ඔන්න කියපු විදියටම Obi-Wan Kenobi කතා මාලාවේ පස්වෙනි කොටසත් අරගෙන ආවා. දැන් අපි කතා මාලාවේ අවසානයට ළඟා වෙලයි තියෙන්නේ. මේ සීසන් එක ඉවර වෙන්න තව එක එපිසෝඩ් එකයි ඉතුරුවෙලා තියෙන්නේ. දේවල් එන්න එන්න ම උද්වේගකර වෙනවා. පසුගිය කොටසින්… හතරවෙනි එපිසෝඩ් එකේදී අපට බලාගන්න පුළුවන් වුණේ ඕබි-වන් සහ ටාලා, ලෙයාව…

ඔන්න කියපු විදියටම Obi-Wan Kenobi කතා මාලාවේ පස්වෙනි කොටසත් අරගෙන ආවා. දැන් අපි කතා මාලාවේ අවසානයට ළඟා වෙලයි තියෙන්නේ. මේ සීසන් එක ඉවර වෙන්න තව එක එපිසෝඩ් එකයි ඉතුරුවෙලා තියෙන්නේ. දේවල් එන්න එන්න ම උද්වේගකර වෙනවා.
පසුගිය කොටසින්…
හතරවෙනි එපිසෝඩ් එකේදී අපට බලාගන්න පුළුවන් වුණේ ඕබි-වන් සහ ටාලා, ලෙයාව සවික්සන්නන්ගේ මූලස්ථානයෙන් බේරගන්න කරපු මුදවාගැනීමේ මෙහෙයුම. ඩාර්ත් වේඩර් සමඟ කරපු සටනින් තුවාල ලබපු ඕබි-වන් ව ජබීම් ග්‍රහලෝකයේ තියෙන සේෆ්හවුස් එකක් වෙත ගෙනියනවා. අපි දකිනවා එතන “මාවත” එයාලව බේරගනීවි කියලා විශ්වාසය තියාගෙන ඉන්න සෑහෙන පිරිසක් ඉන්නවා කියලා. ඕබි-වන්, ප්‍රධාන වශයෙන්ම ටාලාගේ සහ එතන ඉන්න අනිත් කීප දෙනෙකුගේ උදව් ඇතුව මුස්ටාෆාර් පද්ධතියේ (ඒ කියන්නේ ඩාර්ත් වේඩර්ගේ පද්ධතියේ) තියෙන වතුර හඳක් මත තියෙන එයාලගේ මූලස්ථානයට හොරෙන් ඇතුළු වෙනවා.
මේ අතරේ ‘තෙවන සහෝදරී’ ලෙයාව රඳවගෙන එයාගෙන් ‘මාවත’ ගැන තොරතුරු ගන්න උත්සාහ කරනවා. ඈ නම් පැඩ්මේගෙම දූ තමයි. මොනවා කරන්න හැදුවත් එක වචනයක් එළියට දැම්මේ නෑ. ඒ අතරේ ඕබි-වන් සහ ටාලා දන්න දගංගැට ඔක්කොම ගහලා අන්තිමේදී ලෙයාව බේරගන්නවා. මේ තුන්දෙනාව එතනින් බේරගන්න එන ‘මාවතේ’ යානා දෙකින් එකක් විනාශ කරනු ලබනවා. කොහොම නමුත් ඕබි-වන්, ටාලා, සහ ලෙයා නිරුපද්‍රිතව සවික්සන්නන්ගේ මූලස්ථානයෙන් පැනගන්නවා.
ඒත් එයාලා තාම ආරක්ෂිත නෑ. මොකද එපිසෝඩ් එක අන්තිමේදී එළිවෙන විදියට ‘තෙවන සහෝදරී’ විසින්, ලෙයාගේ සෙල්ලම් ඩ්‍රොයිඩ් එක වෙච්ච “ලෝලා”ගේ ට්‍රැකර් එකක් හයි කරලා තියෙනවා. ඒ කියන්නේ ඕබි-වන් ලා යන්නේ කොහෙද, එයාලට ඒක හොයාගන්න පුළුවන්. එයාලා කරන්නෙත් ඒකමයි. මේ සැරේ ඕබි-වන් පස්සෙන් පන්නගෙන යන්නේ ඩාර්ත්-වේඩර් විසින්මයි. ඉතින් ඕබි-වන්ට සහ එයාගේ මිතුරන්ට පණ බේරගෙන ඕබි-වන්ගේ හිටපු පැදවාන්ගෙන් බේරිලා යන්න හැකි වෙයිද? ඒක හොයාගන්න නම් ඉතින් එපිය බලන්න වෙනවා.
එහෙනම්, අවසන් එපිය හිරාන් අයියා ඔයාලට අරගෙන ඒවි. තවත් අලුත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. පීස් ✌️.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,945 downloadsDownload Obi-Wan-Kenobi-S01-E05-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
1 comment
රොයිලි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P