කොහොමද හැමෝටම? කේ ඩ්‍රාමා ඉන්ඩස්ට්‍රියේ දැවැන්තම කතාමාලාවකට සබ් අරගෙන තමා අද ආවේ. නම තමා MOVING (무빙). ඉතින් මේ සීරීස් එක මේ අවුරුද්දේ එන්න තිබ්බ Highly Anticipated සීරීස් එකක්. ඒවගේම දැනට සීසන් එකක් වෙනුවෙන් වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කොරියන් සීරීස් එක තමා මේක. වොන් බිලියන 50ක වියදමකින් හදපු…

කොහොමද හැමෝටම? කේ ඩ්‍රාමා ඉන්ඩස්ට්‍රියේ දැවැන්තම කතාමාලාවකට සබ් අරගෙන තමා අද ආවේ. නම තමා MOVING (무빙). ඉතින් මේ සීරීස් එක මේ අවුරුද්දේ එන්න තිබ්බ Highly Anticipated සීරීස් එකක්. ඒවගේම දැනට සීසන් එකක් වෙනුවෙන් වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කොරියන් සීරීස් එක තමා මේක. වොන් බිලියන 50ක වියදමකින් හදපු මේ සීරීස් එක එපිසෝඩ් 20කින් සමන්විතයි. MOVING කතාමාලාවේ අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Kingdom S2 අධ්‍යක්ෂක Park In Je. තිරරචනයෙන් එකතු වෙන්නේ Kang Full. Kang Full ගේ MOVING කියන වෙබ්ටූන් එක පාදක කරන් තමා මේ සීරීස් එක හදලා තියෙන්නේ. Action, Thriller, Fantasy, Supernatural, Sci-fi කියන ගණයන්ට MOVING අයත් වෙනවා.
ඉතින් කිව්වා වගේම MOVING ස්ක්‍රිප්ට් එක Kang Full ගේ තනි වැඩක්. මුලින්ම 2020 සැප්තැම්බර් 9 Jo In Sung ට සීරීස් එකට එකතු වෙන්න ආරාධනා ලැබෙනවා. 2021 අගෝස්තු වල MOVING සීරීස් එකේ නිෂ්පාදන ආයතනය විදියට Studio&NEW එකතු වෙලා නිෂ්පාදන වියදම වොන් බිලියන 50ක් කියලා නිවේදනය කරනවා. 2021 අගෝස්තු 26 වෙනිදා රූගත කිරීම් ආරම්භ කරනවා. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ අපි හැමෝම එනකම් බලන් ඉදපු MOVING මේ විදියට 2023 අගෝස්තු 9 වෙනිදා Disney+ හරහා නිකුත් වෙනවා. මුල් එපිසෝඩ් හත දැනටමත් නිකුත් වෙලා තියෙන්නේ, ඉතුරු එපිසෝඩ් ටික සැප්තැම්බර් 27 වෙනකම් හැම සතියෙම බදාදට එපිසෝඩ් දෙක ගානේ නිකුත් වෙනවා. එහෙනම් දැන් කාස්ට් එක පැත්තට යමු. හැමෝම වගේ දන්න සුපිරි නළු නිළියෝ සෙට් එකක් තමා MOVING සීරීස් එකට රංගනයෙන් දායක වෙන්නේ.

CAST – රංගන දායකත්වය
• Ryu Seung Ryong – ජන්ග් ජූ වොන්
• Han Hyo Joo – ලී මී හ්යුන්
• Jo In Sung – කිම් දූ ෂික්
• Cha Tae Hyun – ජොන් ග්යේ දෝ
• Kim Sung Kyun – ලී ජේ මන්
• Kim Hee Won – චෝයි ඉල් හ්වන්
• Lee Jang Ha – කිම් බොන්ග් සොක්
• Go Youn Jung – ජන්ග් හී සූ
• Kim Do Hoon – ලී ගන්ග් හූන්

• තව ෆ්‍රෑන්ක් කියන චරිතෙට රංගනයෙන් දායක වෙන Ryu Seung Bum ව අවුරුදු 20 කට පස්සේ තමා මෙහෙම කතාමාලාවකින් දැකගන්න ලැබෙන්නේ.

෴පළමුවන කථාංගය෴
කිම් බොන්ග් සොක් කියන්නේ ජොන්ග්වොන් උසස් පාසලේ ශිෂ්‍යයෙක්. හැබැයි එයා අනිත් අය වගේ නම් නෙවේ. එයාව එකපාරට පාවෙනවා. ඒකහින්දා ඉස්කෝලෙ යන්නේ බෑග් එකේ හෙනට බර දාගෙන. බොන්ග් සොක්ගේ අම්මා තමා ලී මී හ්යුන්. එයා අවන්හලක් කරගෙන යනවා. එක දවසක් බොන්ග් සොක්ට හම්බෙනවා ජන්ග් හී සූව. ජන්ග් හී සූ ජොන්ග්වොන් ඉස්කෝලෙට මාරු කරපු ශිෂ්‍යාවක්. මේ දෙන්නම තුන්වෙනි වසරේ ඉන්නේ. බොන්ග් සොක්ට, හී සූව දකින දකින පාරට එයාව පාවෙන්න හදනවා. ජන්ග් ජූ වොන් තමා හී සූගේ තාත්තා. එයා ළගදිම චිකන් කඩයක් දාන්න ඉන්නේ. හී සූ කැමති නෑ තාත්තගේ සල්ලි වියදම් කරන්න.
ඒක හින්දා අලුත් යුනිෆෝම් එකක්වත් ගන්නැතුව අලුත් ඉස්කෝලෙට ගියේ. තව හී සූට ඕනේ සෝල් විශ්වවිද්‍යාලෙට යන්න. ඒත් සෝල් විශ්වවිද්‍යාලෙට යන්න තරම් හී සූගේ ලකුණු හොද නෑ. වෙන විශ්වවිද්‍යාලවලට යන්න කැමති නැත්තේ එතකොට වියදම් වැඩි හින්දා. හැබැයි ශාරීරික අධ්‍යාපනේට හී සූගේ ලකුණු හොද හින්දා පන්තිභාර සර් කියනවා ශාරීරික අධ්‍යාපනේ පැත්තෙන් සෝල් විශ්වවිද්‍යාලෙට යන්න කියලා. ඉතින් හී සූ ඒකට කැමති වෙනවා. ඔන්න ඔය අතරේ කෙනෙක් එනවා ජින් චොන් කියලා කෙනෙක්ව හොයාගෙන. එයාගේ නම තමා ෆ්‍රෑන්ක්. මෙයා ජින් චොන්ව මරලා දානවා. කට්ටියක් ජින් චොන් මැරිච්ච එක ගැන සෝෂල් මීඩියා වලට දාපු දේවලුත් අයින් කරලා දාලා ඒක යට ගහනවා. ලී මී හ්යුන්ට ඒවා අයින් කරලා දාන එක අහුවෙනවා. ඉතින් කවුද මේ අය? ඇයි ඒ මරණේ යටගහන්න එච්චර උත්සහ කරන්නේ?
එහෙනම් දෙවෙනි කොටසෙන් හමුවෙමු. හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,197 downloadsDownload MOVING-S01E01.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Moving s01 Sinhala Sub
- #Moving s01 Sinhala Subtitles
- #Moving Sinhala Sub
- #Moving Sinhala Subtitles
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #නයන බුද්ධික
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
විමා
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Nishi
Thank you sub ekata.. Anith episode tiketh sub ikmanin denna
Baiscope Site eken ayema Korean tv series wlta sub denna gatta ekata godak sathutui thanks ❤❤Udari
සුපිරි සහෝ කතාවයි සබ් එකයි දෙකම.. වෙනස්ම කතාවක්.. ඉතුරු එපිසෝඩ් වලටත් ඉක්මනට දෙන්න..Good Job
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Viraj
Thanks.......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරසියට බොහොම ස්තුතියි!
මේකත් බලමු එහෙනම් :)