Watch Trailer

Kaiju No. 8 [S02 : E11] Sinhala Subtitles | ඩයිකයිජු ආක්‍රමණය [සිංහල උපසිරසි]

Kaiju No. 8 [S02 : E11] Sinhala Subtitles එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 11 වන කොටස හෙවත් අවසාන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි Season 2 හි අවසානයට ඇවිල්ලයි ඉන්නෙ. කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 […]

Kaiju No. 8 Sinhala Subtitles

එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 11 වන කොටස හෙවත් අවසාන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි Season 2 හි අවසානයට ඇවිල්ලයි ඉන්නෙ. කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 එකේ දකින්න ලැබුනේ නැති බව මෙතෙක් කතාව නරඹපු ඔයාට දකින්න ලැබෙන්න ඇති. මේ වතාවෙ නම් උපසිරැසිය පැය කිහිපයක් ඇතුළත අරන් එන්න මට පුලුවන් උනා. මේක Season 2 අන්තිම කොටස නිසා කොහොමත් ඉක්මනින්ම බලන්න කවුරුත් බලන් ඉන්නවනෙ. එහෙනම් මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම කෙටියෙන් මතක් කර ගනිමු.

මුළු රට පුරාම එක පාරම මතු වුනු විවිධාකාර කයිජුලා නිසා හදිසි තත්වයක් ඇති උනා. ඒ වගේම මෙතෙක් පැවති නිශ්ශබ්දතාවයේ ප්‍රතිඵලය වෙන කයිජු අංක 9 අරන් එන සටන මේකයි කියල ආරක්ෂක බලකා නායකයින් නිගමනය කරනවා. ජනතාව ආරක්ෂිතව ඉවත් කිරීම් සහ ප්‍රහාරයන් සැලසුම් කිරීම් ඉක්මනින් සිද්ධ වෙනවා. මේ වෙනකල් පුහුණු වුනු දේවල් සහ ලැබුනු කයිජු අංකිත ඇඳුම්වල ප්‍රයෝජන ගන්න හැමෝටම අවස්ථාව උදා උනා.

ඉතින් මේ සටන කොහොම වේවිද? මේක දැවැන්ත යුද්ධයක් වේවිද? ආරක්ෂක බලකාය මේකට මුහුණ දෙන්නෙ කොහොමද? මේ වෙනකල් නිහඬව හිටපු හිබිනෝ කෆ්කා හෙවත් කයිජු අංක 8 දැන් කරන්නෙ මොකක්ද? නරඹන්න එහෙනම් මේ Kaiju No.8 Season 2 වල අවසානය. මේ අවසාන කොටස අවසාන වෙන්නෙත් හොඳම තැනකින් කියල නම් කියන්න පුලුවන්. ඒක ඒ විදිහට ඉවර උනත් Kaiju Season 3 ගැන කිසිම පුවතක් මේ උපසිරැසිය නිකුත් කරන මොහොත වෙද්දි නම් ඇවිත් නෑ. එහෙනම් ඒ Hype එකත් ඒ විදිහටම ඉතුරු කරගෙන, Season 3 එන කාලයක අපි ආයෙත් Kaiju No.8 තුළින් හමුවෙමු. එතෙක් හැමෝටම Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : Second Wave
Released Date : 2025.09.27

 

 

Kaiju No. 8, Kaiju No. 8 [ Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,476 downloadsDownload Kaiju.No_.8.S02E11.zip13 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

All BT1

Next BT1

Subtitles

1,476 downloadsDownload Subtitles13 KB

2 comments

  1. Akila Dilhara

    Thanks for Sub...❤️

  2. Anonymous

    Thanks mchn