කොහොමද හැමෝටම? MOVING (무빙) සීරීස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකට සබ් අරන් අද ආවේ. ඉතින් මේ සීරීස් එක මේ අවුරුද්දේ එන්න තිබ්බ Highly Anticipated සීරීස් එකක්. ඒවගේම දැනට සීසන් එකක් වෙනුවෙන් වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කොරියන් සීරීස් එක තමා මේක. වොන් බිලියන 50ක වියදමකින් හදපු මේ සීරීස් එක එපිසෝඩ් 20කින…

කොහොමද හැමෝටම? MOVING (무빙) සීරීස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකට සබ් අරන් අද ආවේ. ඉතින් මේ සීරීස් එක මේ අවුරුද්දේ එන්න තිබ්බ Highly Anticipated සීරීස් එකක්. ඒවගේම දැනට සීසන් එකක් වෙනුවෙන් වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කොරියන් සීරීස් එක තමා මේක. වොන් බිලියන 50ක වියදමකින් හදපු මේ සීරීස් එක එපිසෝඩ් 20කින් සමන්විතයි. MOVING කතාමාලාවේ අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Kingdom S2 අධ්‍යක්ෂක Park In Je. තිරරචනයෙන් එකතු වෙන්නේ Kang Full. Kang Full ගේ MOVING කියන වෙබ්ටූන් එක පාදක කරන් තමා මේ සීරීස් එක හදලා තියෙන්නේ. Action, Thriller, Fantasy, Supernatural, Sci-fi කියන ගණයන්ට MOVING අයත් වෙනවා. ඉතින් කිව්වා වගේම MOVING ස්ක්‍රිප්ට් එක Kang Full ගේ තනි වැඩක්. මුලින්ම 2020 සැප්තැම්බර් 9 Jo In Sung ට සීරීස් එකට එකතු වෙන්න ආරාධනා ලැබෙනවා. 2021 අගෝස්තු වල MOVING සීරීස් එකේ නිෂ්පාදන ආයතනය විදියට Studio&NEW එකතු වෙලා නිෂ්පාදන වියදම වොන් බිලියන 50ක් කියලා නිවේදනය කරනවා. 2021 අගෝස්තු 26 වෙනිදා රූගත කිරීම් ආරම්භ කරනවා. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ අපි හැමෝම එනකම් බලන් ඉදපු MOVING මේ විදියට 2023 අගෝස්තු 9 වෙනිදා Disney+ හරහා නිකුත් වෙනවා. මුල් එපිසෝඩ් හත දැනටමත් නිකුත් වෙලා තියෙන්නේ, ඉතුරු එපිසෝඩ් ටික සැප්තැම්බර් 27 වෙනකම් හැම සතියෙම බදාදට එපිසෝඩ් දෙක ගානේ නිකුත් වෙනවා. එහෙනම් දැන් කාස්ට් එක පැත්තට යමු. හැමෝම වගේ දන්න සුපිරි නළු නිළියෝ සෙට් එකක් තමා MOVING සීරීස් එකට රංගනයෙන් දායක වෙන්නේ.

CAST – රංගන දායකත්වය
• Ryu Seung Ryong – ජන්ග් ජූ වොන්
• Han Hyo Joo – ලී මී හ්යුන්
• Jo In Sung – කිම් දූ ෂික්
• Cha Tae Hyun – ජොන් ග්යේ දෝ
• Kim Sung Kyun – ලී ජේ මන්
• Kim Hee Won – චෝයි ඉල් හ්වන්
• Lee Jang Ha – කිම් බොන්ග් සොක්
• Go Youn Jung – ජන්ග් හී සූ
• Kim Do Hoon – ලී ගන්ග් හූන්

• තව ෆ්‍රෑන්ක් කියන චරිතෙට රංගනයෙන් දායක වෙන Ryu Seung Bum ව අවුරුදු 20 කට පස්සේ තමා මෙහෙම කතාමාලාවකින් දැකගන්න ලැබෙන්නේ.

෴තුන්වෙනි කථාංගය෴
අද එපිසෝඩ් එකේ කතාව ගොඩක්ම යන්නේ හී සූ, බොන්ග් සොක් දෙන්නා වටේ. හී සූ ශාරීරික අධ්‍යාපනේ කරනවයි කියන එක හී සූගේ තාත්තා දන්නැති හින්දා හී සූ තාත්තට ඒ ගැන කියනවා. ආ තව හී සූගේ තාත්තා චිකන් කඩය ඕපන් කරනවා. ඔන්න එක දවසක් හී සූට බොන්ග් සොක්ගේ අමුත්තක් තේරෙනවා. ඉතින් ඒ ගැන බොන්ග් සොක්ගෙන් අහනවා. ඒත් මොකුත් කියන්නෑ. බොන්ග් සොක්ගේ තුවාලයක් හින්දා හී සූ බොන්ග් සොක්ව ඇල්ලුවා විතරයි බොන්ග් සොක් උඩ. ඉතින් මේ රහස හී සූ දැනගත්තට පස්සේ මොනා වෙයිද? එහෙනම් හතරවෙනි එපිසෝඩ් එකෙන් හම්බෙමු. කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,616 downloadsDownload MOVING-S01E03.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Moving s01 Sinhala Sub
- #Moving s01 Sinhala Subtitles
- #Moving Sinhala Sub
- #Moving Sinhala Subtitles
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #නයන බුද්ධික
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
Udari
Udari
සුපිරීරී.....FIGHTINGG...
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Geeneth
Anith ekath dennko
geeneth
Anith ekath dennako
Ishan Madusha
බොහෝම ස්තූතියි...
viraj
thanks..........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Krishani
Thank you
Advertisement



සුපිරිම සුපිරීරීරී ... FIGHTINGG...