1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට ප…

1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට පත් වුනු මේ කතාවේ 17 හා 18 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.🔥

කලින් කොටස්වල සිද්ධ වුනු දේ අපි දැන් කෙටියෙන් මතක් කර ගනිමු.

එක පෙළට සිද්ධ වුනු ඒන්ජල් ප්‍රහාරයන් කිහිපයකට පස්සෙ කතාවෙ ඉන්න චරිතවලට වගේම කතාව නරඹන අපිටත් පොඩි විවේකයක් ලැබුනා. යාළුවෙකුගේ විවාහ උත්සවයක් නිසා මිසාතෝ, කාජි, රිට්සුකෝ තුන් දෙනාට කාලෙකින් මුණ ගැහිලා කතා බහ කරන්න අවස්ථාවක් ලැබුනා. එයාලා විවාහ උත්සවයෙන් විනෝද වෙන අතරෙ, ගෙදරට වෙලා නිකන් හිටපු ශින්ජිට අසුකාව සිපගන්නත් අවස්ථාවක් ලැබුනා.😏 ඒ අතරෙ අයනමිව යොදාගෙන යම් රහස් පරික්ෂණයක් කරගෙන යනවා. ඒ වගේම “රියොජි කාජි” කියල කියන්නෙ Double Agent කෙනෙක් කියල දැනගන්න වගේම, Nerv එක හංගගෙන ඉන්න ලොකු රහසක් අපිට බලාගන්න පුලුවන් වුනා.

ඊට පස්සෙ ගෝලාකාර හැඩයෙන් යුතු ඒන්ජල් කෙනෙකුගේ අද්භූත පහර දීමක් හමුවේ ශින්ජි ඇතුළු කණ්ඩායම කිසි දෙයක් කර කියාගන්න බැරි තත්වයකට පත් වෙනවා. ඇත්තෙන්ම තමන් කවුද කියන්න ප්‍රශ්න කිරීමකට මැදි වුනු ශින්ජි ඉකාරි, Eva Unit-01 හි උමතු වීම නිසා බේරෙනවා. Unit-01 එකේ මේ උමතු වීමෙන් 12 වන ඒන්ජල්ව විනාශ කරන්නේ ඒ දිහා බලා හිටපු හැමෝවම භීතියට පත් කරවමිනුයි. දැන් කතාව මුල ඉඳන් බලපු අපිට පුංචි කාරණාවක් ගැන සැක හිතන්න පුලුවන්… Unit-01 එක දැනට දෙවතාවක් Berserk Level එකට ගිහින්, ඒන්ජල්ව විනාශ කරමින් ශින්ජිව බේර ගත්තා. ඒ දෙවතාවම ශින්ජි මරණයේ අද්දරට ගිය අවස්ථාවන් දෙකක්. අනික ඒ දෙවතාවම Unit-01 එක self activate වෙලා තමයි මේ ටික කළේ. ඒ කියන්නෙ Unit-01 එක ශින්ජිගේ ආරක්ෂකයෙක්ද? කමාන්ඩර් ඉකාරි හැමවෙලේම Unit-01 එකට ප්‍රමුඛතාවය දෙන්නෙ ඇයි? මේකෙ රහස මොකක්ද? අපි යමු ඉස්සරහට. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.👋

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.

970 downloadsDownload Neon-Genesis-Evangelion-E17E18.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

970 downloadsDownload Subtitles34 KB

1 comment

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P