කොහොමද හැමෝටම? MOVING (무빙) සීරීස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකට සබ් අරන් අද ආවේ. ඉතින් මේ සීරීස් එක මේ අවුරුද්දේ එන්න තිබ්බ Highly Anticipated සීරීස් එකක්. ඒවගේම දැනට සීසන් එකක් වෙනුවෙන් වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කොරියන් සීරීස් එක තමා මේක. වොන් බිලියන 50ක වියදමකින් හදපු මේ සීරීස් එක එපිසෝඩ් 20කින…

කොහොමද හැමෝටම? MOVING (무빙) සීරීස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකට සබ් අරන් අද ආවේ. ඉතින් මේ සීරීස් එක මේ අවුරුද්දේ එන්න තිබ්බ Highly Anticipated සීරීස් එකක්. ඒවගේම දැනට සීසන් එකක් වෙනුවෙන් වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කොරියන් සීරීස් එක තමා මේක. වොන් බිලියන 50ක වියදමකින් හදපු මේ සීරීස් එක එපිසෝඩ් 20කින් සමන්විතයි. MOVING කතාමාලාවේ අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Kingdom S2 අධ්‍යක්ෂක Park In Je. තිරරචනයෙන් එකතු වෙන්නේ Kang Full. Kang Full ගේ MOVING කියන වෙබ්ටූන් එක පාදක කරන් තමා මේ සීරීස් එක හදලා තියෙන්නේ. Action, Thriller, Fantasy, Supernatural, Sci-fi කියන ගණයන්ට MOVING අයත් වෙනවා. ඉතින් කිව්වා වගේම MOVING ස්ක්‍රිප්ට් එක Kang Full ගේ තනි වැඩක්. මුලින්ම 2020 සැප්තැම්බර් 9 Jo In Sung ට සීරීස් එකට එකතු වෙන්න ආරාධනා ලැබෙනවා. 2021 අගෝස්තු වල MOVING සීරීස් එකේ නිෂ්පාදන ආයතනය විදියට Studio&NEW එකතු වෙලා නිෂ්පාදන වියදම වොන් බිලියන 50ක් කියලා නිවේදනය කරනවා. 2021 අගෝස්තු 26 වෙනිදා රූගත කිරීම් ආරම්භ කරනවා. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ අපි හැමෝම එනකම් බලන් ඉදපු MOVING මේ විදියට 2023 අගෝස්තු 9 වෙනිදා Disney+ හරහා නිකුත් වෙනවා. මුල් එපිසෝඩ් හත දැනටමත් නිකුත් වෙලා තියෙන්නේ, ඉතුරු එපිසෝඩ් ටික සැප්තැම්බර් 27 වෙනකම් හැම සතියෙම බදාදට එපිසෝඩ් දෙක ගානේ නිකුත් වෙනවා. එහෙනම් දැන් කාස්ට් එක පැත්තට යමු. හැමෝම වගේ දන්න සුපිරි නළු නිළියෝ සෙට් එකක් තමා MOVING සීරීස් එකට රංගනයෙන් දායක වෙන්නේ.

CAST – රංගන දායකත්වය

• Ryu Seung Ryong – ජන්ග් ජූ වොන්
• Han Hyo Joo – ලී මී හ්යුන්
• Jo In Sung – කිම් දූ ෂික්
• Cha Tae Hyun – ජොන් ග්යේ දෝ
• Kim Sung Kyun – ලී ජේ මන්
• Kim Hee Won – චෝයි ඉල් හ්වන්
• Lee Jang Ha – කිම් බොන්ග් සොක්
• Go Youn Jung – ජන්ග් හී සූ
• Kim Do Hoon – ලී ගන්ග් හූන්

• තව ෆ්‍රෑන්ක් කියන චරිතෙට රංගනයෙන් දායක වෙන Ryu Seung Bum ව අවුරුදු 20 කට පස්සේ තමා මෙහෙම කතාමාලාවකින් දැකගන්න ලැබෙන්නේ.

෴සිව්වැනි කථාංගය෴

ඔන්න දැන් හී සූත් දන්නවා බොන්ග් සොක්ගේ රහස ගැන. ඉතින් බොන්ග් සොක් පාවෙන්න ගත්ත වෙලේ ඉදන් එකදිගට පාවෙනවා. ඒකහින්දා හී සූ තමා බොන්ග් සොක්ව ගෙදර එක්කන් යන්නේ. ඉතින් මෙහෙම බොන්ග් සොක්, හී සූ එක්ක ගෙදර ආවම බොන්ග් සොක්ගේ අම්මත් පුදුම වෙනවා. ඔය අතරේ ෆ්‍රෑන්ක් ඉන්නවනේ, ෆ්‍රෑන්ක් මේ පාරත් යන්නේ කෙනෙක්ව හොයාගෙන. ඉතින් අන්තිමේ එයත් ෆ්‍රෑන්ක්ගේ අතින් මැරෙනවා. හී සූ, බොන්ග් සොක්ගේ රහස දන්න හින්දා හී සූගේ රහසත් බොන්ග් සොක්ට කියනවා. ඒ රහස මොකක් වෙන්නැතිද? එහෙනම් පස්වෙනි කොටසෙන් හම්බෙමු, හැමෝටම සුභ දවසක්!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,830 downloadsDownload MOVING-S01E04.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

නයන බුද්ධික

Subtitles

7,830 downloadsDownload Subtitles20 KB

14 comments

  1. Sung Jin-Woo

    Thank you

    1. Anonymous

  2. sahan

    supiriyak

    1. Kkk

      Ituru tikat ikamanata diyn bosa

  3. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥fd

  4. Geeneth

    Anith ekak ikmnata genna

  5. WdH

    maruu thanks aa

  6. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  7. Udari

    2023 බැලුව සුපිරිම කොරියන් TV Series එක..ඉතුරු එපිසෝඩ්වලටත් ඉක්මනට සබ් දෙන්නෝ....

  8. viraj

    thanks............

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  11. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  12. Krishani

    Thank you