අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… අපි හිතන් ඉන්නවා අපි ඉන්න මේ පෘථිවිය ගැන අපි දන්නවා කියල. හරියට බැලුවොත් සරලවම, අපි බහුතරයක් දෙනා අපි ඉන්න ලෝකේ ගැනවත් දන්න මගුලක් නැහැ. මම ප්‍රශ්නයක් අහන්නම්, අපි හුස්ම ගන්න වාතයේ තියෙන ඔක්සිජන් අපිට ලැබෙන්නේ කොහෙන්ද? ඔබේ හිතට ආව පිළිතුර ශාක වලින් කියල නේද? හරි ඒ…

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි…
අපි හිතන් ඉන්නවා අපි ඉන්න මේ පෘථිවිය ගැන අපි දන්නවා කියල. හරියට බැලුවොත් සරලවම, අපි බහුතරයක් දෙනා අපි ඉන්න ලෝකේ ගැනවත් දන්න මගුලක් නැහැ. මම ප්‍රශ්නයක් අහන්නම්, අපි හුස්ම ගන්න වාතයේ තියෙන ඔක්සිජන් අපිට ලැබෙන්නේ කොහෙන්ද? ඔබේ හිතට ආව පිළිතුර ශාක වලින් කියල නේද? හරි ඒ පිළිතුර හිතේ තියාගෙන එහෙම්ම ඉස්සරහට යමු. රෑ ජාමෙට නිදාගන්න ගිය වෙලාවට එහෙම හිතෙනවද කොහොමද යකෝ මේ ලෝකේ සෞරග්‍රහ මණ්ඩලයේ ජීවයට සුදුසුම ස්ථානයක ස්වාභාවිකවම පිහිටියේ කොහොමද? අපේ ඇඟ ඔක්සිජන් වලට හැඩ ගැහුනේ කොහොමද? කොහොමද යකෝ අපේ ඇඟ ජලය එක්ක මේ තරම් බැඳුනේ? අපි පිටසක්වල ජිවියෙකුගේ පරික්ෂනාගාරයක ඉන්න පරීක්ෂණාගාර ජීවින් කොටසක්ද? අපි ඉන්නේ වර්චුවල් රියලිටියක වෙන්න බැරිද? එකී මෙකි නොකී අමුතු ජාතියේ ප්‍රශ්න ඔලුවට එන කෙනෙක් නම් ඔබත් මෙතනින් එහාට කියවන්න එපා. කෙලින්ම මේක බලන්න ගන්න. 😀

මේක ඇවිල්ල නැෂනල් ජියෝග්‍රපි නාලිකාවේ වැඩක්. විල් ස්මිත් තමයි පොතේ ගුරාගේ වැඩේ කරන්නේ. One Strange Rock, එහෙම නැත්නම් පෘථිවිය. ඇයි මේකට One Strange Rock කියන්නේ. පෘථිවිය ඇවිල්ල ඉහත පින්තුරේ වගේ ජලය පිරුන ගලක්. රවුමට ගානට හැඩ ගැහිලා තියෙන්නේ ගල අභ්‍යන්තරයෙන් ගල දෙසට ආකර්ෂණය කරගෙන තියෙන බලය නිසා ඒ ගල වටා ඇති වාතය සහ ජලය මේ ගෝලාකාර හැඩය ඇතිකරවනවා, අපේ වායුගෝලය ආදී දේවල් හැඩ ගැහිලා ලස්සනට තියෙනව. ඉතිං මේ කතාවෙන් කියන්නේ අපි ජිවත් වෙන, ඇවිදින, මැරෙන, මේ පෘථිවි මාතාවගේ අපි නොදන්නා දේවල් ගැන. සමහර දේවල් තියෙනව ඒ දේවල් හරි විදියට දකින්න නම් ඒ දේවල් වලින් පොඩ්ඩක් ඈත් වෙලා බලන්න ඕනා. පෘථිවියට නම් ඒ විදියට ඈත් වෙලා පියවි ඇසින් බලන්න පුළුවන් තැනකට තියෙන්නේ ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය. ඔබ අප දුටු ආකාරයට නෙමේ එකෙ ජිවත් වෙච්ච අය මේ පෘථිවිය දැක්කේ. එයාල අපි නොදැක්ක දේවල් ගොඩක් දැක්කා. අන්න ඒ දේවල් ගැන මේ කතා මාලාවේ කතාංග 10 තුලින් කියවෙනවා. මම කලින් ඇහුව නේද ප්‍රශ්නයක්, අපි හුස්ම ගන්න වාතයේ තියෙන ඔක්සිජන් අපිට ලැබෙන්නේ කොහෙන්ද? කියල. ඔබ හිතාගත්තනේ උත්තරයක්, ශාක වලින් සිදුවන ප්‍රභා සංස්ලෙෂණයෙන් නිපදවෙන ඔක්සිජන් වලින් කියල? මම දැන් කියනවා ඔබ බාගයක් හරි ඉතුරු භාගේ සහමුලින්ම වැරදියි කියල. දැනගන්න ඕනද ඒ කොහොමද කියල? එහෙනම් ඉතිං පොඩ්ඩක්වත් බෝරින් නැති මේ අපුරු කතා මාලාව ඩව්න්ලෝඩ් කරන්න පටන් ගන්න 😀
- Peggy Whitson- අභ්‍යවකාශයේ දින
- Jeff Hoffman – අභ්‍යවකාශයේ දින 50
- Mike Massimino – අභ්‍යවකාශයේ දින
- Leland Melvin – අභ්‍යවකාශයේ දින 24
- Nicole Stott – අභ්‍යවකාශයේ දින 104
- Mae C. Jemison – අභ්‍යවකාශයේ දින
- Jerry Linenger- අභ්‍යවකාශයේ දින 143
- Chris Hadfield – අභ්‍යවකාශයේ දින 166
ඉහත සඳහන් විශිෂ්ට ප්‍රාඥයින් අටදෙනා තමයි, imdb 8.9ක අගයක් ලැබූන මේ කතාවේ විද්‍යාත්මක කරුණු ගැන පහදලා දෙන්නේ. ඒ ඔවුන් තමන්ගේ අජටාකාශ චාරිකාවන් හිදී කරන ලද නිරීක්ෂණ ඇසුරින් සොයාගත් යම් යම් කාරණාවන්. එයාල ගැන තොරතුරු හෙමින් සැරේ වෙනම දාන්නම් මංසලේ. ඉතිං එයාල කියන ඒ විස්තර ඔයාලට තේරෙන විදියට අරගෙන එන්න මාත් තව කෙනෙක් එකතු වෙනවා. ඒ තමයි අපේ ජොනි තට්ටයා. ඔහු නමින් උදයංග සම්පත්. අපි ද්හෙන්න එකතු වෙලා ඉදිරි දින කිහිපය ඇතුලත මේ අපුරු කතා මාලාවම ඔයාලට අරගෙන එන්නයි අපේ බලපොරොත්තුව. එහෙනම් අපි දන්නවා කියල හිතං ඉන්න එත් අපි මෙලෝ අටමගලක් නොදන්නා අපේ මේ අරුම පුදුම ලෝකය ගැන යමක් දැනගමු! 😀
“සමහරවිට මුළු විශ්වයටම තියෙන අමුතුම තැනම මෙතන වෙන්න පුළුවන් “

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
5,653 downloadsDownload one.strange.rock_.s01e01.gasp_.480p.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
43 comments
Krishan NiShalya
dsdkavishka
Thenks bro fattama wedak
Praneeth priyadarshana
Tks bokka
losaka
Thank u bro...
Hiranhiru
ගොඩක්.ස්තුතයි උපසිරැසියට.
ඒ වගේම මෙහෙම ටීවී සීරීස් එකකුත් හඳුන්වා දුන්නාට.
දෙන්නාටම තෙරුවන් සරණයි...!
ඉක්මනින් සබ් දෙන්න.
පුලුවන් නම් Curks (2018) පිලුමටත් සබ් දෙන්න. කීප දෙනෙක්ගෙන්ම ඉල්ලුවා. අඩු තරමින් එක්කෙනෙක් වත් දේවිනෙ..Batman
thanks aaah..... balamukooo.. patta wage ..
niroshansn
Thanks bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
baiscope_chandima
niyamaim menna katha...
thazsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයnadeera dayan
sub ekata thankx saho. goda kaalayak balan hitiya mekata sub denakan.
Lahiru Lakshan
thanks machn....
nishannw
බලන්න කලින් විස්තරය කියවද්දිම ඇබ්බැහි වුනා..........ස්තූතියි
Nadeesha rox alahakoon
Tnx bro. Mekanum aniwa blnw. Ara mulin tike wage sirawatama hithenawa kiyhnko.
rangika Kariyawasam
බෝම තුති සහෝ.ෆට්ටම
sam1973
ඔය ගොල්ලො ඇයි මේ select කරන එක Band කරල තියෙන්නේ. සමහර වෙලාවට අපට ඒක බොහොම අපහසුවක් Film එකක් search කරන්න. ඒකෙන් ඔයගොල්ලො බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල මට තේරෙන්නෙ නැහැ.
විමා
ෆිල්ම් එකක් සර්ච් කරන්න ඕන නම් ෆිල්ම් ඒකෙ IMDB නේම් එක කොපි කරගෙන සර්ච් බාර් ඒකෙ Crtl+v දෙන්න
සරලයි සුගමයි :D
රයිට් ක්ලික් බෑන් කලේ, තමන්ට යමක් කරගන්න බැරි නිසා සයිට් එකෙ දාන හැම දෙයක්ම එහෙම් පිටින්ම උස්සල තමන්ගේ වගේ දාන කොල්ලොයි බල්ලොයි සේරම උන්දලා නිසා.nishannw
Phone eken copy karannat ba.
akilas
Niyamai. me wage TV series hamoma balanna one. ethakota me parisarayata awabodayen ma adaraya karai
Sampath2012
Sub ekata thanx.. supiri kathawak wage.. puluwan nam download karanna torrent eke site eka kiyanawada
Pradeepkumara
Thanx sahoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sampath n perera
obage thoragenim athi wishishtai .. thanks...
dhanushka premarathna
super
Nipuna lakshan
mekanam pattaa wage,,,
Sumudu Nuwan
balalama ennm
Milinda Sadaruwan
thank you bro
sam fisherr
දැන්නම් netflix එව බලලම එපාවෙලා තියෙන්නෙ එහෙව් එකෙ මේවගේ එකක් බලන්න ලැබෙනව කියන්නෙ සුපිරි.මෙව දැක්කම තම අපි මොන ලොකෙද හිටියේ මෙච්චර කල්,මොන තරම් පටුවට ද හිතන් හිටියෙ මේ නිල් බොලේ ගැන කියල හිතෙන්නේ සුපිරි ආ ලස්සන හිමවතේ පැසෙන "මාවි" අයියේ.
මේවගේ එවටත් තව සබ්දෙන්න brain game,how universe works වගේ එවට සබ්දෙයි කියල හිතනව ස්තුති.Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
suranuwan
thanks bro...
mmadhushankha
ela bn
vsisuru
thnkz sahooo deviyek neme devalyak mekta sub hoya hoya hitiyeee ammooo thnkzzz
sahan ranasinghe
දණ ගහල වඳින්න හිතෙනවා බ්‍රෝ..ස්තූති ස්තූතී ස්තූතී
Nirosha Nirosha
thanks
Malinda Muthukumarana
කාලෝචිතයි... බොහොම ස්තූතියි සහෝ...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
ජය වේවා.!Emi
Thank you
Amila Mudalige
Sub ekata Thanks
Waruna Wijerathna
Thank you
Nimthaka kumara
Thanks
Anonymous
e bn meke samahara episode wala link expired wela nee mokak hri karannako plz
Manu
Godak Sthuthi..Jaya wewa!
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



අම්මෝ ♥♥♥♥
බොහොම ස්තුතියි
ඉතුරුවත් පුළුවන් ඉක්මනට දෙන්න
Good Luck Bro !