටම මෙහෙම කෙනෙක් ජීවතුන් අතර ඉන්නවද? ජෙසිකාට තියෙන හැකියාවන් එක්ක බලද්දී ඒ කෙනා ඇත්තක් වෙන්න පුලුවන්.ඉතින් මේ ගැන හොයාගන්න තමයි ජෙසිකත් හිතුවේ මනෝචිකිත්සක වැඩේ හරියයි කියලා. ඒත් ඒ වැඩෙත් නිෂ්ඵල වුනා. මේ නිසාම මනෝචිකිත්සකයත් බැහැලා යන්න ගියා. ජෙස් තීරණය කලා ත්‍රිෂ් ලග තියෙන හැම ෆයිල් එකක්ම අරන් ගිහින් මේ සිද්දීන් ගැන හොයලා බලන්න. ජෙසිකා යන්න යද්දීම තමයි ත්‍රිෂ්ගෙ දොරකඩ ලග ග්‍රීෆින් ඉන්නේ. ග්‍රීෆින් හුගක් අවුල් වුනා එදා ත්‍රිෂ්ව හොයාගත්තම එයාට කරදරයක් නැහැ කියලා කියන්නවත් ජෙසිකා එයාට කතා නොකරපු හන්දා. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇනගෙන ඇනගෙන යනවා වගේ ජෙසිකාට මේ අතරෙ තවත් ප්‍රශ්ණයක් වැටෙනවා ඔස්කර් කියන ඒ නවාතැන් ගොඩනැගිල්ලෙ පරිපාලකයාගෙන්. නවාතැන් ගොඩනැගිල්ලක ව්‍යාපාරමය කටයුතු කරන එකත්. නිතර නිතර පොලිසියෙන් ඒ නවාතැනට ජෙසිකාව හොයාගෙන එන නිසාත් වගේ සිද්දීන් නිසා ඔස්කර් ජෙසිකට නියෝග කරනවා මාසයක් ඇතුලත එහෙන් යන්න කියලා. ජෙසිකා මේ ගැන ඔස්කර් එක්ක කතා කරලා විසදගන්න හැදුවත් හරිගියේම නැහැ. ඒ නිසා ජෙසිකා මැල්කම් එක්ක එකතුවෙලා හොයාගන්නවා ඔස්කර්ට තියෙන්නේ අපාරාධකාරයෙක්ගේ ඉතිහාසයක් කියලා. ඒ විතරක් නෙවෙයි ඔස්කර් කියන මනුස්සයා මේ නවාතැන් ගොඩනැගිල්ලේ අයිතිකාරයාගේ කොල්ලට එහෙම නැත්තම් කැම්බෝඩියාවේ ඉන්න පෙම්වතාට හොර ගුවන් බලපත්‍රයක් පවා හදලා දීලා. ඒ නිසා දැන් ඒ අයිතිකාරයා ඔස්කර්ට ණයගැති වෙලා එයා කියන පදේට නටනවා. මේ ගැන හොයාගත්තෙත් ජෙසිකා එයාගේ කොමඩ් එකට ටොයිලට් පෙපර් පුරවලා හිර කරලා වතුර ලීක් එකක් කියලා ඔස්කර්ට ඇවිත් බලන්න කියන අහරේ එයා ඔස්කර්ගේ නවාතැනට කඩාපාත්වෙලයි. මේ අස්සෙම තමයි ඔස්කර්ගෙ පොඩි එකත් ජෙසිකාගෙන් අහන්නේ කැප්ටන් ඇමරිකාව දන්නවද කියලා. ජෙසිකා හොයාගත්තම ඔස්කර් ඉන්නේ නීතිය ඉදීරියෙ වැරදි නොකරන බවට කට වචනයක් පිට කියලා, ජෙසිකා ඒ නිසාම ඔස්කර්ගෙන් සමාව ඉල්ලනවා කලින් දවසදී එයාගේ දොරකඩට පොලිසියෙ අයව අරන් ආපු එකට. ඒත් කිසිම බුරුලක් පෙන්නන්නේ නැතුව ඔස්කර් එයාට හරිම දරදඩු විදිහට’යි සලකන්නේ.

මේ අතරෙ ග්‍රීෆින් වගේම ත්‍රිෂ් අතර බහින් බස් වීමක් ඇති වෙලා ත්‍රිෂ් එයාට කියනවා ටිකක් කාලයක් යනකන් එයාගෙන් ඈත්වෙලා ඉන්න කියලා. ග්‍රීෆින් එයාගේ කලින් පෙම්වතියකගේ සිදුවීමක් කියාගෙන ත්‍රිෂ් ලවා එයාට අනුකම්පාවක් ලබාගන්න උත්සහ කලා. ඒක නම් බැලූ බැල්මට ඕන කෙනෙක්ට තේරෙන්න ඕන. ග්‍රීෆින් ටික කාලයක් තනියෙන් ඉන්න ඕන කියලා කියනවා. හැබැයි ඒ ගිහින් පැය ගානකට පස්සෙ හොරාටම ත්‍රිෂ් ඉන්න තැනට එනවා ත්‍රිෂ් ඒ වෙලාවේ විස්ලර්ගේ වීඩියෝ බලන අතරේ පර්යේෂණ කරන ගමන් හිටියෙ. ත්‍රිෂ්ට නොදැනිම ග්‍රීෆින් එක පාරටම එන එක ගැන දැනිලා එයා ග්‍රීෆින්ට ගහනවත් එක්ක. එයාට ටික කාලයක් තනියෙන් ඉන්න ඕන කියලා අදහස් කලේ පැය කිහිපයක් මිසක් වෙනින් දෙයක් නෙවෙයි කියලා එයා ත්‍රිෂ්ව නොමග යවන විදිහට ආයෙමත් හැසිරිලා ත්‍රිෂ් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉදලා ග්‍රීෆින් කාරයා අර ලැප්ටොප් එකේ තිබුණු විස්ලර්ගෙ වීඩියෝව අරගන්නවා. එයාට මොකටද මේ වීඩියෝව? එතකොට මේ ග්‍රීෆින් කියන මිනිහත් ත්‍රිෂ් ගැන ඔත්තු බලන්න ආව කෙනෙක් වෙන්න ඇතිද? ඔව් වෙන්න පුලුවන් මොකද ඔයාලා දකින්න ඇතිනේ පනිෂර් කතාමාලාවෙත් ආදරේ කරන මුවාවෙන් ජිග්සෝ ඞීනාට කරපු දේ මතක ඇති නෙහ්?! සමහරවිට ඒ වගේම දෙයක් ත්‍රිෂ්ට වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ජෙසිකා ට්‍රිෂ් ලග තියෙන ෆයිල් හාර අවුස්සලා බලද්දී ඒවායින් එකක තියෙනවා පින්තූරයක් හරියටම IGH එකේ මුහුණුවරම තියෙන. මේ නිසා ජෙසිකා යනවා හොයාගෙන. පස්සේ ජෙසිකාට හොයාන්න ලැබෙනවා ඩොක්ටර් ලෙස්ලි හැන්සන් ගැන. ලෙස්ලිගේ අවුරුදු 20ක අන්තර්ජාල තොරතුරු අවකාශයෙන් මකලත් දාලා. එයා ජීවත් වෙලා තියෙන්නේ පරණ ගොඩනැගිල්ලක තියෙන කාමරේක කියලත් හොයාගන්නවා. ඊටපස්සේ එයා ට්‍රිෂ්වත් එක්කාසු කරගෙන ඒ ගොඩනැගිල්ලට ගිහින් ලෙස්ලිගේ නවාතැන් කාමරයට ගිහින් බලද්දී එතන තනිකරම හරිම ගානට සුද්ද කරලා දාලා අලුත්ම අලුත් තැනක් වගේ පේන්න. එතකොට තමයි ඒ ගොඩනැගිල්ල අයිතිකාරයා එතනට ඇවිත් කියන්නේ සති ගානකට කලින් මෙතන හිටිය කෙනා බඩු අහුරගෙන ගියා කියලා. පහල තියෙන මහල ගැනත් කියනවා. පහලට මහලට ගිහින් බලද්දී පෝරණුවකින් අමුතු ගදක් එන්න ගන්නවා. ඒක ඇරලා බලද්දී මේ දෙන්නට අළු කරලා පුච්චලා දාපු හිස් කබලක් හම්බවෙනවා.

මේ හිස් කබල කගේ වෙන්න ඇතිද? ඒක ඩොක්ටර් ලෙස්ලිගෙද? ඒ කියන්නේ එයාව කවුරුහරි මරලා දාලද? මේ ගැන හොයාගන්න ඒකත් ත්‍රිෂ්ටයි ජෙසිකාටයි ලොකු අභියෝගයක් වෙනවා. ඩොක්ටර් ලෙස්ලිට විවෘතව කතා කරන්න ඕන නිසා ට්‍රිෂ් එයාගේ ගුවන් විදුලි වැඩසටහනෙදිත් මේ ගැන ප්‍රචාරය කරනවා. එතනින් පස්සේ තමයි ට්‍රිෂ් ලොකු අමාරුවක වැටෙන්න යන්නේ. කතාවේ ඉතිරි හරියෙ මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

17 comments

  1. Hiran Eranda

    බොහොම ස්තුතියි උපසිරසියට. ජය වේවා

  2. kickass

    thank you very much ....puluwannam menna me tv shows walath sub denna BEYOND,GODLESS,STAR TRECK: DISCOVERY

  3. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි .....

  6. tharindu gunarathna

    thanks

  7. sachintha

    sub ekata thanks sahooo
    elama

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සුපිරි කතාවක්....
    දැන් ඉස්සරට වඩා MCU එකත් එක්ක සම්බන්ද නිසා පට්ට....
    මෙහෙමවත් සම්බන්ද වෙන එක....

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. futureomega

    thax for the sub

  12. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Heshan.N.W

    PAge not found ??

    Ai a?? Plz help

  15. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
    ජය වේවා.!

  17. nilanka_baiscop

    thanks