Watch Trailer

Kaafir [S01: E03] Sinhala Subtitles | දේශසීමා ඉක්මවූ මනුෂ්‍යත්වය… [සිංහල උපසිරසි]

Kaafir S01 Sinhala Subtitles ආයුබෝවන් යාලුවනේ! ඔන්න ඉතින් අදත් මම ආවේ Kaafir (2025) කතාමාලාවේ තුන්වෙනි කොටසක් අරගෙනයි. ඔයාලට මතකනේ පහුගිය කොටසේ වෙච්ච දේවල්. කයිනාස් කියන අහිංසක කාන්තාවට සිද්ධ වෙලා තියෙන අසාධාරණය ගැන වේදාන්ත්ට දැනගන්න ලැබුණා විතරක් නෙවෙයි, මේ අහිංසක අම්මයි දුවයි විඳින දුක අපේ ඇස් වල…

Kaafir S01 Sinhala Subtitles

ආයුබෝවන් යාලුවනේ! ඔන්න ඉතින් අදත් මම ආවේ Kaafir (2025) කතාමාලාවේ තුන්වෙනි කොටසක් අරගෙනයි. ඔයාලට මතකනේ පහුගිය කොටසේ වෙච්ච දේවල්. කයිනාස් කියන අහිංසක කාන්තාවට සිද්ධ වෙලා තියෙන අසාධාරණය ගැන වේදාන්ත්ට දැනගන්න ලැබුණා විතරක් නෙවෙයි, මේ අහිංසක අම්මයි දුවයි විඳින දුක අපේ ඇස් වලටත් කඳුළු ගෙනාවා. මේ වෙනකොටත් කයිනාස්ට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා වගේම, මේ කතාව ඇතුලේ හැංගිලා තියෙන ඇත්ත කතාව ටිකෙන් ටික එළියට එන්නයි පටන් ගත්තේ. ඉතින් අද අපි බලමු මේ කතාවේ තුන්වෙනි කොටසින් මොකද වෙන්නේ කියලා.

මේ කතාවේ ප්‍රධාන චරිත විදිහට වේදාන්ත් රතෝඩ් සහ කයිනාස් අක්තාර් අපිට මුණගැහෙනවා. ඒ වගේම හිරගෙදර ඉපදිලා හිරගෙදරම හැදෙන පොඩි කෙල්ල සෙහර්ගේ චරිතයත් මේ කතාවට ගොඩක් සංවේදී බවක් එකතු කරනවා. කලින් කොටස් දෙකේ වගේම මේ නළු නිළියන්ගේ රංගනය නම් උපරිම තාත්විකයි, ඒ නිසා කතාවේ කිසිම කම්මැලිකමක් නැතුව දිගටම බලන්න පුළුවන්.

අද කොටස නම් හරිම උද්වේගකරයි. තමන්ගේ රස්සාවෙනුත් අයින් වෙලා වේදාන්ත් තීරණය කරනවා කයිනාස් වෙනුවෙන් නීතිඥයෙක් විදිහට පෙනී ඉඳලා මේ නඩුවට කතා කරන්න. කයිනාස් කොහොමද ඉන්දියාවට ආවේ, ඇයි එයා ගඟට පැන්නේ කියන ඇත්තම කතාව අද එයා වේදාන්ත්ට කියනවා. මාස පහළොවකට විතරක් හිරේට නියම වෙච්ච කයිනාස්, කිසිම වැරැද්දක් නැතුව අවුරුදු හතක් තිස්සේ හිරේ දුක් විඳින්නේ ඇයි? එයාගේ දුව සෙහර්ගේ අනාගතයට මොකද වෙන්නේ? උසාවියේදී මේ අහිංසක අම්මවයි දුවවයි බේරගන්න වේදාන්ත්ට පුළුවන් වෙයිද? මේ හැම ප්‍රශ්නෙකටම උත්තර අද මේ තුන්වෙනි කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්.

එහෙනම් වැඩි කතා ඕනේ නැහැ, ඉක්මනටම ගිහින් අද කොටසත් බාගෙනම බලන්නකෝ. කතාව එන්න එන්නම රසවත් වෙනවා වගේම කුතුහලයත් උපරිමයි. ඊළඟ කොටසත්  අරගෙන එනකම් ඔයාලා හැමෝටම ජය වේවා! බයිස්කෝප් වෙබ් අඩවිය එක්කම දිගටම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා.

ඔබ සැමට කඳසුරිදු පිහිටයි.

Kaafir S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

175 downloadsDownload Kaafir-S01E03.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kaafir S01 Sinhala Subtitles

Next BT1All BT1

Next BT1

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

175 downloadsDownload Subtitles17 KB

1 comment

  1. Buddhika laKMal

    සබ්එකට ස්තූතියි තරිදු අයියේ