Jujutsu Kaisen [S02 : E23] Sinhala Subtitles “This is the world of the future. The world of Heian, the golden age of jujutsu.” “මේක තමයි අනාගත ලෝකය. හේයන් ලෝකය, ජුජුට්සු වල ස්වර්ණමය යුගය.” ඉතින් මිත්‍රවරුනි, 2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Se…

“This is the world of the future. The world of Heian, the golden age of jujutsu.”
“මේක තමයි අනාගත ලෝකය. හේයන් ලෝකය, ජුජුට්සු වල ස්වර්ණමය යුගය.”
ඉතින් මිත්‍රවරුනි, 2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 23 සිංහල උපසිරැසිය, එහෙම නැතිනම් Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි දහ අටවෙනි කොටස හෙවත් Season 2 හි අවසාන කොටස සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. Shounen Dark Trio එක වෙන Chainsaw Man, Hell’s Paradise සහ Jujutsu Kaisen කියන ඇනිමෙ ත්‍රිත්වය අතරේ, මේ අවුරුද්දේ වඩාත් බලාපොරොත්තු සහගතම ඇනිමෙ සීරීස් එකක් වුනු මේ Jujutsu Kaisen Season 2, එහි නිවේදන කාලයේ පටන්ම මේ වෙනකල් තිබුනු hype එක කිසිම වෙනසක් නැතුව අරන් ආපු කතාවක් බවට පත් වුනා. විශේෂම දේ තමයි මේ කතා මාලා තුනේම Animation production එක භාරව ඉන්නේ Mappa Studio එක වීම. ඉතින් story එකත් එක්ක වඩාත් ගැළපෙන ඇනිමේෂන් රසයක් දෙන්න Mappa Studio සමත් වෙන නිසා මේ hype එක කිසිම වෙනසක් වුනේ නම් නෑ. වෙනසක් වුනා නම් ඒ hype එක අඩු වීම නෙමෙයි තවත් වැඩි වීම කියල කිව්වොත් සාධාරණයි කියලයි මගේ හැඟීම. ඒ බව මේ වෙනකල් කතාව එක ලෙසින් නරඹමින් ආපු Jujutsu Kaisen රසිකයන් ඒ කාරණාවට සාක්ෂි දරාවි.
මේ Season 2 එක, ඇනිමෙ එක වෙනුවෙන් මූලාශ්‍ර වුනු Gege Akutami ගේ Jujutsu Kaisen Manga මාලාවේ ප්‍රධාන Arc දෙකක් මුල් කරගෙන නිර්මාණය වුනා. ඒ Arc දෙක තමයි මුළු කොටස් 5 කින් සමන්විත “Hidden Inventory/ Premature Death Arc” එක සහ මුළු කොටස් 18 කින් සමන්විත “Shibuya Incident Arc” එක. ඒ අනුව Season 2 අදාළව සම්පූර්ණ කොටස ගණන 23 ක් වෙනවා. ඒ අනුව අපිට Season 2 හි මුලින්ම බලන්න ලැබුනේ “Hidden Inventory/ Premature Death Arc” එක. ඒ කියන්නෙ Jujutsu Kaisen ෆෑන්ස්ලා හැමෝම දන්න ගෝජෝ සතෝරුගේ අතීත කතාව තමයි මේකෙන් ආරම්භ වෙන්නෙ. ඒ වගේම ගෝජෝ සතෝරුගේ සහ ගෙතෝ සුගුරුගේ මිත්‍රත්වය ඒ Arc එකෙන් දකින්න ලැබුනා. ඒ කතාවෙ මේ වෙනකොට අපි දන්න හුඟක් අය වගේම අපි මෙතෙක් දැකල නැති අයත් දකින්න ලැබුනා. ඒ වගේම ඒ Arc එක ඉවර වුනේ සතුටුදායක අවසානයකින් නම් නෙවෙයි.
ඒ විදිහට අසතුටුදායක අවසානයකින් අවසාන වුනු Premature Death Arc එකට පස්සෙ, තවත් අසතුටුදායක ආරම්භයක් අරන් එමින් Shibuya Incident Arc එක ඇරඹුනා. අපිට ඒ ආරම්භයෙන් පැහැදිලි හැරුම් ලක්ෂ්‍යක් දකින්න ලැබුනා. කොටින්ම කතාව සම්පූර්ණයෙන්ම ලේ වැගිරෙන් අඳුරු පැත්තකට හැරෙන විදිහ දකින්න ලැබුනා. ජුජුට්සු මන්තරකරුවො නොවන සාමාන්‍ය ජනයාව සමූල ඝාතනය කරලා ජුජුට්සු මන්තරකාරයින් විතරක් ජීවත් වෙන ලෝකයක් නිර්මාණය කරන්න හදන ගෙතෝ සුගුරු සහ ඒක වළක්වන්න හදන ගෝජෝ සතෝරු ප්‍රමුඛ ජුජුට්සු මන්තර සමාජය අතර ෂිබුයා නගරයෙදි ඇරඹෙන යුද්ධය මේ Arc එකෙන් ඇරඹුනා. මේකෙදි වුනු විශේෂම සිදුවීම තමයි ගෝජෝ සතෝරුව ගෙතෝ සුගුරු විසින් Cursed Object එකක සිර කිරීම. ඒ අනුව ගෝජෝ නැති පිටත ලෝකයේ ශාප රජු වෙන රියොමෙන් සුකුනාගේ නැවත පැමිණීමත් එක්ක, බොහෝ ජීවිත හානි වගේම දේපළ හානිත් ඊට නොදෙවෙනිව සිද්ධ වුනා.
ඒ ප්‍රතිඵලය අනුව මේ වෙනකොටත් හිතාගන්න බැරි තරම් නොසිතූ නොවිරූ හුඟක් දේවල් සිද්ධ වෙලා අවසානයි. ෂිබුයා නගරයේ සාමාන්‍ය ජනතාව විතරක් නෙමෙයි, සුගුරුගේ කණ්ඩායමේ හැමදෙනාම පාහේ මරණයට පත් වුනා. ජුජුට්සු මන්තර සමාජයෙත් සමහරක් මරණීය තුවාල ලබද්දි බොහෝ දෙනා ජීවිතයෙන් සමු දුන්නා. Jujutsu Kaisen රසිකයන්ගේ ප්‍රියතම චරිතත් මේ අතර සිටියා. ඒ විදිහට ටිකෙන් ටික අවසාන වෙමින් ආපු කතාවෙ දුෂ්ටයා වුනු ගෙතෝ සුගුරු, එහෙම නැත්නම් ගෙතෝ සුගුරු කියන පිට කටුව විතරයි දැන් තනියම සටනේ ඉන්නේ. මොකද ඇතුළතින් සැබවින්ම මේ ඉන්නෙ ගෙතෝ සුගුරු නෙමෙයි කියන දේ දැන් හැමෝගෙම ඉස්සරහ ඔප්පු වෙලා ඉවරයි. ඒ වගේම යූජිගේ උපත ගැන තවත් අඳුරු සත්‍යක් මේ වෙද්දි හෙමින් සීරුවේ දිගහැරෙමින් තියෙනවා. ඉතදොරි යූජි ප්‍රමුඛ කියොටෝ ජුජුට්සු පාසලේ ශිෂ්‍යයින් සහ ගෙතෝ සුගුරු ලෙසින් ඉන්නා මේ පුද්ගලයා අතර සටනයි මේ අවසාන කොටසින් දකින්න ලැබෙන්නේ. Jujutsu Kaisen Season 2 හි අවසානය මොන විදිහකින් සිද්ධ වේවිද? ඒ පිළිතුර සොයා ගැනීම ඔබට භාරයි.
ඒ විදිහට Jujutsu Kaisen Season 2 අවසාන වෙද්දි Season 3 කවදා නිකුත් වේව්ද? ඒ ප්‍රශ්නයට උත්තරයක් ඔන්න මේ අවසාන කොටසේ අවසානය එක්ක අපිට දැනගන්න ලැබුනා. ඒ තමයි Jujutsu Kaisen සීරීස් එකේ මීළඟ sequel arc එක වෙන Culling Game Arc එක, Jujutsu Kaisen Season 3 විදිහට නිළ වශයෙන් නිවේදනය කරපු එක. හැබැයි Season 3 නිකුත් වෙන කාල වකවානුවක් ගැන කිසිම නිවේදනයක් නම් කරලා නෑ. මේ සීරීස් එකේ ඇනිමේෂන් භාරව ඉන්න Mappa Studio එක මේ වෙද්ද්දිත් හරිම කාර්‍යබහුල කාලසටහනකට අනුවයි වැඩ කරන්නේ. එ වගේම ඔයාලා දන්නවා මේ Season 2 එකේ ඇනිමේෂන් මුලදී හොඳ තත්වයෙන් ආවත් Shibuya Incident Arc එකේ මැද කොටස් වල ඇනිමේෂන් කොලිටි එක හුඟක්ම අඩු වුනා. ඒකට හේතුව තමයි Mappa හි කාර්යබහුල කාලසටහනත් එක්ක Animator ලාට එක කතාංගයක් වෙනුවෙන් ලබා දෙන කාලය මදි වීම. මේ නිසා හුඟක් Jujutsu Kaisen රසිකයො Animator ලාට අවශ්‍ය කාලය ලබා දීලා මීළඟ කොටස් නිකුත් කිරීම කල් දමන්න කියලත් Mappa වෙතින් ඉල්ලලා තිබුනා. ඒත් සුපුරුදු විදිහට ආපු Mappa එක Jujutsu Kaisen Season 2 එක ඇත්තටම කිව්වොත් නූලෙන් ගොඩ දාගන්න සමත් වුනා. ඒ නිසා කල් යාමක් නැතුව කොහොමහරි Jujutsu Kaisen Season 2 එක හැම සතියකම නරඹන්න පුලුවන් වුනු එකට අපි ඇත්තටම සතුටු වෙන්න ඕනි.
මේ Season 2 අවසානය සිද්ධ වෙනකොට Gege Akutami විසින් Jujutsu Kaisen Manga එකේ අවසානය මේ 2024 අවුරුද්දෙදි සිද්ධ වෙනව කියල සඳහන් කරල තියෙනවා. ඒ වගේම Mappa එක අරන් එන, Shounen Dark Trio එකේ ඉතිරි ඇනිමෙ දෙක වෙන ජනප්‍රිය Chainsaw Man හි sequel චිත්‍රපටයක් සහ Hell’s Paradise හි Season 2 මේ වෙද්දි නිළ වශයෙන් නිවේදනය කරලයි තියෙන්නෙ. ඒ වගේම තවත් ඇනිමෙ කිහිපයකම වැඩ කටයුතු Mappa Studio ව කරගෙන යනවා. ඒ වගේ පසුබිමක Jujutsu Kaisen Season 3 අඩුම තරමින් තවත් අවුරුදු 2 කට මෙහායින් නම් එන්නෙ නැති වේවි කියලයි මගේ පෞද්ගලික නිගමනය වෙන්නේ. එහෙම වෙන එක මීළඟ Season 3 එකට ඇත්තටම හොඳයි, මොකද Season 3 එක කියන්නෙ මේ Season 2 එකටත් වඩා ලොකු සටන් වලින් පිරුනු එකක්. ඉතින් ඒකට Mappa ලගෙ Top Tier Animation තියෙන්නම ඕනි. ඒ නිසා Mappa ලා කලට වේලාවට හරි තීරණ ගනිවී කියල අපි බලාපොරොත්තු වෙමු.
අවසාන වශයෙන් එහෙනම් අපි බලාපොරොත්තුවෙන් ඉමු Jujutsu Kaisen Season 3 නිකුත් වෙන දවසක් එනකල්. Season 2 හි හැම කොටසකම සිංහල උපසිරැසි ඒ ඒ කොටස නිකුත් වෙලා දවස් තුනක් ඇතුළත් මං කොහොමහරි අරන් ආවා. ඒ ඒ කොටස් වලට අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි. අවුරුද්දෙ අගම දවස් කිහිපය අල්ලලා නිකුත් වුනු නිසාම වගේම අවුරුද්දෙ අගම දවස් කියන්නෙ කාර්යබහුලම දවස් කිහිපය නිසාත්, මේ කොටස විතරයි ටිකක් ප්‍රමාද වුනේ. ඉතින් වෙනදා වගේම Jujutsu Kaisen සිංහල උපසිරැසි ගැන ඔයාගෙ අදහස පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. Jujutsu Kaisen Season 3 නිකුත් වෙන දවසක ඒ උපසිරැසි ටිකත් අරන් එන බලාපොරොත්තුවෙන් මං දැනට සමුගන්නම්. අලුත් කතාවකින් අපි හමුවෙනකල් එතෙක් හැමෝටම ජය වේවා, Happy Anime!✌️

~ You are My Special, We are Special ~
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Shibuya Incident
Episode Name : Shibuya Incident – Gate, Close
Air Date : 2023.12.28
Runtime : 24 min.
IMDB Rating : 8.8
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,639 downloadsDownload Jujutsu-Kaisen-S02-E23-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen [S02 : E23] Sinhala Subtitles
- #Jujutsu Kaisen S02 Sinhala sub
- #Jujutsu Kaisen Season 2 Sinhala subtitles
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
17 comments
Thilina
ලංකන් weebs
Thank you.❤️
Anonymous
Thanks sagoo
Kavindu
සුපිරි bro
ලංකන් weebs
Thank you.❤️
ලංකන් weebs
Thank you.❤️
Dilshan buddika
සුපිරි ❤️
ලංකන් weebs
ස්තූතියි. හැම එපියකටම comment කරල තිබුනා.❤️
Tharindu
Thanks digatama sub dunnata. Tokyo revengers session 2 ,3 sub denna ko.
Anonymous
පට්ටෙටම කරල තියෙ
Chamith
පට්ටෙටම කරල තියෙ
ලංකන් weebs
ස්තූතියි.❤️
Akila Dilhara
Thanks Brother...❤❤❤
ලංකන් weebs
Thank you❤️
nami
thanks. Swords Art Online ekatath sub one bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sayuru
godak sthuthi upasirasi walata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Jujutsu Kaisen [S02 : E23] Sinhala Subtitles | ලෝකාවසානයේ ආරම්භය! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/en.m.wikipedia.org-›-wiki_Jujutsu-Kaisen-season-2.jpg)




Thanks sub ekata weeb