Kaafir S01 Sinhala Subtitles සුබ දවසක් වේවා හිතවතුනි. ඔයාලට මතකනේ පහුගිය කොටසේ සිද්ධ වෙච්ච දේවල්. කයිනාස්ගේ ජීවිතේ වටා ගෙතුණු අභිරහස් සහ ඇගේ කතාව ටිකෙන් ටික එළියට එන්න පටන් ගත්තා දකින්න පුළුවන් වුණා. තමන්ගේ අතීතය ගැන ගොඩක් දේවල් හංගගෙන හිටිය කයිනාස්ට තමන්ගේ ලෝයර් එක්ක තවත් දුරට රහස් හංගගෙන ඉන්න බැර…

Kaafir S01 Sinhala Subtitles
සුබ දවසක් වේවා හිතවතුනි. ඔයාලට මතකනේ පහුගිය කොටසේ සිද්ධ වෙච්ච දේවල්. කයිනාස්ගේ ජීවිතේ වටා ගෙතුණු අභිරහස් සහ ඇගේ කතාව ටිකෙන් ටික එළියට එන්න පටන් ගත්තා දකින්න පුළුවන් වුණා. තමන්ගේ අතීතය ගැන ගොඩක් දේවල් හංගගෙන හිටිය කයිනාස්ට තමන්ගේ ලෝයර් එක්ක තවත් දුරට රහස් හංගගෙන ඉන්න බැරි වෙන තැනටම දැන් කතාව ඇවිත් තියෙන්නේ. පහුගිය කොටස් පුරාවටම අපි දැක්කේ ඇය කොහොමද මේ හිරගෙදර ඇතුළේ ජීවිතේ ගැටගහගන්න උත්සාහ කරන්නේ කියලා වගේම ඇගේ අතීතයේ කටුක මතකයන් ඇයව කොහොමද පස්සෙන් පන්නන්නේ කියන එකයි.
අද අරගෙන ආවේ මේ කතා මාලාවේ පළවෙනි සීසන් එකේ හතරවෙනි කොටසයි. අද කොටස නම් ගොඩක්ම කුතුහලය පිරුණු එකක් කිව්වොත් නිවැරදියි. “ලෝයර් කෙනෙකුගෙයි ක්ලයන්ට් කෙනෙකුගෙයි අතරේ රහස් තියෙන්න බෑ” කියලා වේදාන්ත් අද කයිනාස්ට තදින්ම බල කරනවා තමන්ට ඇත්ත කියන්න කියලා. නඩුව දිනලා තමන්ගේ දුවත් එක්ක ආපහු ගෙදර යන්න නම් ඇයට හැමදේම එළි කරන්නම වෙනවා. මේ අතරේ හිරගෙදර ඉන්න රාකියාට හදිසියේම හාට් ඇටෑක් එකක් හැදෙනවා. ඒ වගේම අවුරුදු දහයේදී තමන්ගේම අම්මට වද දුන්නු තාත්තව මරපු අතීතයක් තියෙන කෙනෙක් ගැනත් අද කතාවෙන් හෙළි වෙනවා. කයිනාස් පාකිස්ථානයේ ඉන්න තමන්ගේ පවුලේ අයට යවන ලියුම් වලට උත්තරයක් ලැබෙයිද? ඇය සම්පූර්ණ ඇත්ත ලෝයර්ට කියයිද? එහෙමත් නැත්නම් කයිනාස්ට සදහටම හිරගෙදර බිත්ති හතරට කොටු වෙලා මැරෙන්න වෙයිද? මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර අද කොටසින් බලාගන්න පුළුවන්.
එහෙනම් තවත් පරක්කු නොකර මේ කුතුහලය පිරුණු කොටසත් අරගෙන බලන්න කියලා මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන්ම මේ වගේ තවත් සුපිරි උපසිරැසි අරගෙන එන්න අපි සූදානම්. කතාව බලලා ඔයාලගේ අදහස් පහළින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ කොටසින් ආයෙත් මුණගැහෙමු.
ඔබ සැමට කඳසුරිදු පිහිටයි.
Kaafir S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
326 downloadsDownload Kaafir-S01E04.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kaafir S01 Sinhala Subtitles
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ස්තූථියි තරිදු අයියේ උපසිරැසියට