Watch Trailer

Pluribus [S01 : E05] Sinhala Subtitles | කිරිබොන ඇත්තෝ! [සිංහල උපසිරසි]

Pluribus Sinhala Subtitles අද මං මේ උපසිරැසිය එවන වෙලාව වෙද්දි මුළු රටම දැවැන්ත ස්වභාවික ව්‍යසනයකට මුහුණ දීලා තියෙනවා. විපතට පත්වුණු හැමෝටම ඉක්මණින් සහනය ලැබේවා කියලත් මියගිය අයට නිවන්සුව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරන්න ඕනෙ. ඒ වගේම හැමෝටම ත්‍රිවිධ රත්නයේ සහ සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් යහ…

Pluribus Sinhala Subtitles

අද මං මේ උපසිරැසිය එවන වෙලාව වෙද්දි මුළු රටම  දැවැන්ත ස්වභාවික ව්‍යසනයකට මුහුණ දීලා තියෙනවා. විපතට පත්වුණු හැමෝටම ඉක්මණින් සහනය ලැබේවා කියලත් මියගිය අයට නිවන්සුව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරන්න ඕනෙ. ඒ වගේම හැමෝටම ත්‍රිවිධ රත්නයේ සහ සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම පරෙස්සමින් ඉන්න.

මේ පළවෙන්නේ Pluribus කතා මාලාවේ පස්වැනි කතාංගයයි.  මේකේ මීළඟ කොටස නිකුත් වන බව දැනගන්න ලැබෙන්නේ එළැඹෙන දෙසැම්බර් 05 වැනිදා යි. පළමු කතා සමය කතාංග නවයකින් සමන්විත වෙන Pluribus කතා මාලාවේ කතාංග දෙකක් නොවැම්බර් 7 වැනිදාත්, තුන්වැනි කතාංගය නොවැම්බර් 14 වැනිදාත් මේ පළවෙන හතරවැනි කොටස පසුගිය 21 වැනිදාත් ඇපල් TV ඔස්සේ විකාශය වුණා. ඒ වගේම ඉදිරියේදී හැම සතියෙම සිකුරාදාට එක් කතාංගය බැගින් විකාශය වෙන්නට නියමිතව තියෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. මේ වනවිට IMDb දර්ශකයේ 9/10ක අගයක් ලබාගෙන තිබෙන මේ ටෙලිනාට්‍යය, Rottentomatoes වෙබ් අඩවියේ 100%ක Tomatometer අගයක් වගේම 87%ක Popcornmeter අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි TMDB අඩවියේ 89%ක Score අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ වගේම metacritic අඩවියේ ප්‍රතිචාර අනුව 86%ක ප්‍රසාදයක් ලබාගෙන තියෙනවා. එහෙනම් අද කතාව වෙත යොමුවෙමු. 

 

අද පළ වන කතාංගය ගැන:

  • පස්වැනි කොටස – “Got Milk” – “කිරිබොන ඇත්තෝ!” 
  • අධ්‍යක්ෂක –Gordon Smith 
  • තිරරචනය – Ariel Levine  
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –2025 නොවැම්බර් 26 
  • IMDb Ratings – 8.5/10

අද කොටසේ මොකද වෙන්නේ? පසුගිය කොටසේ අන්තිමට සොෂියා අසනීප වුණාට පස්සේ රෝහලට ඇතුලත් කළානෙ. අද කතාව පටන් ගන්නේ එතැනින්. ඒ වෙලාවෙ ලක්ෂ්මි, කැරොල්ට දුරකථන ඇමතුමක් අරගෙන බැණ වදිනවා කැරොල්ගේ වැඩ නිසා තමන්ගෙ පුතා හඬන්නට ගත් බවත්, සොෂියාට හෘදයාබාධයක් වැළඳීමත් සිදුවුණු බව කියමින්. අනතුරුව කැරොල් නින්දට යන අතරේ මුළු ඇල්බකර්කි නගරයේම ආසාදිත ජනතාව කැරොල්ව හුදෙකලා කරමින් නගරය හැර යනවා.  මේ බව දැනගැනීමෙන් කම්පනයට පත්වෙන කැරොල් වීඩියෝවක් මඟින් අනෙක් ආරක්ෂිතයන්ව අමතමින් මේ ආසාදිත ජනතාව බේරා ගැනීමට තමන් හා එක්වන ලෙස ආරාධනා කරනවා. මේ වීඩියෝව ඔවුන් අතට පත් කරන ලෙස කැරොල් මී වද මනසෙන් ඉල්ලනවා. ඇයගේ ඉල්ලීම ඉටු වෙයිද? හදිසියේම නගරයේ කුණු බඳුනකින් කැරොල්ට හමුවන හෝඩුවාව කුමක්ද? කැරොල්ට එය මඟින් ලෝකය බේරා ගත හැකිවනු ඇතිද? මුල සිට අගටම කුතුහලය වෑහෙන මේ කතාව නරඹලා මේ දේවල් දැනගන්න එහෙමනම් අද කොටසින්….

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

ඔබට තෙරුවන් සරණයි!

The Monster of Florence Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

1,296 downloadsDownload Pluribus-S01E05.zip12 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Pluribus Sinhala Subtitles

All BT1Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

1,296 downloadsDownload Subtitles12 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි ප්‍රබුද්ධ කේසර සහෝ උපසිරැසියට

  2. Anonymous

    Thanks

  3. Sahan Gayantha

    thanks a lot Kesara saho sub ekata