Manvat Murders S01 Sinhala Subtitles අද මං ඔයාලට අරගෙන ආවේ Manvat Murders කතා මාලාවේ පස්වැනි කතාංගයයි. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති පොලිසියට කාචු පාකුව අත්අඩංගුවට ගැනීමට හැකි වෙනවා. ඒ වගේම නවාතේ ශංකර් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඔහුගෙන් යම් තොරතුරු ලබාගන්නවා. මේ සොයාගැනීම් ඉදිරි පොලිස් පරීක්ෂණ වලට එ…

Manvat Murders S01 Sinhala Subtitles අද මං ඔයාලට අරගෙන ආවේ Manvat Murders කතා මාලාවේ පස්වැනි කතාංගයයි. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති පොලිසියට කාචු පාකුව අත්අඩංගුවට ගැනීමට හැකි වෙනවා. ඒ වගේම නවාතේ ශංකර් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඔහුගෙන් යම් තොරතුරු ලබාගන්නවා. මේ සොයාගැනීම් ඉදිරි පොලිස් පරීක්ෂණ වලට එයින් කෙබඳු බලපෑමක් කරයිද? අද කොටසේ වෙන දේවල් අපි බලමු.   ep05.jpg අද කතාවට එමු. නවාතේ විසින් ශංකර්ට අරක්කු පොවා ලබාගන්නා ලද තොරතුරු අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි ඒවා බව පවසමින් කුල්කර්ණි නවාතේට දෝෂාරෝපණය කරනවා. කෙසේ වෙතත් කාචු පාකුගෙන් පාපොච්චාරණයක් ලබාගැනීමට දිගටම කුල්කර්ණි උත්සහ කරනවා. මේ අතර කුල්කර්ණි පස්වැනි සහ හයවැනි මිනීමැරුම් ගැන ඒ ස්ථානයන්ට ගොස් විමර්ෂණ සිදු කරනවා. මේ අතර හදිසියේම ධාරියා භුවා නමින් හඳුන්වා ගන්නා තැනැත්තෙක් කුඩා ගැහැණු දරුවෙක් ඝාතනය කිරීමට තැත් කිරීමේදී ඇයගේ මව්පියන් සහ අසල්වැසියන් විසින් බේරාගනු ලබනවා. ධාරියා භුවා නැමැත්තා අටවැනි මිනීමැරුමක් ගැන ඇයට පවසා තිබෙනවා. ඒ වගේම මිනීමැරුම් හතක් තමන් කළ බවත් කියනවා. කවුද මේ ධාරියා භුවා? කුමක්ද මේ අටවැනි මිනීමැරුම? අටවැනි මිනීමැරුමට භාජනය වන්නේ කවුද? මේ අතර කුල්කර්ණිට නැවත මුම්බායි වෙත කැඳවීමක් ලැබෙන්නේ ඇයි? ධාරියා භුවාව කොටු කරගැනීමට පොලිසියට හැකිවනු ඇතිද? කාචු පාකු පාපොච්චාරණය කරයිද? මේ සේරම ගැන අද කොටසින් දැනගනිමු.   මං මෙහි සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ, Manvat.murders.s01e05.the.eighth.murder.720p.SONY.WEB-DL.Hin.DD_5.1.H.264-DownnloadHub [300 MB] පිටපතටයි.  මේක සංවේදී සහ කම්පනය දනවන දර්ශන සහිත බව සිහිකරන්න කැමතියි. මේක මගේ එකසිය තිස් නවවැනි සිංහල උපසිරැසියයි. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

ඔබට තෙරුවන් සරණයි!   Manvat Murders S01 Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

815 downloadsDownload Manvat-Murders-S01E05.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

 

Previous BT1All BT1

Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

815 downloadsDownload Subtitles18 KB

0 comments

No comments yet.