Lanterns Sinhala Subtitles හලෝ හැමෝටම මේ ගෙනහල්ලා තියෙනෙ DCU විශ්වයේ දෙවන කතාමාලාව වෙන Lanters කතා මාලාවට සිංහල සබ් එක මේක ගොඩ දෙනෙක් ඉල්ලපු වගේම ගොඩ දෙනෙක් මග බලාගෙන හිටපු කතා මාලාවක් කියලා දන්නවා පොඩ්ඩක් පරක්කු උනාට මේ කතාවත් අපි දිගටම දෙනවා. ඒවගේම ඊලග කතාසමයන් මේවගේ හැකි ඉක්මනින්ම දෙන්නත් බලාපොර…

Lanterns Sinhala Subtitles
හලෝ හැමෝටම මේ ගෙනහල්ලා තියෙනෙ DCU විශ්වයේ දෙවන කතාමාලාව වෙන Lanters කතා මාලාවට සිංහල සබ් එක මේක ගොඩ දෙනෙක් ඉල්ලපු වගේම ගොඩ දෙනෙක් මග බලාගෙන හිටපු කතා මාලාවක් කියලා දන්නවා පොඩ්ඩක් පරක්කු උනාට මේ කතාවත් අපි දිගටම දෙනවා. ඒවගේම ඊලග කතාසමයන් මේවගේ හැකි ඉක්මනින්ම දෙන්නත් බලාපොරොත්තු වෙනවා. Green Lanters ලා කියන්නෙ DC සිනමා විශ්වයේ ගොඩක් වැදගත් වගේම ගොඩක් දෙනෙක් අදුරන සුපර්හීරෝලා
Green Lantern කිව්වම අපිට මතක් වෙන්නෙ 2011 ආපු රෙයි රෙනෝල්ඩ්ස් රඟ දක්වපු චිත්‍රපටය ඒක ඒතරම් සාර්තක උනේ නැති උනත් ඒකෙන් ගොඩ දෙනෙක් ග්‍රීන් ලැන්ටර්ලා කියන්නෙ කවුද කියලා දැනගත්තා. ඊට පස්සෙ ගොඩ කාලෙකට පස්සෙ එන අලුත් DCU සිනමා විශ්වයේ ටීවි සීරීස් එකක් විදිහට ග්‍රීන් ලැන්ටර්න්ස්ලව බලාගන්න පූළුවන් උනා.
මොවුන්ගේ ප්‍රධාන ශක්ති මූලාශ්‍රය වන්නේ Power Ring නම් විශේෂ බල මුදුවයි. මෙම මුදුව ක්‍රියාත්මක වන්නේ පැළඳ සිටින පුද්ගලයාගේ නොසැලෙන මනෝ බලය (Willpower) පදනම් කරගෙනයි. මුදුව හරහා තමන්ගේ සිතේ මවාගන්නා ඕනෑම දෙයක් (ආයුධ, පලිහ, යන්ත්‍ර ආදිය) කොළ පැහැති ශක්ති ආකෘති (Energy Constructs) ලෙස සැබෑ ලෝකයේ නිර්මාණය කිරීමටත්, අභ්‍යවකාශයේ පියාසර කිරීමටත් ඔවුන්ට හැකියාව ලැබේ

ග්‍රීන් ලැන්ටර්න්ලා ගැන පොඩි විස්තරයක් දැම්මොත්,
Hal Jordan හිටපු Air Force පයිලට්වරයෙක් වන Hal Jordan කියන්නේ පෘථිවියෙන් තේරී පත්වුණු පළමු Green Lantern ය. බියෙන් තොරව වැඩ කිරීම (No fear) සහ නොසැලෙන මනෝ බලය නිසා ඔහු මුළු Green Lantern Corps එකේම සිටින බලගතුම සහ වඩාත්ම ජනප්‍රිය සාමාජිකයා ලෙස සැලකේ.

John Stewart හිටපු US Marine සෙබළෙකු මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පියෙකු (Architect) වන John Stewart, ඉතාමත් විනයගරුක සහ සැලසුම් සහගත චරිතයකි. අනෙක් අය මුදුවෙන් හිස් ශක්ති ආකෘති හදද්දී, මොහුගේ නිර්මාණශීලී බව සහ ඉංජිනේරු දැනුම නිසා ඔහු හදන කොළ පැහැති ආයුධ සහ පලිහ ඇතුළතින් පවා ඉතාමත් තාක්ෂණිකව සම්පූර්ණයි.

Guy Gardner ඉතාමත් තද, කටකාර සහ නිතරම රණ්ඩුවට බර පෞරුෂයක් ඇති චරිතයකි. ඒත් ඒ රළු බව පිටුපස විශාල කැපවීමක් සහ අධික මනෝ බලයක් තියෙන නිසා ඔහු Corps එකේ සිටින සටන්කාමීම Green Lantern කෙනෙක් ලෙස කැපී පෙනේ.

Kyle Rayner කලින් අය හමුදා හෝ පයිලට් පසුබිම්වලින් ආවත්, Kyle කියන්නේ චිත්‍ර ශිල්පියෙකි (Comic book artist). ඔහුගේ තියෙන අසීමිත නිර්මාණශීලී බව නිසා මුදුව භාවිත කරලා ඉතාමත් සංකීර්ණ, කලාත්මක සහ අද්විතීය ශක්ති ආකෘති නිර්මාණය කිරීමට ඔහුට පුළුවන

Lanterns S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
536 downloadsDownload Lanterns-S01E01.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂතිර මයෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Lanterns Season 1 Sinhala Subtitles
Subtitles by
ෂතිර මයෝද්
Subtitles
- #Editor's Pick
- #Lanterns S01 Sinhala Sub
- #Lanterns S01 Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #ෂතිර මයෝද්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
නිශාන් සමීර
Sandaru Nimsara
Thanks
Buddhika laKMal
මේකට සබ් දෙන්න පටං ගත්තට තෑන්ක්ස් මචං
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●