Pluribus Sinhala Subtitles මේ පළවෙන්නේ Pluribus කතා මාලාවේ සිව්වැනි කතාංගයයි. මේ සති අන්තයේ පොඩි ගමනක් ගිය නිසා මේ උපසිරැසිය සති අන්තයේම කරන්න මට බැරි වුණා. කෙසේ වෙතත් අද ඔබ වෙත මේක ලැබෙනවා. මේකේ මීළඟ කොටස නිකුත් වන බව දැනගන්න ලැබෙන්නේ එළැඹෙන නොවැම්බර් 26 වැනිදායි. පළමු කතා සමය කතාංග නවයකින් සමන්වි…

Pluribus Sinhala Subtitles
මේ පළවෙන්නේ Pluribus කතා මාලාවේ සිව්වැනි කතාංගයයි. මේ සති අන්තයේ පොඩි ගමනක් ගිය නිසා මේ උපසිරැසිය සති අන්තයේම කරන්න මට බැරි වුණා. කෙසේ වෙතත් අද ඔබ වෙත මේක ලැබෙනවා. මේකේ මීළඟ කොටස නිකුත් වන බව දැනගන්න ලැබෙන්නේ එළැඹෙන නොවැම්බර් 26 වැනිදායි. පළමු කතා සමය කතාංග නවයකින් සමන්විත වෙන Pluribus කතා මාලාවේ කතාංග දෙකක් නොවැම්බර් 7 වැනිදාත්, තුන්වැනි කතාංගය නොවැම්බර් 14 වැනිදාත් මේ පළවෙන හතරවැනි කොටස පසුගිය 21 වැනිදාත් ඇපල් TV ඔස්සේ විකාශය වුණා. ඒ වගේම ඉදිරියේදී හැම සතියෙම සිකුරාදාට එක් කතාංගය බැගින් විකාශය වෙන්නට නියමිතව තියෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. මේ වනවිට IMDb දර්ශකයේ 9/10ක අගයක් ලබාගෙන තිබෙන මේ ටෙලිනාට්‍යය, Rottentomatoes වෙබ් අඩවියේ 100%ක Tomatometer අගයක් වගේම 87%ක Popcornmeter අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි TMDB අඩවියේ 89%ක Score අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ වගේම metacritic අඩවියේ ප්‍රතිචාර අනුව 86%ක ප්‍රසාදයක් ලබාගෙන තියෙනවා. එහෙනම් අද කතාව වෙත යොමුවෙමු.
අද පළ වන කතාංගය ගැන:
• තුන්වැනි කොටස – “Please, Carol” – “එපා කැරොල්!”
• අධ්‍යක්ෂක – Zetna Fuentes
• තිරරචනය – Alison Tatlock
• මුල්වරට විකාශය කෙරුණු දිනය – 2025 නොවැම්බර් 21
• IMDb Ratings – 8.2/10
අද කොටසේ මොකද වෙන්නේ? මේ කොටස ආරම්භ වෙන්නේ අතීතාවර්ජනයකින්. මතකද කැරොල් ගුවන් යානයේදී ඇමතුමක් ගත්ත පැරගුවේ වල මනුස්සයාව? මැනුසෝස්? කැරොල් කතා කරද්දී බැනපු මැනුසොස් ජිවත් වෙන්නේ පැරගුවේ වල ගබඩා පහසුකම් කාර්යාලයක, අන් අයගේ උදව් ප්‍රතික්ෂේප කරමින්. කැරොල්ගේ ඇමතුම ලැබෙද්දී ඔහු ආහාර වලට ලොකර් හොරකම් කරනවා. වර්තමානයේදී, කැරොල් රෝහලෙන් නිවසට පැමිණ අන් අය ගැන ඇය ඉගෙන ගත් කරුණු ලැයිස්තුවක් සම්පාදනය කරන්න පටන් ගන්නවා, ඇය තේරුම් ගන්නවා මී වද මනසේ අයට බොරු කියන්න බැරි බව. කැරොල් රෝහලේ සෝෂියා වෙත යන්නේ මී වද මනසේ ඒකාබද්ධ කරණය ආපසු හැරවිය හැකිදැයි අහන්න. නමුත් මී වද මනස පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරනවා. කැරොල් රහසිගතව සෝඩියම් තයෝපෙන්ටල් කුප්පි හොරකම් කරගෙන, යම්කිසි කාර්යයක් වෙනුවෙන් යොදවා ගන්න එහි කාර්යක්ෂමතාව හොයලා බලන්න හදනවා. ඒක සාර්ථක වෙයිද? ඇය දැනගන්නා අනාවරණය කුමක්ද? ඊට පස්සේ කැරොල් මොකද කරන්නේ? කැරොල් මීවද මනසට එරෙහිව කරන දෙයෙහි ප්‍රතිඵලය මොකක් වෙයිද? මුල සිට අගටම කුතුහලය වෑහෙන මේ කතාව නරඹලා මේ දේවල් දැනගන්න එහෙමනම් අද කොටසින්….

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
The Monster of Florence Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.
1,128 downloadsDownload Pluribus-S01E04.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Pluribus Sinhala Subtitles
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
3 comments
Buddhika laKMal
Anonymous
Thanks Bro
Sahan Gayantha
thanks a lot brother sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තූතියි ප්‍රබුද්ධ කේසර සහෝ උපසිරැසියට