Watch Trailer

Kaiju No. 8 [S02 : E10] Sinhala Subtitles | ව්‍යසනයක ආරම්භයද? [සිංහල උපසිරසි]

Kaiju No. 8 [S02 : E08] Sinhala Subtitles එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 10 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි Season 2 හි අවසානයට ළං වෙලයි ඉන්නෙ. මීළඟ කොටසින්, එහෙමත් නැතිනම් 11 වන කොටසින් Kaiju No.8 Season…

Kaiju No. 8 Sinhala Subtitles

එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 10 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි Season 2 හි අවසානයට ළං වෙලයි ඉන්නෙ. මීළඟ කොටසින්, එහෙමත් නැතිනම් 11 වන කොටසින් Kaiju No.8 Season 2 අවසන් වෙනවා. කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 එකේ දකින්න ලැබුනේ නැති බව මෙතෙක් කතාව නරඹපු ඔයාට දකින්න ලැබෙන්න ඇති. මේ වතාවෙත් සුපුරුදු විදිහටම උපසිරැසිය අරන් එන්න කාර්යබහුලත්වය හරස් උනා. එහෙනම් මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම කෙටියෙන් මතක් කර ගනිමු.

ආරක්ෂක බලකායේ අලුත් පරම්පරාවේ දක්ෂතා හමුවේ ඒ හුඟ දෙනෙක්ට මැරුනු ඩයිකයිජුලා ඇසුරෙන් නිපදවපු ආයුධ සහ ඇඳුම් ලැබෙනවා. ඒ වගේම එක් එක් හමුදාංශ වල සෙබළු කණ්ඩායම් වෙලා පෙර නොවූ විරූ විදිහට සටන් පුහුණුවීම් වල නිරත වෙනවා. ඉදිරියේදී පැමිනීමට නියමිත යැයි හැමෝම උපකල්පනය කරන, කයිජු අංක 9 අරන් එන යුද්ධයට සූදානම් වීම වෙනුවෙන් තමයි මේ හැමදෙයක්ම සැලසුම් කරන්නෙ.

ඒ දේවල් සිද්ධ වෙන අතරේ මුළු රට පුරාම එක පාරටම කයිජුලා අහසින් පොලොවෙන් වතුරෙන් වගේ හැමතැනින්ම මතු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක මුළු රටටම හදිසි තත්වයක් බවට පත් වෙනවා. තිබුනු නිශ්ශබ්දතාවය බිඳිලා වෙන්න යන්නෙ මොකක්ද? කයිජු අංක 8 හෙවත් හිබිනෝ කෆ්කා ඇතුළු ආරක්ෂක බලකාය මීළගට මොකක් කරාවිද? මතකයිනෙ අපි Season 2 වල අවසානයට ළං වෙලයි ඉන්නෙ. ඉතින් ලොකු දෙයක් අත ළඟම තියේවි. නරඹන්න මේ කොටස. රූප රටා වලටම අනූන නාද රටා සමඟින් මේ කතාව ඔබට උපරිම විනෝදාස්වාදයක් ලබා දෙන්නක් වේවි. එහෙනම් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : Cataclysms
Released Date : 2025.09.20
IMDB Rating : 8.2

 

Kaiju No. 8, Kaiju No. 8 [ Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,548 downloadsDownload Kaiju.No_.8.S02E10.zip17 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,548 downloadsDownload Subtitles17 KB

1 comment

  1. Akila Dilhara

    Thanks for Sub...❤️