One: High School Heroes Season 01 Sinhala Subtitles කොහොමද බයිස්කෝප්වාසී හැමෝටම ඉතින් කාලෙකින් නිවාඩුවක් ලැබුණු නිසා අව්රුද්ද අවසන් වෙන්න කලින් අලුත් වැඩකට අතගහන්න හිතුවා. ඉතින් අද උපසිරසියක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2025 වර්ෂයේ විකාශනය කරපු උණු උණු කොරියානු කතාමාලාවකට. කොරියානු කතාමාලා නරඹන පිරිසත්…
One: High School Heroes Season 01 Sinhala Subtitles
කොහොමද බයිස්කෝප්වාසී හැමෝටම ඉතින් කාලෙකින් නිවාඩුවක් ලැබුණු නිසා අව්රුද්ද අවසන් වෙන්න කලින් අලුත් වැඩකට අතගහන්න හිතුවා. ඉතින් අද උපසිරසියක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2025 වර්ෂයේ විකාශනය කරපු උණු උණු කොරියානු කතාමාලාවකට. කොරියානු කතාමාලා නරඹන පිරිසත් වැඩි වෙලා තියන නිසා මම උපසිරැසි අරගෙන ආපු මේ කතාමාලාවටත් ඕගොල්ලෝ කැමති වෙයි කියලා හිතනවා.

ඉතින් මේ කතාමාලාවේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ ලී සොන්ග්-ටේ කියන අධ්‍යක්ෂකවරයා. කතාමාලාව කොටස් අටකින් සමන්විතවෙනවා මේක වර්ගවෙන්නේ Action , youth කියන ශානර වර්ගයට ඉතින් මේකේ ගහගන්න ඒවගෙනුයි මරාගන්න ඒවගෙනුයි නම් අඩුවක් නෑ. ගොඩක් හොද Action ටිකක් මේ කතාමාලාව ඇතුළේ ඔයාලට බලාගන්න පුලුවන්. කතාවේ නමින්ම ඔයාලට හිතාගන්න පුලුවන්නේ මේක පාසලක් වටා ගෙතෙන කතාමාලාවක්. එහෙම උනාට මේක නිකන් මල් කතාවක්නම් නෙමෙයි ළමයි full action pack එකක් තියෙන කතාමාලාවක්. ඉතින් අපි කතාව පැත්තට යමුකෝ.

කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ කිම් උයි- ග්යොම් ඉතිම් මෙයා සාමාන්‍යයෙන් නිහඩ ඉගෙන ගන්න එක ගැන විතරක් අවධානය යොමු කරන තරුණයෙක්. මෙයා හිටපු පාසලෙන් ඉවත් වෙලා අලුත් පාසලකට එන්නේ දහසක් බලාපොරොත්තු තියාගෙන පාඩුවේ ඉගෙන ගන්න එක විතරක් කරන්න හිතේ තියාගෙන ඒ උනාට ඉස්කෝලේ ඉන්න තදයෝ ටික මෙයාට එහෙම ඉන්නනම් දෙන්නේ නෑ පුදුම තරම් වද හිංසා දෙනවා මෙයාට. ඉතින් එක දවසක් මෙයාගේ ඉවසීමේ සීමාව පනිනවා ඉතින් එදා මුළු ඉස්කෝලෙම දැනගන්නවා මේ සාමාන්‍ය නිහඩ තරුණයා මොනතරම් බලසම්පන්න කෙනෙක්ද කියලා ඉතින් එදා මෙයාට වදයක් වෙච්ච චන්ඩියෙක්ට දුවන්න දෙනවා. ඒවගේම මෙයාගේ වැඩවලට උදව් කරන්න සහෝදරයෙක් වගේ ඉන්න යාලුවෙකුත් මෙයාට හම්බවෙනවා. ඒ තමයි කන්ග් යුන් ගී. ඉතින් හැමදේකදීම මෙයා කිම් උයි ග්යොම්ට උදව් කරනවා සහෝදරයෙක් වගේ. ඒවගේම ළමයි කිම් උයි ග්යොම්ට වැඩියෙන්ම තරහා යන්නේ එයාගේ එකම සහෝදරයගෙන් ලැබුණු කැසට් ප්ලේයර් එක කව්රුහරි ඇල්ලුවොත් තමයි ඉතින් ඒක අල්ලනවනම් ජීවිතේ ගැන ආසාව අතඇරලා තමයි ඒක අල්ලන්න වෙන්නේ.
මේකත් ඔයාලා ගොඩක් දෙනෙක් නරඹලා තියෙන weak hero class කතාමාලාවට නොදැවිණි කතාමාලාවක් කියලා කියන්න පුලුවන්.ඕගොල්ලොන්ට මේ කතාමාලාවේ එක එක වර්ගයේ චන්ඩි ටිකක් බලාගන්න පුලුවන් ඉතින් ඔයාලම නරඹලා බලන්නකෝ මේ දෙන්නා මේ චන්ඩි එක්ක හැප්පෙන්නේ කොහොමද කියලා.
එහෙනම් අලුත් උපසිරසියකින් හමුවෙනකන් හැමෝටම ජය!
One: High School Heroes Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.
569 downloadsDownload One-High-School-Heroes-S01E08.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
One: High School Heroes Season 01 Sinhala Subtitles
Subtitles by
ඉෂාරා ගුණරත්න
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #One: High School Heroes Season 01 Sinhala Sub
- #One: High School Heroes Season 01 Sinhala Subtitles
- #One: High School Heroes Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #ඉෂාරා ගුණරත්න
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sung Jin-Woo
අනේ The Art of Sarah කේ-ඩ්‍රාමා එකට සබ් දෙන්නකෝ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



මේ සීරිස්එකට කමප්ලීට් සබ් දුන්නට බොම ස්තූථියි සිස්