Watch Trailer

One Punch Man AKA Wanpanman [S03: E06] Sinhala Subtitles | දෙකොනින් රැස්වෙන වීරයින්! [සිංහල උපසිරසි]

One Punch Man [ S03: E06] Sinhala Subtitles 2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 6 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. කින්ග් ද රිපර් අතින් මැරෙන්න ගියපු, ගරෝගේ මිතුරු පිරිමි ළමයව බේරගෙන ගරෝ එළි…

One Punch Man [ S03: E06] Sinhala Subtitles

2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 6 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

කින්ග් ද රිපර් අතින් මැරෙන්න ගියපු, ගරෝගේ මිතුරු පිරිමි ළමයව බේරගෙන ගරෝ එළියට යද්දි ඉහළ තර්ජන මට්ටමක රාක්ෂයෙක්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ නිසා අර පිරිමි ළමයට ගරෝ නැතුව තනියම රාක්ෂ තිප්පොලෙන් එළියට පැනගන්න සිද්ධ වෙනවා. රාක්ෂයො කිහිප දෙනෙක් එක්ක සටන් කළායින් පස්සෙ ගරෝට ආයෙත් රාක්ෂ සංගමයේ ගියොරො-ගියොරොව මුණ ගැහෙනවා. කිසිම යටහත් පහත් බවක් පෙන්නන්නෙ නැති ගරෝ, ගියොරො-ගියොරොගෙ වචන හමුවේ රාක්ෂ රජු ඔරොචිගේ මුහුණ ඉස්සරහට වැටෙනවා. ඊට පස්සෙ ගරෝ සහ ඔරොචි අතරෙ ඉතාමත් දරුණු මට්ටමේ සටනක් සිද්ධ වෙන විදිහ දකින්න පුලුවන් උනා. ඒ සටනේ අවසානයක් සිද්ධ නොවී තමයි පහුගිය කොටස අවසන් උනේ.

ඒ සටන රාක්ෂ භවනේ සිද්ධ වෙද්දි, බලවත් වීරයන් මේ රාක්ෂ භවනට ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කරන ගමන් තමයි ඉන්නෙ. S ශ්‍රේණියට පහළ වීරයිනුත් මේ සටනට එකතු කරගන්නවා. ඒ වගේ මේ සටනට එකතු කරනොගන්න තවත් වීරයො පිරිසක් තවත් තැනක එකතු වෙනවා. ඒ කවුද? රාක්ෂ තිප්පොලට ප්‍රහාරය එල්ල වෙන්නෙ කොහොමද? මේ කොටස බලන්නකො මොකද වෙන්නෙ කියලා. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : Motley Heroes
Released Date : 2025.11.16
IMDB Rating : 2.6

 

 

 

One Punch Man,One Punch Man [ S 03: E 05] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

1,322 downloadsDownload One-Punch-Man-S03-E06-sinhala-subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,322 downloadsDownload Subtitles19 KB

1 comment

  1. Akash_Navanjana

    episode 7 sub tikath ikmata danna aiyya ❤❤