නොවැම්බර් ස්ටෝරි.. හතු පිපෙන්නා වගේ එන ඉන්දියන් කතාමාලා අතරේ නොහිතපු විදිහට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත්තු, නොහිතපු විදිහේ ගුණත්වයකින් නිර්මාණය වෙච්ච, කවුරුත් පුදුම කරපු අලුත්ම දමිල කතාමාලාව. පසුගිය සිකුරාදා දවසේ ඩිස්නි හොට්ස්ටාර් ඔස්සේ විකාශනය ආරම්භ වුණු මේ කතාමාලාවේ ප්‍රධාන චරිතය කවුරුත් දන්නා තමන්…

නොවැම්බර් ස්ටෝරි.. හතු පිපෙන්නා වගේ එන ඉන්දියන් කතාමාලා අතරේ නොහිතපු විදිහට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත්තු, නොහිතපු විදිහේ ගුණත්වයකින් නිර්මාණය වෙච්ච, කවුරුත් පුදුම කරපු අලුත්ම දමිල කතාමාලාව. පසුගිය සිකුරාදා දවසේ ඩිස්නි හොට්ස්ටාර් ඔස්සේ විකාශනය ආරම්භ වුණු මේ කතාමාලාවේ ප්‍රධාන චරිතය කවුරුත් දන්නා තමන්නා විසින් තමයි රඟදක්වන්නේ. Crime|Thriller|Mystery ගණයට අයත් වෙන නොවැම්බර් ස්ටෝරි කතාමාලාව ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.5ක දැවැන්ත අගයක් දිනාගෙන තියෙනවා. එතැනින්ම පේනවා නේද මේක මගහරින්න හොඳ කතාමලාවක් නොවෙන විත්තිය? ඉතින් කොටස් 7කින් විතරක් සමන්විත වෙන මේ කතාමාලාවේ එක කොටසක් මේ වෙද්දි අපේ සිසිල සහෝදරයාගේ උපසිරසියත් එක්කලා බලන්න ඇතිනේ. එහෙනම් මෙන්න දෙවැනි කොටසට උපසිරැසිය අරන් එන්නේ කතාමාලාවට මාවත් එකතු කරගත්තට සිසිල සහෝදරයාටම ස්තූතිය පුද කරන ගමනුයි. ඉතින් පලවෙනි කොටස බලපු අය දන්නවා මේ මොන විදිහේ සිද්ධිදාමයක් වටාද මේක ගෙතිලා තියෙන්නේ කියලා. කෝකටත් පලවෙනි කොටස ටිකක් මතක් කරලම ඉන්නම්.

අනුරාධා කියන්නේ මෘදුකාංග ඉංජිනේරුවරියක්. නිකම්ම කෙනෙක් නෙමේ අතිදක්ෂයෙක්. ඉතින් මෙයා ජීවත් වෙන්නේ එයාගේ තාත්තත් එක්ක. එයාගේ තාත්තා ඇවිල්ලා ඉන්දියාවේ අංක එකේ අපරාධ කතා රචකයෙක්. කාලෙක ඉඳන් එයා අමතක වීමේ රෝගයකින් පෙළෙනවා. ඒ රෝගය උත්සන්න වෙන්න කලින් තමන්ගේ ඊළඟ අපරාධමය නවකතාව ලියන එක තමා තාත්තගේ හීනය වුණේ. ඔය අතරේ තමන්ගේ තාත්තගේ මේ රෝගය නිසා අනුරාධා හිටියේ ලොකු පීඩාවකින්. ඒ පීඩාව තවත් දෙගොඩතලා යනවා විකුණගන්න බැරිව එක තැන පල්වෙන එයාගේ පරණ ගේ දැක්කම. මේ ගෙදර සහ තාත්තගේ අමතක වෙන ලෙඩෙත් එක්ක ගෙවන අනුරාධාගේ ජීවිතේ ලේසි වුණේ නැහැ. ඉතින් බලපු අය දන්නවනේ අනුරාධා පරණ ගෙදර බලන්න ගිය වෙලාවක හම්බවුණු ලොන්ඩරිය කරන මනුස්සයා. එයා කිව්ව සමහර කාරණා වලින් අනුරාධාගේ ගැටළුකාරී ජීවිතේට තවත් ගැටළුවක් එක්කහු වුණා.දවසින් දවස ගෙවීගෙන ගියේ තාත්තගේ අමුතු අමුතු හැසීරීම් එක්ක ඔට්ටු වෙන ගමනුයි. එක දවසක් අනුරාධා වැඩ ඇරිලා එද්දි තාත්තා ගෙදර හිටියේ නෑ. එදා ඉඳන් තමා ඒ මාරක කතාව අනුරාධා එක්ක සෙල්ලම් කරන්න ගත්තේ..

එහෙනම් මේ කිව්වා ඇති. තවමත් බලන්න හිතක් නැත්තම් අල්ලලා දාන්න. ඒත් අපරාදේ ඈ. මේ ගෙදර ඉන්න දවස් ටිකේ, මේ හීතලේ, කුතුහලයෙන් මිරිකිලා යන්න මීටත් වඩා හොඳ බෙහෙතක් නෑ. එහෙනම් හැමෝම නීතිරීති හරියට පිලිපැදලා ගෙදරට වෙලා පරිස්සමට ඉන්න කියන ගමන් මං යනවා. තුන්වෙනි කොටස අරන් අපේ සොහාන් මලයා ඒවි. හෙට නෙමේ අද රෑටම ඈ. රෑ 11ට. එහෙනම් ජයවේවා..!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

4,586 downloadsDownload November-Story-S01-E02.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

PHOENIX

Subtitles

4,586 downloadsDownload Subtitles21 KB

25 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Tharushi Wasundara

    meke movie eke torrent link eka dala nehene

    1. Anonymous

      baiscopedownloads.co eke ethi samaharawita.. nethnan tamilmv eke balanna

  3. Pasindu Madumal

    සබට තුති මයුර අයියේ ❤️
    සුපිරියක්

  4. kavinda gamage

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.

  5. D.J

    තෑන්ක්ස් බොක්ක❤️

  6. Anonymous

    තෑන්ක්ස් වේවා

  7. samith

    Thanks brother

  8. tharidu16

    THANKS MACHI

  9. Anonymous

    මයුරයා ගෑවිලා නම් ඉතින් බලන්නම වෙනෝ

  10. Ranul

    තෑන්ක්ස් මා පුතී....

  11. Kushan

    Sub akta thanks

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  13. Sohan Jayasooriya

    සබ් එකට ස්තූතියි අයියෙ

  14. Hari

    Thanx සබ් එකට. ජය වේවා.!!!

  15. Shaggy

    බොහොම ස්තූතියි

  16. Chandima Prasad

    Thanks

  17. Anonymous

    Thnx for sub...❤️

  18. නිරෝෂ්

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  19. geeth

    සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ...

  20. lakshan

    thanks ................

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Sandun

    thanks

  23. Manu

    Godak Sthuthi..Jaya wewa!

  24. Ravindra

    Thanks