Watch Trailer

Blindspot [S05 : E02] Sinhala Subtitles | සමුළුවේ කලබගෑනිය සහ වයිට්ස්ගේ වික්‍රමය… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු ගණනාවකට පස්සේ තමා ඔයාලත් එක්ක ආයෙත් උපසිරැසියකින් හම්බෙන්නේ. ඒකත් ඔයාලා කාලයක් තිස්සේ ඉල්ලපු ටීවී සීරිස් එකක අවසාන කතා සමයත් එක්ක. ඔව්, දැන් අවුරුදු ගණනක් ගෙවිලා උනත්, ඇඩ්මින් මඩුල්ලෙන් මට අපු ඉල්ලීම අහක දාන්න බැරි නිසත් සහ මේ ටීවී සීරිස් එක බලනකොටම හිතුනා මේකේ අවසන් කතා සමයටත් කොහොමහරි උපස…

අවුරුදු ගණනාවකට පස්සේ තමා ඔයාලත් එක්ක ආයෙත් උපසිරැසියකින් හම්බෙන්නේ. ඒකත් ඔයාලා කාලයක් තිස්සේ ඉල්ලපු ටීවී සීරිස් එකක අවසාන කතා සමයත් එක්ක. ඔව්, දැන් අවුරුදු ගණනක් ගෙවිලා උනත්, ඇඩ්මින් මඩුල්ලෙන් මට අපු ඉල්ලීම අහක දාන්න බැරි නිසත් සහ මේ ටීවී සීරිස් එක බලනකොටම හිතුනා මේකේ අවසන් කතා සමයටත් කොහොමහරි උපසිරැසි ලබා දෙනවා කියලා. ඉතින් මේ අරන් එන්නේ Blindspot TV Series එකේ Season 5 සියළුම කොටස් වල උපසිරැසියි. 

දැන් සැලකිය යුතු කාලයක් ගත වෙලා නිසා මන් ටිකක් මතක් කරලා ඉන්නම් මොකද්ද මේ කතා මාලාවේ උනේ කියලා.

කතාව පටන් ගන්නේ New York නගරයේ Times Square එක මැදින් තියලා තිබ්බ බෑග් එකකින් අමුතුම විදිහට හමුවෙන ජේන් ඩෝ කියන කාන්තාවගෙන්. එයාට තමන් කවුද, කොහෙන්ද ආවේ කියලා කිසිම මතකයක් නැහැ. හැබැයි එයාගේ මුළු ඇඟ පුරාම තියෙන්නේ අමුතු පච්ච. ඒ අතරින් එකක FBI ඒජන්ට් කර්ට් වෙලර්ගේ නමත් තියෙනවා. FBI එක මේ පච්ච එකින් එක විසදන්න ගත්තම තේරෙනවා, ඒ හැම එකක් පිටිපස්සෙම අපරාධයක්, රහසක් නැත්නම් ලොකු කුමත්‍රණයක් තියෙනවා කියලා. Season 1 අවසානයට එද්දී ජේන් සාමාන්‍යයෙන් මේකට අහුවුණු කෙනෙක් නෙවෙයි කියලා හෙළි වෙනවා. එයාගේ මතකය හිතාමතාම මකලා තියෙන්නේ සෑන්ඩ්ස්ටෝම් කියන රහසිගත සංවිධානයේ සැලැස්මක කොටසක් විදිහට. ඒ වගේම මේ මුළු සැලැස්මම සැලසුම් කරගෙන, තමන්ගේ මතකය මකාගෙන තියෙන්නේත් ජේන් ඩෝ විසින්මයි.  Season 2 එකේ ජේන්, FBI එකත් එක්ක එකතු වෙලා සෑන්ඩ්ස්ටෝම්, ඇතුළට රිංගලා ඔවුන්ගේ නායිකාව, ඒ වගේම ජේන්ගේ අම්මා උනු ෂෙපර්ඩ්ගේ සැලැස්ම නවත්වනවා. ඒ වගේම ජේන් සහ වෙලර් අතර තිබුණු බැඳීමත් ආදරයක් දක්වා වර්ධනය වෙලා දෙන්නා විවාහ වෙනවා.

හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. Season 3 දී, ජේන්ගේ ඇඟේ පච්ච අලුත් විදිහකට පේන්න ගන්නවා. මේක පිටිපස්සේ ඉන්නේ ජේන්ගේ සහෝදරයා උනු රෝමන්. ඔහු මේ පච්ච පාවිච්චි කරලා ජේන් සහ FBI ටීම් එක තමන්ට ඕන විදිහට මෙහෙයවනවා. ඒ අතරම මේ සීසන් එකේ ප්‍රධානම හතුරා උනු, ප්‍රබල ව්‍යාපාරිකයෙක් වෙච්ච හැන්ක් ක්‍රෝෆඩ් සහ එයා කරන්න යන විනාශයත්, ජේන් ඇතුළු ටීම් එකට පරාද කරන්න පුලුවන් වෙනවා. කොහොම නමුත් අවසානයේදී ජේන්ට තවත් බරපතළ ප්‍රශ්නයක් එනවා. එයාගේ මතකය මකන්න භාවිතා කරපු ZIP drug එකේ බලපෑම නිසා ජේන්ගේ පරණ personality එක වන රෙමී ආපහු එන්න පටන් ගන්නවා. Season 4 එකේදී රෙමී, ජේන් වගේ රඟපාලා වෙලර් සහ FBI ටීම් එකට හොරෙන් විරුද්ධව වැඩ කරනවා. පස්සේ ජේන් නැවත තමන්ගේ අනනයතාවය ලබාගන්නවා. ඒ වෙද්දී අලුත්ම ප්‍රධාන සතුරා වෙන්නේ මැඩලින් බර්ක්. ඇය ඉතාම සැලසුම් සහගතව FBI ටීම් එක අපරාධකාරයන් වගේ පෙන්වලා එයාලව කොටු කරනවා. අන්තිමේ වෙලර්, ජේන්, පැටසන්, සපාටා සහ රිච් ඇතුළු ටීම් එකට තමන්ගේම රජයෙන් පැනලා යන්න වෙනවා. ඔවුන් අයිස්ලන්ඩ් වල හැංඟිලා ඉද්දී මැඩලින් ඔවුන් ඉන්න තැන හොයාගෙන ඩ්‍රෝන් එකකින් පහර දෙනවා. ටීම් එක ඉන්න සේෆ් හවුස් එක පුපුරලා යන තැනින් Season 4 ඉවර වෙනවා. 

Season 5දී බලාගන්න පුලුවන් ප්‍රහාරයෙන් පස්සේ කණ්ඩායමට මොකද උනේ? කණ්ඩායම බේරුනද? මැඩලින් බර්ක්ව පරාද කරාද සහ අවසානයේ කණ්ඩායමට වගේම ජේන් ඩෝට මොකද වෙන්නේ කියන කාරණා ටික.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

101 downloadsDownload Blindspot-S05E02.zip35 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “A.R” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRTONZE MEMBER
JOINING DATE – 2021-02-15
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

 

Subtitles by

A.R

Subtitles

101 downloadsDownload Subtitles35 KB

1 comment

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං