ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න උණු උණුවෙම අරගෙන ආව මිඩ්නයිට් ටෙක්සාස් වල මට පැවරිලා තිබුණු හත්වෙනි කතාංගයත්. ඊයෙ දවසම බලාගෙන හිටිය මේකට සබ් එකක් එයි කියල. ඒත් සබ් එක එනකොට ගොඩාක් හවස් වෙලා. කොහොමහරි ඔන්න ඉතිං දවසක් යන්න කලින් සබ් එක දෙන්න හැකියාව ලැබුණ. එහෙනම් අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු……

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න උණු උණුවෙම අරගෙන ආව මිඩ්නයිට් ටෙක්සාස් වල මට පැවරිලා තිබුණු හත්වෙනි කතාංගයත්. ඊයෙ දවසම බලාගෙන හිටිය මේකට සබ් එකක් එයි කියල. ඒත් සබ් එක එනකොට ගොඩාක් හවස් වෙලා. කොහොමහරි ඔන්න ඉතිං දවසක් යන්න කලින් සබ් එක දෙන්න හැකියාව ලැබුණ. එහෙනම් අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු…
පහුගිය කොටසින්..
පසුගිය කොටසේ වුණේ උප දේවතාවෙක් විසින් මිඩ්නයිට් වල කට්ටිය එකිනෙකාට විරුද්ධව කොටවපු එක. කායි, මැන්ෆ්‍රෙඩ්, පේෂන්ස් එක රණ්ඩුවකට පැටළුණා. ජෝයි, වෝකර්, චූයි තව රණ්ඩුවකට පැටළුණා. කොහොමහරි මේ වලි ඔක්කොම දුරදිග ගිහින් ලොකු ලොකු වලි ගොඩක් ගියා. අවාසනාවට විදියට ආපහු මිඩ්නයිට් වලට ආපු ක්‍රීක්ට මේ සිදුවීම නිසා ජීවිතය නැති වෙනව. ඒ වගේම කායි දිහාවට කාගෙත් සැකය යොමු වෙනව ක්‍රීක් මැරුණු එක ගැන. පේෂන්ස් සෑහෙන අසරණ වෙලා හැම පැත්තෙන්ම තැලෙනව වගේ තමයි පේන්න තිබුණෙ.මේ අතරෙ මැන්ෆ්‍රෙඩ්, ජෝයි එක්ක ගිහින් කායි ලඟ තිබුණු ඔළුව ගැන විස්තර හොයනව. ඒ වගේම ඒකට පණ තියෙනව කියලත් දැක්කනෙ. ලෙම් ආයෙත් කායිගෙන් එයාගෙ බලය ඉල්ලුවත් කායි ඒක දෙන්න කැමති වෙන්නෙ නෑ. හැබැයි පේෂන්ස් කායිට කියන්නෙ නැතුව ලෙම්ගෙ බලය ආපහු එයාට දෙනව. ක්‍රීක් මැන්ෆ්‍රෙඩ් ඉස්සරහ පෙනී හිටියත්, එයාගෙ මරණය කළේ කවුද කියල කියන්න තරම් කාලයක් ක්‍රීක්ට ලැබුණෙ නෑ. ඔන්න ඔහොම කලින් කොටස ඉවර වුණා.
අද කොටසින්..
අද කොටස පටන් ගන්නෙ මැන්ෆ්‍රෙඩ් මළ පැනල යනව කායි හොයාගෙන. ගිහින් කායි එක්ක රණ්ඩුවක පැටළෙනව. මෙතනදි කායි මැන්ෆ්‍රෙඩ්ගෙ බලය බලහත්කාරයෙන් ගන්න උත්සාහ කරනව. පේෂන්ස් පැනල ඒක නතර වෙනව. පස්සෙ පේෂන්ස් මැන්ෆ්‍රෙඩ්ගෙ බෙල්ලට මාලයක් දානව, කායි එයාගෙ බලය ආපහු ගන්න උත්සාහ කළොත් ඒකෙන් ආරක්ෂා වෙන්න කියල. කොහොමහරි ක්‍රීක් මැරුණු එකේ අවුල ලිහාගන්න මිඩ්නයිට් සෙට් එක උත්සාහ කරනව. පළවෙනි පියාවර විදියට ඔළුවෙ තිබුණු සිරියැක් අක්ෂර පරිවර්තනය කරනව. බලන්නකො මොකද්ද ඒකෙන් කියවෙන්නෙ කියල. මේ ඔක්කොම වෙන අතරෙ ෆීජි අන්ධකාරය ඇතුළට තව කිඳා බහින විදිය බලාගන්න පුළුවන්. ක්‍රීක්ගෙ මරණය ඇත්තටම කළේ කවුද, ඊට අමතරව ඊළඟ කොටස තුළදී නැගී හිටින්න යන විනාශකාරී බලවේගය මොකද්ද කියන එක අද බලාගන්න පුළුවන්. හැමෝම හිතාගෙන ඉන්නවනම් කායි තමයි කතාවෙ ගේම්කාරය කියල, අපෝ නෑ කායි කියන්නෙ සෙල්ලමේ පොඩි ඉත්තෙක් විතරයි. ඇත්තම සෙල්ලම කරන්නෙ ඔයාගෙ ලඟම ඉන්න කෙනා.. ලඟම ඉන්න එකා තමයි හැමවෙලාවෙම දරුණුම ප්‍රහාරය එල්ල කරන්නෙ. බලන්නකො එහෙනම් කවුද මේ සෙල්ලමේ මහ මොළකාරය කියල…
ඔන්න ඉතිං මිඩ්නයිට් සඳහා මගේ දායකත්වය මෙතෙකින් අවසන් වෙනව. පළවෙනි කතා මාලාවට සාපේක්ෂව මේක නරඹන පිරිස සෑහෙන අඩුයි කියල තමයි පේන්න තියෙන්නෙ. කොහොමහරි ඉතිං මේ කතා මාලාවේ ඉතිරි කොටස් කීපයත් පිළිවෙලට ඔයාලගෙ අතට ලැබෙයි. කතාව දැන් බොහොම උණුසුම් මට්ටමක තියෙන නිසා හැකිනම් පළමු කතා සමය නරඹපු පිරිස, දෙවන කතා සමයත් නරඹන්න කියල ආරාධනා කරමින් මම නතර වෙනව. හැමෝටම ජය වේවා..!!


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,574 downloadsDownload Midnight.Texas_.S02E07.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
18 comments
Vihanga sathsara
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි උදයංග සහෝ
නියමයි සබ අද කලින්ම දීලා
එලම...කවිශල් රසින්ත (කවී)
බොහොම තුති අයියේ සබ් එකට.. එනකන් මග බලාගෙන ඉන්න සිරීස් එකක් තමා... ජය වේවා....!!!
jerrydissanayake98
sira bn
dinusha
thanx sub akata
Thamira
Mekata sub dena ekata godak sthuthi bro
Nilush Angana
Sub ekata thanx
Eranda Malith 2.0
Thanks mcn. Jayawewa!
tharindu
subata thanks bro
Kulanjana Maduranga
subata thanks
Ayesh Prashan
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jerrydissanayake98
tq bokkha ohommam ymn issrahata
jinesha
meka download karaganna link ekak denna please
suranuwan
thanks bro.....
dilspeedy
thank මචන් අසාවෙන් බලන සිරීස් එකක් මේක
Lshariyawansha
Mn asanwen balapu series 1mekaa...godkk sthuthi sahoo mekataa
MAALnath
Thanks .........................good luck .................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Midnight, Texas [S02 : E07] Sinhala Subtitles | තියෝපිලස්ගේ යක්දෙස්සියෝ..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Midnight-Texas-Season-1-1.jpg)


thankss machan sub ekata