Masters of the Air Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වේවා! ඒ වගේම ලැබුවා වූ මේ නව වසර හැමෝටම සුවෙන් සතුටෙන් සපිරි සුබම් සුබ නව වසරක් වේවායි කියල ප්‍රර්ථනා කරනවා! මේ අරගෙන ආවේ මාස්ටර්ස් ඔෆ් එයා සීමිත කතා මාලාවේ අවසාන කතාංගය. කතාවේ විස්තර ගැන ඉතිං වැඩි දුරටත් කියන්න ඕන නැහැනේ. සියලුම විස්තර ටික මුල්…

හැමෝටම සුබ දවසක් වේවා! ඒ වගේම ලැබුවා වූ මේ නව වසර හැමෝටම සුවෙන් සතුටෙන් සපිරි සුබම් සුබ නව වසරක් වේවායි කියල ප්‍රර්ථනා කරනවා! මේ අරගෙන ආවේ මාස්ටර්ස් ඔෆ් එයා සීමිත කතා මාලාවේ අවසාන කතාංගය. කතාවේ විස්තර ගැන ඉතිං වැඩි දුරටත් කියන්න ඕන නැහැනේ. සියලුම විස්තර ටික මුල් එපිසෝඩ් එකේ ලිපියේ තියෙනවා. ඒ නිසා අපි අද කතාංගය වෙත යොමු වෙමු හෙමිහිට.
Masters of the Air Sinhala Subtitlesමේ කතා මාලාවේ මුල් එපිසෝඩ් දෙවැනි ලෝක යුද්ධයේ මැද හරියෙන් පටන් ගත්ත මතක ඇතිනේ. නමුත් නිර්මාණකරුවන් විසින් ක්‍රමානුකුලව කතාව ඉදිරියට ගෙන ආවා. ඒ අනුව මේ කතාංගය දිව යන්නේ දෙවැනි ලෝක යුද්ධයේ අවසානය වෙත. මේ වෙනකොට ජර්මන් කාරයෝ නොනිල වශයෙන් යටත් වෙලයි ඉන්නෙ. ආයුධ නිහඬ කරලා තියෙන්නේ. හැබැයි තවම සම්පුර්ණයෙන්ම ජර්මනිය යටත් වෙලා නැහැ. පිතෘභුමිය වෙනුවෙන් තැන් තැන් වලින් නැගී සිටීම සිද්ධවෙනවා. අහ්හ් ඔයාල දන්නවා ඇති නේද ඒ වෙනස? ජර්මානුවන් දෙවැනි ලෝක යුද්ධයේ සටන් කලේ මාතෘ භූමියක් වෙනුවෙන් නෙමෙයි පිතෘ භූමියක් වෙනුවෙන්. ඔවුන් වෙනම ඒ සම්බන්ධව වෙනම ආකාරයක දේශපාලනික මතයක් දැරුවේ. හරි ඒක මේ කතාවට සම්බන්ධ නැහැ එක වෙනම දේශපාලනික කතාවක්. ඉතිං මේ වෙනකොට 100 වැනි ගුවන් බලගණයේ අපි දැකපු කට්ටිය ඉන්නේ වෙඩි වැදිලා ජර්මානු ප්‍රදේශයට කඩන් වැටිලා ඔවුන්ගේ සිර කඳවුරු ඇතුලේ. ඉතින් ඒ අය එකිනෙකා මුණ ගැහෙනවා ඔයාල දකින්න ඇති. අද කතාංගය බොහොම සංවේදියි. යුද්ධයක් කියන්නේ කොයි තරම විනාශයක්ද කියල ඔයාලට බලාගන්න ලැබෙනවා.
Masters of the Air Sinhala Subtitlesමේ කතාව විතරක් නෙමෙයි, බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් සහ පැසිෆික් කියන කතා මාලා දෙකත් ඔයාල අනිවාර්යෙන්ම නරඹන්න. ඒ නිර්මාණ ද්විත්වයත් මේ නිර්මාපකයින්ගේ. මීටත් වඩා ඉහල තැනක ඒ නිර්මාණ දෙක තියනවා මගේ පෞද්ගලික කැමති ලයිස්තුවේ. එහෙනම් මම ලොකුවට මොකුත් නොකියා ඉන්නම්, මොකද අවසානය ඔයාලට බලාගන්න ඉඩ දෙන්න ඕන නිසා.
මේ කතා මාලාව සඳහා උපසිරසි ලබා දීමට තීරණය කරලා ඊට පස්සේ ඒ තීරණය අත්හැරලා දාල ඉන්න වෙලාවක මේකට සබ් දෙමු කියල යෝජනාවක් කරලා කට්ටියව එකතු කරගෙන පසු බැහැලා හිටිය මාවත් වැඩේට හවුල් කරගත්තේ අපේ ඔලිවර් සහෝදරයා. ඔහුට ස්තුතිවන්ත වෙන්න තමයි ඔයාලට මේ සඳහා උපසිරසි ලැබුනේ. එහෙනම් ඔහුට වගේම උපසිරැසි ලබා දුන්නු හැම සහෝදරයෙක්ටම ස්තුති කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද එයාලට කමෙන්ට් ලැබෙන තරමට තමයි ඔයාලට සබ් ලැබෙන්නේ. වැඩියෙන් කමෙන්ට් ලැබුනොත් එයාල ඔයාලට වැඩි වැඩියෙන් සබ් දේවි. මම මේක කරන්න අරගෙන අතැරලා දාල හිටියෙත් නිකම් කමෙන්ට් එකක්වත් නැතුව මොනාටද මේ වගේ මහන්සි වෙලා සබ් කරන්නේ දැන් කියල හිතිලා තියෙන කාලයක් පහු කරගෙන යන නිසා. එහෙනම් තවත් උපසිරසියකින් දවසක හමුවෙමු. ජය වේවා!
Masters of the Air Sinhala Subtitles S01.E09
Director : Cary Joji Fukunaga
Writers : Donald L. Miller, John Orloff,
IMDB : 8.7 (April 12 2024)
Episode Airs : Mar 15, 2024
Masters of the Air Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,586 downloadsDownload Masters.of_.the_.Air_.S01E09.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
vima
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Masters of the Air Sinhala SubtitlesMasters of the Air Sinhala Subtitles
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #2024
- #Editor's Pick
- #Masters of the Air Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
18 comments
Bimsara Yashan(ඔලිව)
Senesh Gamage
Aiye, sub ekata thanks. Puluwn nm 3 body problem series ekatath sinhala sub dennko.
Buddhika Lakmal
සීරිස් එකට සම්පූර්ණයෙන් සබ් දුන්නට ස්තූතියි හැමෝටම.......
Nuwan
Thanks for Sub
Thili
බොහෝම ස්තූතියී සහෝ..
පුළුවන් නම් Warrior season 3 සබ් එක දෙන්නකො..❤️Rathnayake
Thanks a lot
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි විමා සහෝ
තවත් මේ වගේ උපසිරැසි නිර්මාණ අපට ලබා දෙන්න ඇවසි කාලය ශක්තිය ලැබේවයි පතමිඑනම් තවත් උපසිරැසි නිර්මාණයකින් නැවත හමු වෙමු
ජයsachintha
විම සහෝ හැකි නම් HALO S02 - E06,07,08 උපසිරැසි ලබා දෙන්න...
Minuk
Thank you saho
max payne
thank you brothers! jaya wewa baisecop ekata!
Anonymous
Good job.thank you
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Anonymous
Thanks ogollo set ekatama
Ramesh
Dena sub walata godak thanks....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahan malinga
Thank you-.
Akila Dilhara
Thanks for Sub....❤
Nimsith
Thanks for the subs through out this series guys.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Masters of the Air [S01 : E09] Sinhala Subtitles | ගුවනේ පාලකයින් අප වන්නෙමු! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Masters-of-the-Air-2024-Mini-Series-a.jpg)


සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි විමා අයියේ. ජයවේවා!