ඔන්න හයවෙනි කොටසත් අරන් ආවා. මුලින්ම කියන්න ඕනි, බයිස්කෝප් කණ්ඩායම තමන්ගේ උපසිරැසිත් කරන අතරේ, අනිත් අය උපසිරැසි දෙනවද කියලත් අවධානය යොමු කරන එකත්, ඔයාලට මේවා ඉක්මනට ලබාදෙන්න එක හේතුවක්. ඒ නිසා, මේ කතා මාලාවට උපසිරැසි ලබාදෙන්න මාව දිරිමත් කරන ශාන් විමුක්ති (විමා) සහෝදරයා ඇතුළු බයිස්කෝප් ඇඩ්මින් මඬු…

ඔන්න හයවෙනි කොටසත් අරන් ආවා. මුලින්ම කියන්න ඕනි, බයිස්කෝප් කණ්ඩායම තමන්ගේ උපසිරැසිත් කරන අතරේ, අනිත් අය උපසිරැසි දෙනවද කියලත් අවධානය යොමු කරන එකත්, ඔයාලට මේවා ඉක්මනට ලබාදෙන්න එක හේතුවක්. ඒ නිසා, මේ කතා මාලාවට උපසිරැසි ලබාදෙන්න මාව දිරිමත් කරන ශාන් විමුක්ති (විමා) සහෝදරයා ඇතුළු බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලට මුලින්ම ස්තූති කරන්න ඕනි. ඉතින් වෙනදා වගේම පසුගිය කොටස බලමු.
පසුගිය කොටසින්
නොටින්හැම්වලට පැනලා යන ඉසබෙලා නමැති කාන්තාවක්ව, සෙබලු දෙන්නෙක් අල්ලගන්න එද්දි, රොබින් එයාව බේරගන්නවා. ඉතින් මේ අතරේම ගිස්බන්, ජෝන් කුමාරයාගෙන් ලැබුනු හමුදාවකුයි, විශේෂ ආයුධයකුයි අරන්, රොබින්ලාව අල්ලගන්න එනවා. දැන් ෂෙරිෆ් එක්ක ගිස්බන්ගේ හොඳහිතත් අඩුවෙලයි තියෙන්නේ. ඒ විශේෂ ආයුධය – ඒ කියන්නේ සිංහයාගෙන් බේරෙන්න, ඉසබෙලාත් රොබින්ලාට උදව් කරනවා. පස්සේ තමයි හැමෝම දැනගන්නේ, ඉසබෙලා කියන්නේ ගිස්බන්ගේ නංගි බව. මේ අතරේ ලිට්ල් ජෝන්ට, අනාථ ළමයි ටිකක් බලාගන්න ගෑනුකෙනෙක් හම්බවෙලා එයාලා එක්ක නොටින්හැම්වල සන්දර්ශනයකට යනවා. ඒත් ඇත්තටම මේ ගෑනු කෙනා කරන්නේ, අනාථ ළමයිව හොයාගෙන වහල් සේවයට විකුණන එකයි. නොටින්හැම්වලදි ඒ ගෑනු කෙනා ලිට්ල් ජෝන්ව පාවාදෙන්න ගියත්, රොබින්ලාගෙත් උදව් ඇතිව ඒ අනාථ ළමයි ටික බේරගන්නත් ලිට්ල් ජෝන්ට පුළුවන් වෙනවා. අවසානයේදි රොබින්ව අල්ලගන්න බැරි වුන තැන ගිස්බන්, ඉසබෙලාත් එක්ක ආයෙත් ෂෙරිෆ්ගේ මාලිගාවේ පදිංචියට එනවා.
මෙවර කොටසින්
මේ වතාවේ කොටසින් පෙන්නන්නේ ජෝන් කුමාරයා පෞද්ගලිකවම නොටින්හැම්වලට ඇවිත් තියෙන හැටියි. ජෝන් කුමාරයත් එක විදියක විනෝදාත්මක චරිතයක් බව මේකෙන් ඔයාලට පෙනෙයි. ජෝන් කුමාරයා, ගලගණ්ඩ රෝගියෙක් හොයනවා. මොකටද මේ හොයන්නේ? ජෝන් කුමාරයාගේ තාත්තට ගලගණ්ඩය හැදුනු රෝගීන්ව සුවකිරීමේ හැකියාවක් තිබිලා තියෙනවා. ඉතින් තාත්තට වගේම තමන්ටත් ඒ බලය තියෙනවා නම්, මිනිස්සු තමන්වත් රජු විදියට පිළිගනියි කියලයි ජෝන් කුමාරයා හිතන්නේ. ඒත් ඒ රෝගීන් හොයාගන්න අමාරුයි. දුර්ලභයි. ඉතින් කුමාරයා යන හැමතැනම වෛද්‍යවරයෙකුත් අරන් යන්නේ, ඒ රෝගියෙක්ව හොයන්න. ඒත් මම කියන්න ම ඕනි, මේකේ පෙන්නන ගලගණ්ඩය (Scrofula) නම් අපි දන්න ගලගණ්ඩයට වඩා වෙනස්. අනිත් අතට, තමන්ගේ නියෝග ඉටු කරගන්න බැරිවුන නිසා ෂෙරිෆ්ව මරලා දාන්න කියලා, කුමාරයා ගිස්බන්ට නියම කරනවා. ඒත් ඒක රහසිගතව තමයි කරන්න කියන්නේ. ඉතින් මේ කොටස ඇතුලෙදි ටිකක් විනෝදාත්මක ගිස්බන් – ෂෙරිෆ් යුද්ධයකුත් අපිට බලාගන්න පුළුවන්. එහෙනම් මම ඊළඟ කොටසින් නැවත හමුවෙන්නම්. හැමෝටම ආයු බෝ වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,589 downloadsDownload BBC.Robin_.Hood_.S03.E06.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
13 comments
sachintha
ak
Thanks bro.
zeal
````````````````````````````````````````````````````````````````````````````thanks boby```````````````````````````````````````````````````````````````````````````````````````
Chanaka
Thanx saho thanx....
diyath nelaka
Thanks brooo
Thilina Jayarathna
thx ahh
Ishan Madusha
බොහොම ස්තූතියි
Lasantharathnasirirox
බොබී බොබී ගින්දර කොල්ලෙක් තමයි....සුබපැතුම්!!
Kulanjana Maduranga
subata thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravidu ishan
tnx mchn sub ekata ..!!
Lakshan MLS
thanks bro
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය