Nagendran’s Honeymoons S01 Sinhala Subtitles ආයුබෝවන්, මේ ජූලි 19 Disney+ Hotstar හරහා නිකුත් උන මේ අපූරු මලයාලම් කොමඩි වෙබ් සීරීස් එකේ උප සිරැසි අද සිට මම ඔයාලට ගෙන එනවා. සීරීස් එකක් කිව්වට මේක පැය භාගෙ කොටස් හයකින් සමන්විත, ඒ කියන්නෙ පැය තුනක පමණ කතාවක් කිව්ව නම් නිවැරදියි.ඒ නිසා බොහොම විනෝදෙන් ර…
Nagendran’s Honeymoons S01 Sinhala Subtitles
ආයුබෝවන්, මේ ජූලි 19 Disney+ Hotstar හරහා නිකුත් උන මේ අපූරු මලයාලම් කොමඩි වෙබ් සීරීස් එකේ උප සිරැසි අද සිට මම ඔයාලට ගෙන එනවා. සීරීස් එකක් කිව්වට මේක පැය භාගෙ කොටස් හයකින් සමන්විත, ඒ කියන්නෙ පැය තුනක පමණ කතාවක් කිව්ව නම් නිවැරදියි.ඒ නිසා බොහොම විනෝදෙන් රස විඳින්න පුළුවන් කොමඩි ශානරයෙ කතාවක් හැටියට සැලකුවොත් වැරැද්දක් නෑ. මේ වෙනකොට මේකට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
සුරාජ් වෙන්ජාරමුඩු කියන්නෙ ඔහුටම ආවේණික රංග ශෛලියක් තියෙන ඉතා දක්ෂ ජනප්‍රිය නළුවෙක්. ඔහු තමයි මෙහි ප්‍රධාන චරිතය කරන්නෙ. ඉතිං කතාව ගැන පොඩි හැඳින්වීමක් කරනව නම් නාගේන්ද්‍රන් (සුරාජ්) සහ සෝමන් (ඇලෙක්සැන්ඩර් ප්‍රශාන්ත්) කියන අඹ යාළුවො දෙන්න වටා තමයි මේ කතාව ගොඩ නැගෙන්නෙ. නාගේන්ද්‍රන් පට්ට කම්මැලි කිසිම වැඩක් නොකරන කෑමයි නිදා ගැනීමයි ජීවිතය කර ගත්ත පුද්ගලයෙක්. සෝමන් ජීවිතේ ගෙනියන්න විවිධ රැකියාවල් වල නියුතු සට කපට පුද්ගලයෙක්. ඔන්න නාගේන්ද්‍රන්ට කුවේට් යන්න අවස්ථාවක් එනවා. ඒත් සල්ලි කෝ? මේ කතාව පුරාම තියෙන්නෙ ඒ සඳහා සල්ලි හොයා ගන්න කරන අපූරු දැඟලිල්ල තමා. ඒකෙ මහ මොළ කාරයා සෝමන් තමයි. නාගේන්ද්‍රන්ගෙ අම්මා එයාට විවාහයක් කරල දෙන්න උත්සාහ කරන්නෙ මිනිහ එතකොටවත් හැදෙයිද කියල බලන්න. ඒ එයාගෙම නෑණා ජානකී. මිනිහ ඒකට කැමති වෙන්නෙ වෙන මොකකටවත් හින්දා නෙමෙයි දෑවැද්දට වැඩේ දීල නිකුත් උන නිකුත් උන රට යන්න සල්ලි හදා ගන්න. ඉතිං බලමු මේ වැඩේ හරි යයිද කියල
කානි කුස්රුති,ග්‍රේස් ඇන්තනි, ස්වේතා මෙනන්,කලාභවන් ශාජෝන් ආදී නළුනිළියන් කැලක් මේකෙන් ඔබට මුණ ගැහේවි.නිතින් රෙන්ජි පනික්කාර්ගෙ අධ්‍යක්ෂණයක්.
දෙවෙනි කොටසින් හමු වෙමු ආයිබෝවන්
එතෙක් නැවත හමු වෙමු.
Nagendran’s Honeymoons S01 Sinhala Subtitles![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,654 downloadsDownload Nagendrans-Honeymoons-S01E01.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Nagendran’s Honeymoons S01 Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
6 comments
Buddhika laKMal
Isuru Chamara
thanks
රංගික සිනෙත් කාරියවසම්
බොහොම ස්තුතියි බන්දුල සහෝ. ජය වේවා !
S P P Gamage
torrent link ekak hoyaganna be..
Duminda K
තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන BANDULA K සොහොයුරාට මගේ ස්තූතිය පුදකරන අතර
තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර්මි..!
බයිස්කෝප් පවුලේ සැමට තෙරුවන් සරණයි..!
ජයවේවා..! ❤❤❤Anonymous
අනේ Jai Ganesh මලයාලම් ෆිල්ම් එකට සබ් දෙනවද?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහෝම ස්තූතියි බන්දුල සහෝ මේ සීරිස් එකට සබ් ගේනවට.........