එහෙනම් දන්නෙම නැතුව අපි අවසාන එපිසෝඩ් එකටත් ඇවිල්ලා. මේක මිනි සීරිස් එකක් නිසා සීසන් 2 එකක් එන්නේ නෑ . Star Wars: Episode IV – A New Hope (1977) වලට කලින් ඕබි-වාන් සහ ඩාත් වේඩර් හමුවන අවසාන අවස්ථාව මේක වෙන්න පුලුවන්. කොහොම උනත් සංවේදී කතා මාලවක් මගින් අපි හැමෝගෙම පැරණි මතකයන් අවදි කරන්න මේ සීරිස් එ…

එහෙනම් දන්නෙම නැතුව අපි අවසාන එපිසෝඩ් එකටත් ඇවිල්ලා. මේක මිනි සීරිස් එකක් නිසා සීසන් 2 එකක් එන්නේ නෑ . Star Wars: Episode IV – A New Hope (1977) වලට කලින් ඕබි-වාන් සහ ඩාත් වේඩර් හමුවන අවසාන අවස්ථාව මේක වෙන්න පුලුවන්. කොහොම උනත් සංවේදී කතා මාලවක් මගින් අපි හැමෝගෙම පැරණි මතකයන් අවදි කරන්න මේ සීරිස් එකට හැකියාවක් ලැබුනා. කොහොම නමුත් මටනම් හිතෙන්නේ ඇනකින්ගේ හිතුවක්කාර වැඩ තව ඉස්සරහට කතා මාලාවන් මගින් දකින්න ලැබුනොත් හොදයි කියලා. බොහෝ දුරට එහෙම වෙන එකක් නෑ මොකද එහෙම කරනවනම් ආයෙමත් ක්ලෝන යුද්දයන් යනකං කතාව ආපස්සට ගෙනියන්න සිද්ද වෙන නිසා. පසුගිය කොටස ගැන කෙටියෙන් මතක් කරගමු.
දෙවෙනි එපියෙදි මැරුනයි කියලා හිතපු Grand Inquisitor තවමත් පනපිටින් ඉන්නවා කියලා අපි කලින් කොටසෙදි දැක්කා. එයා බේරුනේ කොහොමද කියලා නම් අපට මේ කතාමාලාවෙන් දකින්න ලැබෙන්නේ නෑ. කොහොම උනත් Grand Inquisitor සහ ඩාත් වේඩර් තුන්වෙනි සහෝදරීගෙ කුමන්ත්‍රණය ගැන දැනගෙන හිටියා. ඒකෙන් අන්තිමට සිද්ද වුනේ ඩාත් වේඩර්ව මරන්න ගියපු තුන්වෙනි සහෝදරීට ඒ වැඩේ සාර්ථකව කරගන්න බැරි උන එක. ඕබි වාන් ඇතුලු පිරිස බේරගන්න ගිහින් ටාලාට අනිතිමේදි තමන්ගේ ජීවිතේ අහිමි වෙනවා. තුන්වෙනි සහෝදරී එක්ක එකතු වෙලා වේඩර්ව රවට්ටලා පැනලා යන්න හැදුවට ඕබි වාන්ට ඒ වැඩේ සාර්ථකව කරගන්න බැරි වෙනවා.
වේඩර්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ඕබි වාන් ව විතරයි. එයාට අනිත් කැරලිකාරයන් ගැන කිසිම ගානක් නෑ. ඒ නිසා ඕබි වාන් තීරණය කරනවා යානයෙන් පිට වෙලා ගිහින් වේඩර්ගේ අවධානය වෙන පැත්තකට හරවන්න. අන්තිමේදී ඕබි වාන්ට සිද්ද වෙනවා තමන්ගේ හිටපු ගෝලයා ඇනකින් ස්කයිවෝකර් හෙවත් ඩාත් වේඩර් ට ආයෙමත් මුහුණ දෙන්න. මේ සටන කොහොම ඉවර වෙයිද? ඒක ඔයාලා කතාව බලලම දැනගන්න.
එහෙනම් තවත් ස්ටාර් වෝර්ස් කතා මාලාවකින් නැවත හමුවෙමු. ජය වේවා !
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,399 downloadsDownload Obi-Wan-Kenobi-S01-E06.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
2 comments
Sahan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Ahsoka series එකටත් සබ් දෙන්න