එහෙනම් සනී ලියෝන්ගෙ ජිවිත කතාවට අදාළව නිර්මාණය වූ රූපවාහිනී කතා මාලාවේ අවසන් කොටස් දෙක තමයි ඔයාලට මං අරන් එන්නේ. කතා මාලා තුනක, සිංහල පරිවර්තනය මේ දක්වා ඔයාලට ලබා දුන්න ලහිරු සහ පසිඳු සහෝදරයන් දෙන්නව මං මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඉතින් විශ්වාස කරනවා මේ දක්වා සියලු කොටස් ඔයාල නරඹලා ඇති කියලා. ඒ විශ්වා…

එහෙනම් සනී ලියෝන්ගෙ ජිවිත කතාවට අදාළව නිර්මාණය වූ රූපවාහිනී කතා මාලාවේ අවසන් කොටස් දෙක තමයි ඔයාලට මං අරන් එන්නේ. කතා මාලා තුනක, සිංහල පරිවර්තනය මේ දක්වා ඔයාලට ලබා දුන්න ලහිරු සහ පසිඳු සහෝදරයන් දෙන්නව මං මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඉතින් විශ්වාස කරනවා මේ දක්වා සියලු කොටස් ඔයාල නරඹලා ඇති කියලා. ඒ විශ්වාසය උඩ මං අතීත ආවර්ජනයක් නොකර ඉන්න තීරණය කලා.
තුන් වන ඒ කියන්නේ අවසන් කතා මාලාවේ අවසන් කොටස් දෙක (තුන්වන සහ හතරවන කොටස) බොහොම සරලව ගලා ගෙන යන කොටස් දෙකක්. තුන් වන කොටසේදී ඔයාලට බලාගන්න පුළුවන් සනී අලුත්ම වැඩකට අත ගහන හැටි. විවිඩ් නිල් චිත්‍රපට සමාගමත් එක්ක තිබුණු රඟ පෑමට අදාළ කොන්ත්‍රාත්තුව අවසන් වීමත් එක්ක සනී එයා යාලු වෙලා ඉන්න ඩැනියෙල් එක්ක නිල් චිත්‍රපට නිෂ්පාදනයකට මුල පුරනවා. ඒ “සන් ලස්ට් පික්චර්ස්” යන නමින්. ඒ දෙන්න කතා වෙනවා එයාලගෙ නිල් චිත්‍රපට වලට ඒ දෙන්නම රංගනයෙන් දායක වෙන්න. ඒකට යන වියදම්, බෙදාහැරීම් ගණුදෙනු වගේ දේවල් සියල්ල සැලසුම් වෙන්නේ ඩැනියෙල්ගෙ උනන්දුව සහ උත්සාහය උඩයි. හැබැයි ඔයාලාට එයාලා රඟ පාන හැටි නම් ලොකුවට බලා ගන්න වෙන්නෙ නෑ. ඒකට ඉතින් ඕන තරම් ලින්කු තියෙනවානෙ නේද?
එතකොට අවසන් කොටස බොහොම සංවේදී එකක්. සනීගෙ තාත්තා, ඒ කියන්නේ ජස්පාල් සිං වොහ්රා පිළිකාවක් නිසා ජිවිතයෙන් සමු ගන්නවා. ඒ එක්කම සනීට ලොකු වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව යටපත් කර ගත්ත සනී, තමන්ගේ පෙම්වතා ඩැනියෙල් එක්ක ඉන්දියානු ක්‍රමයට ලස්සනම ලස්සන විවාහයක් ගන්න හැටි ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්. විවාහයත් සමග බලාපොරොත්තු නොවූ විදිහේ දෙයක් සිද්ධ වෙනවා. ඒ “බිග් බොස්” නමින් හැඳින්වෙන ඉන්දියාවේ සුප්‍රසිද්ධ රියැලිටි වැඩසටහනක පස් වෙනි සීසන් එකට සනීට ආරාධනාවක් ලැබීමයි. මේ ආරාධනාව ඉතා ඉහළ මිලකට බාර ගන්න සනී කැමති වෙනවා. නිල් චිත්‍රපට නිළියක් වූ සනී තමන්ගේ මවු රට වන ඉන්දියාවට ආපහු පැමිණීම ලොකු අභියෝගයක් වගේම කඩයිමක් විදිහටයි දකින්නේ. තමන්ගේ දෙමව්පියන්ගෙ නමට වටිනාකමක් දෙන්න හිතාගෙන සනී ඇමෙරිකාවේ ඉඳන් ඉන්දියාවට එන අවස්ථාවේ හිතාගන්න බැරි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් එයාට ලැබෙනවා. ඒක හිතුවට වඩා සෑහෙන්න සුබදායී දෙයක්. ඉතින් ඔන්න ඔහොම තමයි මේ කතා මාලාවේ අවසානය ලියැවෙන්නේ.
නිල් චිත්‍රපට රංගනයට තිත තිබ්බ සනී ලියෝන් මේ වෙනකොට සරාගී නමුත් අසභ්‍ය නොවූ ඉන්දියානු චිත්‍රපට ගණනාවක රඟපාලා තියෙනවා. Jism 2 (2012), Ragini MMS 2 (2014), Beiimaan Love (2016), සහ Raees (2017) ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේම සනී මේ වෙනකොට ළමයි 3 දෙනෙක්ගෙ අම්මා කෙනෙක්. කාමය ජීවිතය කරගත් සනී ලියෝන් මේ වෙද්දී සාමාන්‍ය ගැහැණියකට කිට්ටු ජීවිතයක් ගත කරනවා. ඒ ගැන හිතේ පුංචි දුකකුත් තියෙනවා. ලොල්.
තවත් අලුත් උපසිරැසියක් සමගින් නැවත හමුවෙමු.
ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,603 downloadsDownload Karenjit-Kaur-The-Untold-Story-of-Sunny-Leone-S03-E03-E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
6 comments
sachintha
Pasindu Madumal
සබට තුති සහෝ ❤️
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Suranjan
Thanks jayawewa....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks .............good luck ...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Karenjit Kaur – The Untold Story of Sunny Leone [S03 : E03 & E04] Sinhala Subtitles | ජීවිත පෙරලිය.! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/Karenjit-Kaur-The-Untold-Story-of-Sunny-Leone-S03-Main.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි