Jujutsu Kaisen Season 3 Sinhala Subtitles එළඹුනු 2026 වසර ආරම්භ වෙන්නෙ සූහසක් ඇනිමෙ රසිකයන්ගේ වඩාත් බලාපොරොත්තු සහගතම ඇනිමෙ කතා මාලා කිහිපයක්ම මේ Winter Season එකේදි නිකුත් වීමත් එක්කයි. ඒ ඇනිමෙ කතා මාලා කිහිපය අතරේ තවත් එක උන්මාදයක් වුනු ඇනිමෙ කතා මාලාවක් තමයි Jujutsu Kaisen කියල කියන්නෙ. මේ Jujut…
Jujutsu Kaisen Season 3 Sinhala Subtitles
එළඹුනු 2026 වසර ආරම්භ වෙන්නෙ සූහසක් ඇනිමෙ රසිකයන්ගේ වඩාත් බලාපොරොත්තු සහගතම ඇනිමෙ කතා මාලා කිහිපයක්ම මේ Winter Season එකේදි නිකුත් වීමත් එක්කයි. ඒ ඇනිමෙ කතා මාලා කිහිපය අතරේ තවත් එක උන්මාදයක් වුනු ඇනිමෙ කතා මාලාවක් තමයි Jujutsu Kaisen කියල කියන්නෙ. මේ Jujutsu Kaisen හි මීළඟ කතා සමය වෙන Season 3 හෙවත් The Culling Game Arc එක මගින් මේ එළඹුනු Winter Season එක උණුසුම් කිරීමේ කර්තව්‍යයයි මේ ඇරඹෙන්නෙ.

2023 වසරෙදි Jujutsu Kaisen Season 2 Shibuya Incident Arc තුළින් නිමාවට පත් වෙන්නෙ එහි මීළඟ Arc එක වෙන Culling Game Arc එක නිෂ්පාදනය අරඹපු බව නිළ නිවේදනය නිකුත් කිරීමත් එක්කයි. ඉතින් ඔන්න සැලකිය යුතු කාලයකට පස්සෙ ඒ කතාව 2026 වසර මුල් භාගයෙදීම අපිට නරඹන්න ලැබිල තියෙනවා. මේ කතාවෙ පසුබිම ගැන ආයෙත් කියන්න ඕනි නෑ කියලයි මගේ පුද්ගලික හැඟීම, මොකද මේ වෙද්දි ඇනිමෙ රසිකයො නරඹපු ඇනිමෙ ලැයිස්තුව ගත්තොත් එතන Jujutsu Kaisen කියන නම උඩින්ම තියෙනව කියන එක බොරුවක්වත් රහසක්වත් නෙමෙයි. ඉතින් එහෙම නැතුව අපි කෙලින්ම මේ අලුත්ම The Culling Game එකට බහිමු.

Jujutsu Kaisen Season 3 The Culling Game Key Visual
මේ The Culling Game Arc එකට අදාළ වෙන පසුබිම සැකසෙන්න පටන් ගන්නෙ සුපුරුදු විදිහටම Gege Akutami ගේ Jujutsu Kaisen Manga එකේ 137 වෙනි Chapter එකේ ඉඳන් ඉස්සරහට. ඒ කියන්නෙ Season 2 අවසාන වුනු තැන හෙවත් සුපුරුදු විදිහටම Mappa Studio එක ඇනිමේට් කරල Season 3 විදිහට අපිට නරඹන්න ලැබෙන කතාමාලාව පටන් ගන්නෙත් මෙන්න මෙතන ඉඳලයි. මේ The Culling Game ඇනිමෙ කතාව Part 1 සහ Part 2 විදිහට කොටස් දෙකක් විදිහටයි නිකුත් වෙන්නෙ. ඒ අනුව මුළු කොටස් ගණන කීයක්ද කියල නම් මේ වෙද්දි හරියටම දැනුම් දීලා නෑ, හුඟක් වෙලාවට ඒ 12/13 බැගින් වේවි. Music ගැන කිව්වොත් මේ වතාවෙත් කලින් Season 2 වලදි වගේම King Gnu කණ්ඩායම Opening Theme එක විදිහට “Aizo” ගීතය Culling Game Arc එක වෙනුවෙන් perform කරනවා. මතකයිනෙ Shibuya Incident Arc එකේදි perform කරපු “Specialz” ගීතය. ඒක තනිකරම පිස්සුවක් උනා. අනිවාරෙන්ම මේ අලුත් Aizo ගීතයත් ඊට නොදෙවෙනි එකක් වේවි. Ending Theme එක විදිහට “Yoake no Uta” ගීතය jo0ji ගායකයා විසින් perform කරනවා.

අලුත්ම Season 3 හි කතාව පැත්තට හැරුනොත්, ඒක පටන් ගැනෙන්නෙ කලින් කිව්වත් වගේම Jujutsu Kaisen Season 2 අවසාන වුනු තැනින්. තවත් ටිකක් කිව්වොත් කතාවේ ප්‍රධාන චරිතය වෙන ඉතදොරි යූජිගේ ශරීරයේ ඉන්න ශාපයන්හි රජු හෙවත් රියොමෙන් සුකුනා විසින් ෂිබුයා නගරයේ විශාල ප්‍රදේශයක් අළු බවට පත් කරනවා. මේ නගරයේ වෙන සටන ආරම්භයෙදි බලවත් විශේෂ ශ්‍රේණියේ මන්ත්‍රකරුවෙක් වෙන ගෝජෝ සතෝරු, Prison Realm කියන Special Object එක ඇතුලෙ හිර වෙනවා. මෙයාව බේරගන්න දරන උත්සහය වගේම නගරයේ තැන් තැන් වල ඇති වෙන දරුණු සටන් අපිට දකින්න ලැබෙනවා. මේ හැම විනාශයක්ම උනායින් පස්සෙ සුකුනා යටපත් වෙලා ආයෙත් යූජි බවට පත් උනායින් පස්සෙ මීළඟට ඉතුරු වුනු පිරිස් ගන්න ක්‍රියාමාර්ග මොනවද? ඒත් එක්කම තවත් කෙනෙක් යූජිගේ මරණය දිවුරමින් නගරයට එනවා අපිට දකින්න ලැබෙනවා. ඒ කවුද? මේ එන්නෙ තනිකරම Battle Royal Event එකක් කියල කිව්වොත් වැරදි නෑ. අපි දන්න නොදන්න, අලුත් පරණ, තරුණ මහළු හුඟක් තරඟකරුවන් මේකට සහභාගී වෙනවා. ඉතින් වෙන්නෙ මොකක්ද? මේ The Culling Game කියල කියන්නෙ මොකක්ද?
ඉතින් මේ ආරම්භය ගන්න කලින් ඔයා මීට කලින් Jujutsu Kaisen කතා මාලාව නරඹල තිබීම අනිවාර්යයි. මේ Jujutsu Kaisen කතා මාලාව පුරාවටම අපිට කතාවටම ආවේණික වචන මුණ ගැහෙනවා. ඒවා ඒ ජපන් උච්චාරණයෙන්ම උපසිරැසියට ඇතුළත් කරල තියෙනවා. කතාවට ආවේණික Jujutsu Techniques සහ Weapons වල නම් වගේ දේවල් තමයි වැඩි වශයෙන්ම එහෙම තියෙන්නෙ. ඒවා සිංහලට පරිවර්තනය කරන්න අසීරුයි වගේම උපසිරැසියට ඇතිවෙන නොගැලපීමත් නිසාවෙන්, කතාවේ රසය ඒ විදිහටම රඳවගන්න තමයි මේ විදිහට කරන්නෙ. ඒ වගේම ඉතින් මේ උපසිරැසි නිර්මාණය කෙරුනේ Jujutsu Kaisen S03E01 1080p BILI WEB-DL AAC2.0 H.265 (Multi-Subs) නම් Torrent පිටපතට ගැලපෙන විදිහටයි. මොකද මේ උපසිරැසිය නිකුත් කරන මොහොත වෙද්දි උපරිම quality එකක් අඩු size එකකින් අපිට නරඹන්න ලැබෙන PSARips වීඩියෝ පිටපත නිකුත් වෙලා නෑ. ඒ පිටපත නිකුත් වුනහම ඒ අදාළ කොටසේ ඉඳල PSA පිටපතටම අදාළ සිංහල උපසිරැසි ඔයාලට ලැබේවි. ඒ උපසිරැසිය වගේම මේ උපසිරැසියත් ඕනිම වෙබ් වීඩියෝ පිටපතකට ගැලපේවි. ඒ වගේම කතාව Japanese Audio එකෙන් නරඹන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අවතීර්ණ වෙමු මේ නිමක් නැති මන්ත්‍ර-ශාප ගැටුමට! කතාව සහ උපසිරැසිය ගැන ඔයාලගෙ අදහස් පහළින් comment කරන් යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name: Execution
Released Date: 2026.01.08
IMDB Rating: 9.2 (at 2026.01.09)
Jujutsu Kaisen Season 3 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,321 downloadsDownload Jujutsu-Kaisen-S03-E01-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- Action
- Animation
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Family
- Anime
- Adult Animation
- Hand-Drawn Animation
- Shonen
- Dark Fantasy
- Supernatural Fantasy
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Randil Senavirathna
dtw
thanks bro.epi 2th ikmny oone..
Sandaru Nimsara
Thanks❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




E2 ekath dannako ikmanata