Last Samurai Standing S01 Sinhala Subtitles “Last Samurai Standing” (AKA Ikusagami) කියන්නේ මේ අවුරුද්දේ නිකුත් වුණු ගොඩක් අය එනකන් මඟ බලාන හිටපු කතා මාලාවක්. මේක එනකම් ගොඩක් අය බලන් ඉන්න හේතුව මේ කතා මාලාව හරියට Squid Game සීරීස් එකෙයි Shogun සීරීස් එකෙයි Hybrid එකක් වගේ වෙන නිසා. කතාවේ පළවෙනි එපි…
Last Samurai Standing S01 Sinhala Subtitles
“Last Samurai Standing” (AKA Ikusagami) කියන්නේ මේ අවුරුද්දේ නිකුත් වුණු ගොඩක් අය එනකන් මඟ බලාන හිටපු කතා මාලාවක්. මේක එනකම් ගොඩක් අය බලන් ඉන්න හේතුව මේ කතා මාලාව හරියට Squid Game සීරීස් එකෙයි Shogun සීරීස් එකෙයි Hybrid එකක් වගේ වෙන නිසා. කතාවේ පළවෙනි එපිසෝඩ් එක පටන් ගත්ත ගමන් ඔයාව කෙලින්ම අරන් යන්නේ ජපානයේ මෙයිජි යුගයට. ඒ කාලේ කියන්නේ හරිම කලබලකාරී, අවුල් වියවුල්වලින් පිරුණු කාලයක්. ඉස්සර හිටපු සුපිරි සමුරායිවරුන් දැන් හොඳටම පිරිහිලා. එයාලගේ අභිමානය, ගෞරවය ඔක්කොම ඉවරයි. අලුත් ලෝකයක් පටන් අරන්, ඒකේ කටුක බවට තමයි මේගොල්ලෝ මූණ දෙන්නේ. කඩු පාවිච්චිය තහනම්. පවුල් පිටින් ලෙඩ වෙලා. ඉස්සර වීරයෝ වගේ හිටපු අය දැන් පාරට වැටිලා, අන්ත අසරණ වෙලා.
හැබැයි ඉතින් මේ අස්සේ, අමුතුම පත්තර කෑල්ලක් මෙයාලා අතට ලැබෙනවා. ඒක බලාපොරොත්තුවක්ද, නැත්නම් ලොකු අනතුරක්ද කියලා හිතාගන්න බෑ. මේක සටන්කරුවන්ට කියෝතෝ නගරයේ තියෙන සටන් තරඟයකට එන්න කියන ආරාධනාවක්. ආවොත් එයාලගේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් යෙන් 100,000ක ලොකු මුදලක් දිනන්න පුළුවන් කියනවා. ඒත් මේකේ කොන්දේසි හරිම අමුතුයි, ඒ වගේම මාර භයානකයි. සල්ලි හම්බවෙන්නේ එක්කෙනෙක්ට විතරයි! ගමන තියෙන්නේ ටෝකියෝවලට. ඉතින් මේ දක්ෂ රණශූරයන්ට සිද්ධ වෙනවා ගමන අතරතුරේදී එකිනෙකා එක්ක සටන් කරන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ, කවුද මේ මර උගුල වගේ තරඟේ සංවිධානය කරන්නේ? මෙයාලා මේ අලුත් කාලෙට හුරු වෙයිද? කවුරු මේ සෙල්ලමෙන් අයින් වෙලා යයිද?
මේ මුළු කතාවේම මැද ඉන්නේ ශුජිරෝ සාගා කියලා චරිතයක්. මෙයා පරාජයේ බරින් මිරිකිලා, තමන්ගේ පවුල බේරගන්න ඕන කියන එකම අරමුණෙන් ඉන්න කෙනෙක්. ඉතින් මෙයාත් මේ රහස් තරඟෙට එකතු වෙනවා. එතන ඉඳන්, මෙයා මෙච්චර කල් විශ්වාස කරපු හැමදේම, ඒකියන්නේ ගෞරවය, ජීවත් වෙනවා කියන්නේ මොකක්ද, කැපකිරීම් කියන්නේ මොනවද කියන හැම දෙයක් ගැනම එයාට ආපහු හිතන්න වෙනවා. ගමන යනකොට හිතාගන්නවත් බැරි යාළුවෝ සෙට් වෙනවා, මේ තරඟේ පිටිපස්සේ ඉන්න අද්භූත කට්ටිය ගැන ටික ටික තොරතුරු එළියට එනවා, ඒවත් හරිම කුතුහලය දනවන ඒවා. හැම හමුවීමක් ගානෙම අවදානම තවත් වැඩි වෙනවා. කාගෙද බොරුව, කාගෙද ඇත්ත? කාවද කියලා විශ්වාස කරන්න පුළුවන්? ජීවත් වෙන්න ඕනම නම්, මේ රණශූරයෝ මොන වගේ දෙයක් කරන්න පෙළඹෙයිද?
මේකේ හැම මොහොතකම හිතාගන්න බැරි දෙයක් වෙනවා. හැම චරිතයක්ම ගන්න තීරණ වලින් මුළු කතාවම උඩු යටිකුරු වෙන්න පුළුවන්. ඒ නිසා මේක ඔයා ඔයාගේ Watchlist එකට දාගන්නම ඕන කතාවක්. පළවෙනි එපිසෝඩ් එකෙන්ම කතාවට ඕන කරන තරඟකාරීත්වය, රහස්, චරිතවල දුක, වේදනාව එක්ක මූලික අඩිතාලම නියමෙටම ගොඩනගනවා. කතාව ඉවර වෙද්දී අපිට, “ඊළඟට මොකද වෙන්නේ? මේ සමුරායිවරු කොච්චර දුරක් යයිද? මේ මර උගුල පිටිපස්සේ තියෙන ඇත්තම රහස මොකක්ද?” කියලා හිතාගන්න බැරි කුතුහලයක් ඉතුරු කරනවා. එහෙනම් සමුරායිවරු සල්ලි වෙනුවෙන්ම ද එකිනෙකා මරාගන්නේ කියලා හරියටම හොයාගන්න, බලාගෙන ඉන්න ආස හිතෙන නියම කඩු සටන් ජවනිකාවලින් පිරුණු මේ කතාව බලන්න හැමෝම එකතුවෙමු. ජය.
Last Samurai Standing Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,041 downloadsDownload Last-Samurai-Standing-S01E01.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් තාරක
Subtitles
4 comments
dilsara
Buddhika laKMal
මේ සීරිස්එකට සිංහල සබ් දෙනවට ස්තූතියි සහෝ
Anonymous
3 ida tama dala tiyenne subtitles
Anonymous
Thanks Bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Last Samurai Standing A.K.A. Ikusagami [S01 : E01] Sinhala Subtitles | තනිකම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/11/Last-Samurai-Standing-1.jpg)


sub eka qualitiyatama hadala thiyenawa....ituru tikath ikmanta oni sahooo.... thanks....