2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 7 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි දෙවෙනි කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ. අද කොටසට යන්න කලින් මීට…

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 7 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි දෙවෙනි කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ.
අද කොටසට යන්න කලින් මීට පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු. ඊටත් කලින් අපිට ආයෙත් අතීත මතකාවර්ජනයකට යන්න වෙනවා. Jujutsu Kaisen Season 1 හි සහෝදර ජුජුට්සු පාසල් දෙක අතර තරඟාවලියක් පැවැත්වුවා ඔබට මතක ඇති. ඒ තරඟාවලිය අතර මැදදී ගෙතෝ සුගුරුගේ කණ්ඩායම ප්‍රහාරයක් එල්ල කළ හැටිත් ඔබට මතක ඇති. ඒ අවස්ථාවේදී පාසලට ඇතුළු වීම වගේම පාසලේ ආරක්ෂිතව තිබුනු “ශාපයන්හි රජු විදිහට හඳුන්වන රියොමෙන් සුකුනාගේ අත්වල ඇඟිලි” කිහිපයක් එක්ක තවත් භාණ්ඩ කිහිපයක්ම අතුරුදහන් වී තිබුනු බවත් ඔබට මතක ඇති. අන්න ඒ විදිහට හොරෙන් ඇතුල් වෙලා හොරකම් කරන්න පාසලේ තොරතුරු දුන්නෙ කවුද? අන්න ඒ සිද්ධියට සම්බන්ධ වෙන්නෙ මෙකාමරු බව පාසලේ පිරිස් හොයා ගන්නවා. අන්න ඒ හොයාගත්තු තොරතුරු අනුව මෙකාමරු කියන යකඩ ගොඩේ සැබෑ හසුරුවන්නාව හොයාගෙන ගියත් හසුරුවන්නාව හමු වෙන්නෙ නෑ.
අනිත් පැත්තෙන් මෙකාමරුගේ හසුරුවන්නා තමයි “කොකිචි මුතා” කියල කියන්නෙ. ඒ විදිහට ගෙතෝ සුගුරුට තොරතුරු ලීක් කරල තියෙන්නෙ ගිවිසුමකට අනුවයි කියන දේත් පසුගිය කොටසින් අපිට දකින්න ලැබුනා. ඒ ගිවිසුම තමයි තොරතුරු වෙනුවෙන් කොකිචි මුතාගේ දුර්වල සිරුර මහිතෝගේ බලයෙන් සුව කරන එක. ඉතින් ඒකත් කළාට පස්සෙ දැන් ගෙතෝ සුගුරුගේ ෂිබුයා සැලැස්ම ගැන ගෝජෝ සතෝරුට කියන්න පුලුවන්. මොකද තමන්ට ඕනි වැඩේ කොකිචි කරගෙන ඉවරයි. ඒ වගේම කොකිචිගෙන් දැන් ගෙතෝට වැඩකුත් නෑ. ගෙතෝ සුගුරුත් තමන්ට ඕනි වැඩේ කරගෙන ඉවරයි. ඉතින් කොකිචිව මරා දමන්න මහිතෝ ප්‍රමුඛ ගෙතෝ සුගුරු පියවර තියනවා. ඉතින් ඒ විදිහට මෙකාමරුගේ හසුරුවන්නා වෙන කොකිචි සහ මහිතෝ අතරෙ සටන් ආරම්භයෙන් පසුගිය කොටස අවසන් වුනා.
මේ 7 වෙනි කොටස ඇරඹෙන්නේ අන්න ඒ සටනින්ම තමයි. ඒ වගේම මේ කොටසින් කොකිචි මුතා මුදාහරින විශාල බලයකුත් අපිට දකින්න ලැබෙනවා වගේම Jujutsu Kaisen හි දකින්න ලැබෙන ලොකුම ප්‍රහාරය වෙන ප්‍රදේශ ප්‍රසාරණයකුත් (Domain Expansion) දකින්න ලැබෙනවා. ඉතින් මේ සටනින් කවුරු ජය ගනීවිද? නරඹන්න එහෙනම් මේ කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Shibuya Incident Arc හි තෙවන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 8 තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Shibuya Incident
Episode Name : Evening Festival
Air Date : 2023.09.07
Runtime : 24 min.
IMDB Rating : 9.0
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,163 downloadsDownload Jujutsu.Kaisen.S02E07.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen S02 Sinhala sub
- #Jujutsu Kaisen Season 2 Sinhala subtitles
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Buddhika Lakmal
මධුරංග චාමිකර
ස්තූතියි මචන් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
Thanks Brother...❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Jujutsu Kaisen [S02 : E07] Sinhala Subtitles | ව්‍යසනය ඇරඹෙයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/en.m.wikipedia.org-›-wiki_Jujutsu-Kaisen-season-2.jpg)



...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..