1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට ප…

1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට පත් වුනු මේ කතාවේ 15 හා 16 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.🔥

කලින් කොටස්වල සිද්ධ වුනු දේ අපි දැන් කෙටියෙන් මතක් කර ගනිමු.

මීට කලින් කවදාවත් Nerv එකවත් ශින්ජිවත් මුහුණ දීලා නැති, ඒන්ජල් කෙනෙක් මේ වතාවේ පෙනී හිටියා. Nerv මූලස්ථානයේ හැම ක්‍රියාවලියක්ම පාලනය කරන “මැගී” සුපිරි පරිගණකය යටත් කරගන්න එක තමයි ඒ ඒන්ජල්ගේ අරමුණ වුනේ. විශාල පරිණාම වේගයක වෛරසයක් විදිහට ආපු ඒ ඒන්ජල්ව 11 වෙනි ඒන්ජල් විදිහට නම් කරලා, ඩොක්ටර් අකාගිගේ තාක්ෂණික දක්ෂතාවය නිසා විනාශ කරන්න පුලුවන් වෙනවා.

ඒ වගේම කතාවෙ මෙතෙක් සිද්ධ වුනු සිදුවීම්වල සාරාංශයකුත් අපිට 14 වෙනි කොටසෙදි බලාගන්න ලැබුනා. ඒ වගේම එවා නියමුවන් යොදාගෙන පරික්ෂණ කිහිපයක්ම සිද්ධ වෙනවා. කිහිප දෙනෙක් විතරක් දන්න තවත් පරික්ෂණ කිහිපයක් තිරය පිටුපසින් සිද්ධ වෙනවා.🤫

මේ අරන් එන කොටස් වලින් මිසාතෝ, කාජි දෙන්නගේ අතීත තොරතුරු ටිකක් අපිට දැනගන්න ලැබෙනවා. ඒ අතරෙ 12 වන ඒන්ජල් ප්‍රහාරය සිද්ධ වෙනවා. මේ ඒන්ජලුත් කලින් ආපු හැම කෙනෙක්ට වඩා සෑහෙන්න වෙනස් කෙනෙක්. ඉතින් මෙදා පාර මේ ඒන්ජල්ව පරද්දන්නෙ කොහොමද? ඉඟියක් දෙන්නම්… මේ කොටස්වලින් ශින්ජිගේ Unit-01 එක ආයෙත් වතාවක් Berserk Level එකට යනවා දකින්න පුලුවන්. මේ කොටස් දෙක බලල හොයාගන්නකො මොකද වෙන්නෙ කියලා. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.👋

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.

920 downloadsDownload Neon-Genesis-Evangelion-E15E16.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1

Next BT1

Subtitles

920 downloadsDownload Subtitles32 KB

5 comments

  1. Anonymous

    Ela

    1. ලංකන් Weebs

      ස්තූතියි.❤️

  2. Dilshan buddika

    සුපිරි

    1. ලංකන් Weebs

      ස්තූතියි.❤️

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P