1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට ප…

1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට පත් වුනු මේ කතාවේ 05 හා 06 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.🔥

කලින් කොටස්වල සිද්ධ වුනු දේ අපි දැන් කෙටියෙන් මතක් කර ගනිමු.
අනපේක්ෂිත විදිහට අනපේක්ෂිත ආරාධනාවකින් Nerv ආයතනයේ ඉන්න තමන්ගෙ තාත්තා ළඟට ආපු ශින්ජි ඉකාරිට, එවන්ගැලියන් නමින් හැඳින්වෙන රොබෝ කෙනෙක් මෙහෙයවමින්, ඒන්ජල් නමින් හැඳින්වෙන ජීවීන් කොට්ඨාසයක් එක්ක සටන් කරන්න සිද්ධ වෙනවා. ඒ සටනින් දිනන ශින්ජිගේ භාරකාරයා විදිහට Nerv එකේ කැප්ටන් මිසාතෝ කත්සුරාගි ඉදිරිපත් වෙනවා. ඒ වගේම මේ කතාවේ 2015 වර්ෂය වෙන කොට මිනිසා විද්‍යාවෙන් වගේම තාක්ෂණයෙන් ඉහළටම ගිහින් කියල අපිට බලාගන්න ලැබුනා. එවන්ගැලියන් රොබෝවරු වගේම පොළොව යට තියෙන නගරය වෙන Geo Front එකත්, පොළොව උඩ තියෙන Tokyo-3 නගරයත් ඇත්තෙන්ම පුදුම සහගතයි කියල ඔයා දකින්න ඇති.

අවුරුදු 15 කට පස්සෙ ආපු ඒන්ජල්, ඒ කියන්නෙ කතාවෙ හැටියට 3 වෙනි ඒන්ජල් ව පරාජය කිරීමත් එක්ක අලුත් ස්කෝලෙට යන්න ශින්ජි නිතැතින්ම ජනප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. ඒ අතරෙ 4 වන ඒන්ජල් ප්‍රහාරයත් සිද්ධ වෙනවා. ඒ වගේම Nerv එකේ පළවෙනි දරුවා විදිහට හඳුන්වන, Unit-00 එක පදවන “රෙයි අයනමි” ව අඳුන ගන්නත් ශින්ජිට පුලුවන් වෙනවා. අලුත් යාළුවො අඳුර ගැනීමෙන් වගේම එවන්ගැලියන් රොබෝ පුහුණුවීම් කිහිපයකට පස්සෙ 5 වන ඒන්ජල් ප්‍රහාරයට මුහුණ දෙන්න ශින්ජිට සිද්ධ වෙනවා. මේ වතාවෙ එන ඒන්ජල් මොන විදිහෙ කෙනෙක්ද? ශින්ජිට මොන විදිහෙ දේවල් වලට මුහුණ දෙන්න වේවිද? ඉඟියක් දෙන්නම්… මේ කොටස් වලින් අපිට පළවෙනි වතාවට sniper මෙහෙයුමක් බලාගන්න ලැබෙනවා. sniper කිව්වට එහෙම්මම නෙමෙයි. මේක මම පුද්ගලිකව ආස කොටසක්. මේ කොටස් දෙක බලල හොයාගන්නකො මොකද වෙන්නෙ කියලා. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.👋

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.

844 downloadsDownload Neon-Genesis-Evangelion-E0506.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

844 downloadsDownload Subtitles28 KB

4 comments

  1. kalana wasala

    Thanks..

    1. ලංකන් Weebs

      Thank you.❤️

  2. lak

    elakiriii

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P