Kaafir S01 Sinhala Subtitles ඔයාලට මතකනේ පහුගිය කොටසේදී මොකද වුණේ කියලා. අවුරුදු ගාණකට පස්සේ කයිනාස් අක්තාර්ට හිරෙන් නිදහස් වෙන්න අවස්ථාව ලැබුණත්, ඇයගේ දුව සෙහෙර්ට පාකිස්තානයට යන්න අවසර ලැබෙන එක ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද සෙහෙර් ඉපදුණේ ඉන්දියාවේ හිරගෙදරක නිසා ඇය ඉන්දියානු පුරවැසියෙක් විදිහටයි නීතිය…

Kaafir S01 Sinhala Subtitles
ඔයාලට මතකනේ පහුගිය කොටසේදී මොකද වුණේ කියලා. අවුරුදු ගාණකට පස්සේ කයිනාස් අක්තාර්ට හිරෙන් නිදහස් වෙන්න අවස්ථාව ලැබුණත්, ඇයගේ දුව සෙහෙර්ට පාකිස්තානයට යන්න අවසර ලැබෙන එක ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද සෙහෙර් ඉපදුණේ ඉන්දියාවේ හිරගෙදරක නිසා ඇය ඉන්දියානු පුරවැසියෙක් විදිහටයි නීතියෙන් සැලකුණේ. මේ නිසා කයිනාස්ට තවදුරටත් ඉන්දියාවේ රැඳෙන්න බැරි වුණා වගේම පාකිස්තානය සහර්ව භාරගන්න කැමති වුණෙත් නැහැ. මේ අසාධාරණය වෙනුවෙන් නීතීඥ වේදාන්ත් නොනවතින සටනක් අරගෙන ගියා. තමන්ගේම රටින් පවා ප්‍රතික්ෂේප වුණු මේ අහිංසක මවටයි දුවටයි තමන්ගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළන්න කොතැනින් ඉඩක් ලැබෙයිද කියන එකයි අපිට පහුගිය කොටස අවසානයේදී ඉතුරු වුණ ලොකුම ප්‍රශ්නය.
මේ කතාවේ ප්‍රධාන චරිත විදිහට කයිනාස් අක්තාර්ගේ චරිතයට පණ පොවන්නේ දියා මිර්සා (Dia Mirza). ඒ වගේම කයිනාස් වෙනුවෙන් පෙනී ඉන්න දක්ෂ වගේම මානුෂීය නීතීඥ වේදාන්ත්ගේ චරිතයට මෝහිත් රයිනා (Mohit Raina) රංගනයෙන් දායක වෙනවා. මේ දෙන්නගේ හැඟීම්බර රංගනය මේ කතාමාලාව පුරාවටම ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගන්න සමත් වෙලා තියෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
අද අරගෙන ආවේ Kaafir කතාමාලාවේ අවසාන කොටස, එහෙමත් නැත්නම් අටවෙනි කොටස. මේ කොටසින් කතාවේ ලොකු පෙරළියක් වගේම හැඟීම්බර අවස්ථාවන් රැසක් බලාගන්න පුළුවන්. කයිනාස් සහ වේදාන්ත් කාශ්මීරය බලා යන අතරතුරේදී සිදුවෙන බස් රථ පිපිරීමක් නිසා සියල්ල කණපිට පෙරළෙනවා. මේ පිපිරීමෙන් එයාලා දන්න කියන කෙනෙක් වෙන සූරි මාමත් මියයනවා. මේ සිදුවීමත් එක්ක දැඩි කෝපයට පත්වෙන මිනිස්සු කයිනාස්ට ත්‍රස්තවාදියෙක් කියලා චෝදනා කරලා, ඇය සහ දුව ඉන්න ගෙදරට ගිනි තියලා එයාලව මරන්න හදනවා. ඒ කුපිත වුණු මිනිස්සුන්ගෙන් මේ අහිංසක අම්මවයි දුවවයි බේරගන්න වේදාන්ත්ට පුළුවන් වෙයිද? කයිනාස් තමන්ගේ අයිතිය වෙනුවෙන් මොන වගේ තීරණයක් ගනියිද? ඇයට අවසානයේදී තමන්ගේ දරුවත් එක්ක නිදහසේ ජීවත් වෙන්න ලැබෙයිද?
එහෙනම් මේ ප්‍රශ්න සේරටම උත්තර දැනගන්න නම් අනිවාර්යයෙන්ම මේ කතාමාලාවේ අවසාන කොටස නරඹන්නම වෙනවා. මුල ඉඳන්ම අපිත් එක්ක එකතු වෙලා මේ ලස්සන කතාව බලපු හැමෝටම ගොඩක් ස්තූතියි. මේ කොටසින් කතාවේ අතිශය හැඟීම්බර වගේම සාධාරණත්වය වෙනුවෙන් කෙරෙන අරගලයේ අවසානයක් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් මේ උපසිරැසියත් අරගෙන කතාව බලන්න කියලා මම ආදරයෙන් ආරාධනා කරනවා. තවත් මේ වගේම ලස්සන කතාවකින් සහ උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු.
ඔබ සැමට කඳසුරිදු පිහිටයි.
Kaafir S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
160 downloadsDownload Kaafir-S01E08.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kaafir S01 Sinhala Subtitles
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


මේ සීරිස්එකට කම්ප්ලීට්ම සබ් දුන්නට ස්තූථියි තරිදු අයියේ