සුබ දවසක් වේවා මාවල් රසිකයින් සියලු දෙනාටම! ඉතින් ඔන්න කට්ටිය ඉල්ලුවා වගේ එපිසෝඩ් එක නිකුත්වෙලා පැය තුනක් යන්නත් කලින්ම ඉක්මනින්ම උපසිරසිය අරගෙන ආවා. මේ තියෙන්නේ සීසන් තුනක් පුරා පළවුණු What If…? කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ අවසන් කතාංගයේ සිංහල උපසිරසි. මේ තමයි තුන්වෙනි සීසන් එකේ වගේම, මුළු What I…

සුබ දවසක් වේවා මාවල් රසිකයින් සියලු දෙනාටම! ඉතින් ඔන්න කට්ටිය ඉල්ලුවා වගේ එපිසෝඩ් එක නිකුත්වෙලා පැය තුනක් යන්නත් කලින්ම ඉක්මනින්ම උපසිරසිය අරගෙන ආවා. මේ තියෙන්නේ සීසන් තුනක් පුරා පළවුණු What If…? කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ අවසන් කතාංගයේ සිංහල උපසිරසි. මේ තමයි තුන්වෙනි සීසන් එකේ වගේම, මුළු What If…? කතා මාලාවෙම අවසන් කතාංගය. ඒ කියන්නේ ආපහු What If…? හතරවෙනි සීසන් එකක් එන්නේ නෑ.
පසුගිය කොටසින්…
කලින් කොටසේ අපට දකින්න හම්බවුණු ප්‍රධානම දෙයක් තමයි වොචර්ගේ සුපුරුදු intro එක වෙනස් වෙලා තිබුණ එක. මේ පාර වොචර් වෙනුවට ඒක කළේ “එමිනන්ස්” කියලා කෙනෙක්. එයා තමයි වොචර්වරුන්ගේ නිකායේ (Order of Watchers) ප්‍රධානියා විදියට වැඩ කරන්නේ. මීට අමතරව අපට “The Incarnate” සහ “The Executioner” නමින් එමිනන්ස් එක්ක ඉන්න වෙන වොචර්ලා දෙන්නෙක් දකින්න ලැබුණා. මෙයාලා comics වලින් ආපු අය නෙමෙයි, What If…? සීරිස් එක වෙනුවෙන්ම නිර්මාණය කරපු අය.
ඉතින් වොචර් තමන්ගේ දිවුරුම කඩලා මල්ටිවර්ස් එකට ඇඟිලි ගහන එක ගැන තරහින් ඉන්න මෙයාලා වොචර්ව හිර කරගන්නවා අපි කලින් එපිසෝඩ්වල දැක්කා. එයාලා අතර ඇතිවුණු අරගලයෙදී පස්වෙනි මානයෙන් කඩන් වැටුණු වීදුරු කෑලි තුනක් හම්බවෙන කැප්ටන් කාටර් (කලින් සීසන්වලින් එයාව මතක ඇති), ස්ටෝර්ම්, කහෝරි (දෙවෙනි සීසන් එකේදී අඳුන්වලා දුන්නේ) සහ බර්ඩි (මේ සීසන් එකේ 4 වෙනි එපිසෝඩ් එකේ දකින්න ලැබුණු ද ඩක් පවුලේ ළමයා) ගෙන් සමන්විත කණ්ඩායම මේක හොයාගන්නවා. ඉතින් මෙයාලා ඉන්ෆිනිටි අල්ට්‍රෝන්ගේ උදව්වත් අරගෙන පස්වෙනි මානය කරා පිටත් වෙනවා වොචර්ව බේරගන්න අරමුණින්.
අද කොටසින්…
අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “What If… What If?” කියලයි. ඉතින් කැප්ටන් කාටර් ඇතුළු කණ්ඩායමට වොචර්ව බේරගෙන එමිනන්ස්, ඉන්කානේට් සහ එක්සිකියුෂනර් යන වොචර්ලා තුන් දෙනාවම පරාද කරන්න පුළුවන් වෙයිද? එයාලා ඒක කරන්නේ කොහොමද? මෙතැන් සිට කොහොමද කතාව ඉදිරියට යන්නේ? එහෙනම් අද එපිසෝඩ් එක බලලම ඒක හොයාගන්නකෝ.
එහෙනම්, What If…? කතා මාලාවට සබ් ගේන එක මෙතනින් නතර වෙනවා. පළවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකට සබ් ගෙනාවේත් මම. එතැන ඉඳන් පළවෙනි සීසන් එකේ ඉතුරු එපිසෝඩ් ටිකට උපසිරසි අපේ අඩවියේ විවිධ සහෝදරවරු ගෙනාවා. එතන ඉඳන් දෙවෙනි සීසන් එක සහ තුන්වෙනි සීසන් එකට සම්පූර්ණයෙන්ම උපසිරසි ගේන එක මං භාරගත්තා (දෙවෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් දෙක ගෙනාවේ අපේ නිර්මාල් අයියා). එහෙනම්, මගේ රාජකාරිය මෙතනින් ඉවරයි. මෙච්චර කල් බලපු වගේම කමෙන්ට් හරහා අදහස් දක්වමින් මාව දිරිමත් කරපු හැමෝටම ස්තුතියි. අලුත් කතාමාලාවක උපසිරසි සමඟින් අපි ආයෙ හමුවෙමු. පීස් ✌️.
P.S.:- ඊළඟට සබ් අරගෙන එන්නේ DC සීරිස් එකකට
What If, What if Season 02, What If Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,566 downloadsDownload What-If-S03-E08-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
What If, What If Season 02, What If Season 02 Sinhala Sub
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
10 comments
Udara Madushanka
Sumith Kumara
ජයවේවා
Kasun
Bro ilagata Creature Commandos ekatai Secret Level ekatai sub dennako ❤️
එල්. සී. දමැල්
සුපිරියට තිබ්බා සබ් ටික නම්.
බොහොම ස්තුතියි සනුප මල්ලි හරිම ඉක්මනින් සබ් ටික කරලා දුන්නට!
ආයෙ හොඳවයින් සබ් ටිකක් බස්සමු සට සට ගාලා. :)
ජය! ✌Heshara
සබ් එකට ගොඩාරියක් ස්තූතී. හරිම ආසාවෙන් බලපු සීරීස් එකක්. ඔයාලගෙ මහන්සිය කැපවීම මේ හැම.දෙයක්ම නිසා අපි නිදහසේ මේවා බලනවා. ඒකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. ආයෙත් වතාවක් ස්තූති කරනවා.... මේ ස්තූතිය අස්සේ පොඩී දෙයක් සඳහන් කරන්න කැමති. මේ මෑතක මං දැක්ක දෙයක් තමයි සමහර ඉංග්‍රීසි ඇනිමේශන් කතාමාලා වලට සබ් දෙන එක අතර මග නවත්තලා තියෙන එක. පුලුවන්නම් ඒ අතර මග සබ් නැවතුන කතා ටිකක් සම්පූර්ණ කරන එක ගැන ටිකක් අවදානය යොමු කරන්න. ගොඩක්ම ආසියානු භාශාවල කතාවලට සබ් සම්පූර්ණනේම හැදෙද්දි ඉංග්‍රීසී කතාවලට සබ් මග නැවතිලා තියෙනවා. මේක මගේ අදහසක් විතරක් වෙන්න පුලුවන් ඒත් ඒ ගැන අවදානය යොමු කරන්න කියලා මතක් කරනවා. ආයෙත් වතාවක් ගොඩක් ස්තූතී මේ අපි වෙනූවෙන් කරපු කැපකිරිම් වලට. සබ් ගේන සියලු සහෘදයින්ට ස්තූතී. ජය වේවා....
Anonymous
Pushpa 2 ekath dennako
Risika Methsan
Creature commandos ekatath sub dennakoo
Aravinda F
Ela kollek malli umba.
THanks..
TCSandaru Nimsara
Sub dunnu okkotama tnx
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


adarei mahhtyo