Watch Trailer

Jujutsu Kaisen [S03 : E02] Sinhala Subtitles | සටනින් පසු නැවත හමුවීම [සිංහල උපසිරසි]

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles 2026 වසරට හොඳ ආරම්භයක් අරන් ආපු වඩාත් බලාපොරොත්තු සහගත වගේම අතිශය උද්වේගකර Jujutsu Kaisen Season 3 හෙවත් Jujutsu Kaisen The Culling Game ඇනිමෙ කතා මාලාවේ 2 වන කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ. ශිබුයා නගරයේ රියොමෙන් සුකුනා කරපු මහා විනාශයෙන් පස්සෙ, ඉතදො…

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles

2026 වසරට හොඳ ආරම්භයක් අරන් ආපු වඩාත් බලාපොරොත්තු සහගත වගේම අතිශය උද්වේගකර Jujutsu Kaisen Season 3 හෙවත් Jujutsu Kaisen The Culling Game ඇනිමෙ කතා මාලාවේ 2 වන කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ.

ශිබුයා නගරයේ රියොමෙන් සුකුනා කරපු මහා විනාශයෙන් පස්සෙ, ඉතදොරි යූජි චෝසෝ සමඟ ශාලපත් ආත්ම විනාශ කරමින් ඉන්න විදිහ තමයි ආරම්භක කොටසෙදි අපිට දකින්න ලැබුනේ. පසුගිය Season 2 හි Shibuya Incident Arc එකේදී තමයි මේ චෝසෝ එක්තරා විදිහකට යූජිගෙ සහෝදරයෙක් වෙනව කියල හොයාගන්නෙ. එතැන් පටන් චෝසෝ යූජි එක්කයි ඉන්නෙ. ඒ අතරෙ සෙනින් වංශයේ ප්‍රධානියාගේ මරණයෙන් පස්සෙ නඔයා සෙනින් ප්‍රධානියා විදිහට පත් වීම සහ ඔහු සෙනින් පවුලට එකතු වෙන්න නියමිත මෙගුමි ෆුෂිගුරෝව ඝාතනය කිරීමේ අරමුණින් යූජිව හොයාගෙන එනවා. ඒ වගේම Season 2 හි අවසාන කොටස අවසානයෙදි යූජිව ඝාතනය කිරීමේ අරමුණින් පිටත්වෙන යූතා ඔක්කොට්සු, යූජිගෙ පස්සෙන් හඹාගෙන එන විදිහ සහ සටනකින් පස්සෙ යූතා තමන්ගෙ අරමුණ ඉටු කරගන්න විදිහත් දකින්න ලැබුනා.

ඉතින් යූතාට ඇත්තටම යූජිව ඝාතනය කරන්න ලැබුනද? නඔයා සෙනින්ට මෙගුමිව හම්බවෙයිද? ඒ වගේම මේ කොටසින් තවත් අය මේ කණ්ඩායමට එකතු වෙනවා. ඒ කවුද? බලන්න එහෙනම් මේ කොටස. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

 

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name: One More Time
Released Date: 2026.01.08
IMDB Rating: 9.2 (at 2026.01.11)

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,862 downloadsDownload Jujutsu-Kaisen-S03-E02-Sinhala-Subtitles.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,862 downloadsDownload Subtitles16 KB

4 comments

  1. Anonymous

    Thank You Bro

  2. Ganula

    Thank you sub ekata e3 one

  3. Sahan Sahan

    E 03 tath sab denna
    Thanks

  4. Sandaru Nimsara

    Thanks ❤️