86 S01 Sinhala Subtitles ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් තමයි 86 – Eighty Six කියන්නෙ. මේක මේ කියනවත් වගේ විශිෂ්ට කතාවක් වෙන්නේ කතාවේ රූපය, ශබ්දය විතරක් හොඳ නිසාම නෙවෙයි…

86 S01 Sinhala Subtitles

ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් තමයි 86 – Eighty Six කියන්නෙ. මේක මේ කියනවත් වගේ විශිෂ්ට කතාවක් වෙන්නේ කතාවේ රූපය, ශබ්දය විතරක් හොඳ නිසාම නෙවෙයි, ඒ මේ කතාවෙන් ගෙන එන ඛේදාන්තජනක කතාව නිසාවෙනුයි. ඉතින් ඒ කතාව මොකක්ද කියලා දැනගන්න අපි 14 සහ 15 කොටස් වලට යමු.

නිදහස හොයාගෙන සන් මැග්නෝලියා දේශයෙන් එළියට ආපු ශින් ඇතුළු පිරිස අවදි වුනේ ගියඩ් අධිරාජ්‍යයේ විශේෂ රෝහලක. ගියඩ් වලදී හොයාගෙන තිබුනු ශින් ඇතුළු පිරිසට හැම ආගන්තුක සත්කාරයක්ම නොඅඩුව ලැබෙන්න පටන් ගත්තු එක හැමෝටම පුදුමයක්. මොකද කලින් අහන්න ලැබුනු ගියඩ් අධිරාජ්‍යයේ නෙමෙයි දැන් තියෙන්නෙ. පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. හැබැයි යුද්ධය නම් වෙනස් වෙලා නෑ. ශින් ඇතුළු හැමෝටම කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් පවා ලැබිලා නිදහස විඳින්න අවස්ථාව ලැබුනා.

හැමෝම දැන් එක එක තැන් වල එක එක දේවල් කරන ගමන්. පස් දෙනාම එකට දකින්න ලැබෙන්නෙ නෑ. කුරෙනාට මේ දේවල් ඇති වෙනවා. නිකන් ගැලපෙන්නේ නෑ වගේ දෙයක් හිතෙනවා. ඉතින් කුරෙනා හැමෝටම යෝජනා කරනවා ආයෙත් යුධ බිමට යන්න. ඒත් මෙයාලගේ භාරකරුවා වෙන අර්න්ස්ට් මෙයාලට කොන්දේසියක් නියම කරනවා. ඒ තමයි හමුදා පාසලේ පුහුණු වෙලා නිළධාරීන් වෙන්න ඕනියි කියන එක. ඉතින් ඒ පුහුණුවට හැමෝම කැමති වෙයිද? පුහුණුව සාර්ථක වේවිද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙකත්.

කතාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ 86 Eighty Six (2021) (Season 1 + Specials) [1080p Dual Audio HEVC 10 bits DDP] (Batch) නම් ටොරන්ට් පිටපතට ගැලපෙන විදිහටයි. දන්නවනේ ඉතින් වෙනදා වගේම ජපන් බසට ගැලපෙන්න තමයි මේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ. කතාව ගැන ඔයාගෙ අදහසත් පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

118 downloadsDownload 86-Eighty-Six-S01-E14-E15-Sinhala-Subtitles.zip27 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1Next BT1

 

86 S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

118 downloadsDownload Subtitles27 KB

0 comments

No comments yet.