මම බලාපොරොත්තු වෙනවා මේ කතාමාලවට අදාලව අපාරධ නඩුවේ නීතිමය භාවිතයන් ගැන මා දන්නා පමණින් කතා කරගෙනම යන්න. අපරාධ නීතිය කියන්නෙ පුළුල් විෂය ක්ෂේත්‍රයක්නෙ; වැඩිපුර විෂයානු බද්ධ කරුණු සාරංශ විදියට හරි කියන්න උත්සහ කරන එකෙන් ඔයාට මේ කතාමාලාව 100%ම රසවින්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. කතාවේ ඔයාගේ ඔ…

මම බලාපොරොත්තු වෙනවා මේ කතාමාලවට අදාලව අපාරධ නඩුවේ නීතිමය භාවිතයන් ගැන මා දන්නා පමණින් කතා කරගෙනම යන්න. අපරාධ නීතිය කියන්නෙ පුළුල් විෂය ක්ෂේත්‍රයක්නෙ; වැඩිපුර විෂයානු බද්ධ කරුණු සාරංශ විදියට හරි කියන්න උත්සහ කරන එකෙන් ඔයාට මේ කතාමාලාව 100%ම රසවින්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. කතාවේ ඔයාගේ ඔළුවේ නැති මොනහරි දෙයක් තිබ්බොත් ගොඩක් දුරට ඒවා මේ ලිපි වලින් ආවරණය වෙලා තියෙයි.
ඉතින් එහෙනම් පටන් ගමු ඇමරිකානු නීතිඥයෙක් සහ ලේඛකයෙක් වෙන Scott Frederick Turow රචිත Presumed Innocent නවකතාව පාදක කරගෙන ගොඩනැගුනු සුපිරි කතාමාලාවේ දෙවැන්න ගැන කතාකරන්න. කෝකටත් කලින් මුලින්ම ස්තූති කරලා ඉන්න ඕනේ රවිදු සහෝදරයා ඇතුළු ඇඩ්මීන් මඩුල්ලට, මොකද සමහරක් තැන් වලදී උපසිරසියේ අඩුපාඩු හදාගන්න උදව් කළා. උපසිරසියක් කරන්න පටන් ගත්තාට, කොච්චර දැනන් හිටියත් කරගෙන යද්දි තමයි අමාරුකම තේරෙන්නෙ.
අපරාධ නීතිය අනුව අපරාධයක් සිදු කිරීම මුලුමහත් සමාජයටම සිදු කරන වරදක් විදියටයි සලකන්නෙ. ඒ අනුව අපරාධ නඩුවේ අරමුණ වින්දිතයට සහ නඩුවේ චුදිතයට විතරක් නෙවෙයි මුළුමහත් සමාජයටම යුක්තිය ඉටු කිරීමයි. එ අනුව අපරාධ නඩුවක විනිසුරුවරයාගේ කාරයභාරය වෙන්නෙ නිවැරැදි පුද්ගලයෙක් නිදහස් කිරීම විතරක් නෙවෙයි පැමිණිල්ලේ නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති අවස්ථාවක අපරාධයකට වරදකරු වෙන කෙනාට දඬුවම් ලබා දීමයි.
මේ කතාව වෙන්නෙ ඉලිනොයිස් ප්‍රාන්තයේ මනුෂ්‍ය ඝාතන වැඩිම නගරේ වෙන චිකාගෝ වල කියලා ඔයා දන්නවනෙ. (චිකාගෝ නගරයේ වෙන ඝාතන කොච්චරද කියලා කතාව බලද්දී බාබරා සැබිච් කියයි .දිස්ත්‍රික්කයේ නීතිඥ කාර්යාලයේ(ලංකාවේ නම් ඉතින් නීතිපති දේපාර්තුමේන්තුව) නීතිඥවරියක් වුනු කැරොලින් පොලිහේමස්ව මේ වෙද්දි ඝාතනය කරලා.ඒ වෙද්දී දිස්ත්‍රික් නීතිඥවරයාව හිටපු රේමන්ඩ්ටත් ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වුනා. (ලංකාවේ නීතිපතිවරයා ජනාධිපති පත් කරාට පොදු ඡන්දෙකීන් තමයි චිකාගෝ වල දිස්ත්‍රික් නීතිඥයා පත් කරන්නෙ ) කැරොලින් ගේ ඝාතනය කොයි පැත්තට පෙරලෙයිද දන් නෑ. දැන් තමයි නඩුව පටන් ගන්නෙ.
අමෙරිකා එක්සත් ජනපදයේ අපරාධ කරුවන්ට එරෙහිව නඩුවක් පටන් ගන්නේ විනිශ්චකාරවරයෙකු මගින් නිකුත් කරන පැමිණිල්ලක් මඟින් හෝ මහාජූරි සභාවක් මඟින් නිකුත් කරන අධිචෝදනා පත්‍රයක් තුළින් වේ.
මොකක්ද එතකොට මේ Presumed Innocent(නිර්දෝෂිභාවයේ පූර්වමානය හෙවත් අහිංසකභාවයේ පූර්ව නිගමනය) කියන්නෙ?
අපරාධ නඩුවක චූදිත විත්තිකරුවෙකුට එරෙහිව චෝදනාවක් අධිකරණයක් වෙත ඉදිරිපත්ව ඇති විට, ඊට අදාළ නඩු විභාගය ඇරඹෙන්නේ අහිංසකභාවයේ පූර්ව නිගමනය(Presumption of innocence) සමඟයි.චූදිතයෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා “සාධාරණ සැකයෙන් ඔබ්බට” ඔප්පු කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පැවරී තිබෙන්නේ අභිචෝදක පාර්ශ්වය එනම් පැමිණිල්ල වෙතටයි. එනම් අදාළ නිශ්චිත වරද, එම විත්තිකරු විසින්ම සිදුකර ඇති බවට, ඇසින් දුටු සාක්ෂි වැනි ඍජු සාක්ෂි හා පරිවේශනීය සාක්ෂි මගින්, අධිකරණ මනැසේ (නඩුව විනිශ්චය කරන විනිශ්චයකාරතුමන්ගේ සිතේ) මනාව සනාථ කළ යුතුය.එනම් චූදිතගේ වරදකාරීත්වය පිළිබඳව කිසිඳු සාධාරණ සැකයක්, සාධාරණ මිනිසෙකුගේ මනැසෙහි තවදුරටත් ජනිත විය නොහැකි තරම් දුරට, සාක්ෂි සාධක මගින් අදාළ චෝදනාව සනාථ විය යුතුය.
අහිංසකභාවයේ පූර්ව නිගමනයේ පදනම වන්නේ, අපරාධකරුවන් සියයක් නීතියේ රැහැනින් ගැලවී ගියද අහිංසකයෙකු නොකළ වරදකට දඬුවම් නොවිඳිය යුතුය යන සිද්ධාන්තයයි.
නඩුවක පාර්ශව දෙකක් ඉන්නවානෙ. පැමිණිල්ලේ පාර්ශවය (අපරාධ නඩුවක පැමිණිල්ල ඉදිරිපත් කරනු ලබන්නේ රජය විසිනි.). අනිත් පාර්ශවය විත්තියේ පාර්ශවයයි.
- සැකකරු සහ විත්තිකරු
යම් පුද්ගලයෙකු යම් කිසි වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ විටෙක පුද්ගලයෙකුට අධිකරණය ඉදිරියේ චෝදනා පත්‍රයක් ගොනු කිරීමට පෙර ඔහුව “සැකකරුවෙකු” ලෙස හඳුන්වන අතර
චෝදනා පත්‍රයක් ගොනු කිරීමෙන් අනතුරුව “විත්තිකරුවෙකු” ලෙස හඳුනවයි.
- චෝදනා පත්‍ර, අධි චෝදනා පත්‍ර
චෝදනා පත්‍රය යනු අධිකරණයේ දී විත්තිකරුවෙකුට සිය වරද සඳහන් කර ලබා දෙනු ලබන ලේඛණයක් වන අතර,
අධි චෝදනා පත්‍රය යනු එම කාර්යය සඳහාම මහාධිකරණයෙන් ලබා දෙනු ලබන ලේඛණය වේ.
- සෝදිසි වරෙන්තුව
කිසියම් සාක්ෂියක් සඳහා නිශ්චිත ප්‍රදේශයක් සෙවීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකුට නියම කරන විනිසුරුවරයෙකු විසින් නිකුත් කරන ලද ලිඛිත නියෝගයක්.
- කවුද අභිචෝදකවරයා
නඩු පැවරීම් ආරම්භ කිරීම, නඩු කටයුතු පවත්වාගෙන යාම සහ නඩු ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් ස්වාධීන හා
අවසානාත්මක කාරයභාරයක් ඉටු කරන පුද්ගලයා වේ.(ලංකාවේ නම් අභිචෝදකවරයා වන්නේ නීතිපතිවරයාමයි.)
- විත්තියේ නීතිඥයා (විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා)
ඇත්තටම කතාමාලාව පුරාම රේමන්ඩ්ගේ කාරයභාරය තමයි මේක.
අපරාධ නඩුවක අවසාන ප්‍රතිඵලයේදී වරදක් කර ඇති බව සනාථ වන තැනැත්තා වරදකරුවෙකු වී දඩුවම් ලැබිය යුතු වීමයි.නමුත් එම වරදකරු කිරීමේ ක්‍රියාවලිය සාධාරණ හා විනිවිද පෙනෙන එකක් විය යුතුය. එසේ නොමැතිව බැලු බැල්මට පෙනෙන අන්දමට පුද්ගලයෙකුගේ සදෝෂත්වය හෝ නිර්දෝෂත්වය තීරණය කිරීම භයානක වේ.
එකී වරදකරු කිරීමේ ක්‍රියාවලියේදී එය සාධාරණ එකක් බවට පත්කිරීම සදහා පුද්ගලයෙකු වරදකරුවෙකු බව සනාථ කිරීමට ගෙනහැර පාන්නා වූ සාක්ෂි වල පිළිගතහැකිභාවය ප්‍රශ්න කිරීමට සහ විත්තිකරු බවට පත්වන තැනැත්තාට ඒ පිළිබදව යම් පැහැදිලි කිරීමක් සිදුකිරීමට හෝ සිදුවීම තමාගේ දෘෂ්ටිකෝණයෙන් විස්තර කිරීමට අවස්ථාව ලබා දිය යුතුය. එනම් පුද්ගලයෙකුගේ වරදකාරීත්වය විනිශ්චයට භාජනය කරන්නා තමාට ඉදිරිපත් වන කරුණු සත්‍ය බවටත් සත්‍ය මිස අන් කිසිවක් නොවන බවටත් සෑහීමකට පත් විය යුතු වේ.
එසේ නොවුවහොත් එය අත්තනෝමතික ඒකපාර්ශ්වික ක්‍රියාවලියක් මිස සාධාරණ නඩු විභාගයක් වන්නේ නැත.
විත්තිකරුගේ නීතිඥවරයාගේ ප්‍රධාන භූමිකාව අධිකරණයට තම සේවාදායකයාගේ එනම් විත්තිකරුගේ නඩුව ඉදිරිපත් කිරීමයි. එය ප්‍රායෝගික තලය තුල ප්‍රධාන වශයෙන් අදියර 3ක් හරහා සිදුවේ.
(අ) ඇප අදියරේදී
යම් සැකකරුවෙකු වරදක් කළ බවට සැක පිට අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති විට ඔහුගේ ක්‍රියාකළාපය පිළිබදව විභාගයක් පවත්වා විනිශ්චයක් ලබාදීමට කල් ගතවේ.
එම සමස්ථ කාල සීමාව සැකකරු සිරගතව තැබිය නොහැක. යම් හෙයකින් ඔහු අහිංසක තැනැත්තෙකු නම් ඔහුගේ නිරවද්‍යතාවය සනාථ වන තුරු සිරගතව සිටි කාලය අසාධාරණ
වනවා පමණක් නොව එය නැවත කිසිදා ප්‍රතිපූර්ණය කළ නොහැකි හානියක්ද වේ. නමුත් ඔහු වරදකරු බව සනාථ වුවහොත් දඩුවම එතැන් සිට ආරම්භ කළ හැකි වේ.
එබැවින් විභාගය අවසාන වන තුරු වරින් වර අධිකරණය හමුවේ පෙනී සිටීමේ පොරොන්දුව පිට සැකකරුවන් මුදාහැරීම සිදුකරයි. එයට භාවිත වන උපකරණය ඇප නම් වේ. එනම් යම්
ශාරීරික හෝ මුදල් හෝ දේපල ඇපයක් මත සැකකරු මුදා හරී. ඔහු නැවත අධිකරණයට පැමිණීම පැහැර හැරියොත් ඇප ලෙස තබා ඇති වටිනාකම රාජසන්තක කළ හැකි වේ.
මෙම ක්‍රියාවලියේදී සැකකරුවෙකුට ඇප ලබාගැනීම සදහා අධිකරණයක් හමුවේ කරුණු ඉදිරිපත් කිරීම සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥයා විසින් ඉටු කරයි.
(ආ) නඩු විභාග අදියරේදී
නඩු විභාගය ප්‍රධාන කොටස් දෙකකි. එනම් පැමිණිල්ලේ නඩුව සහ විත්තියේ නඩුවයි. පැමිණිල්ල මුලින්ම තම පාර්ශවයට විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කිරීමට ඇති කරුණු ඉදිරිපත් කරයි.
එහිදී විත්තියේ කාර්යභාරය වන්නේ පැමිණිල්ල ඉදිරිපත් කරන කරුණු වල ඇති අනුරූපිතාවය නිරවද්‍යභාවය සහ පිළිගතහැකි බව ප්‍රශ්න කිරීමය. එය හරස් ප්‍රශ්න විමසීම(ඉදිරියේදි පැහැදිලි කරනවා.) සහ විටින් විට අවස්ථානුකූලව
විරෝධතා ඉදිරිපත් කිරීම හරහා සිදු වේ. එය විත්තිකරුවෙකු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා ඉටු කරයි.
ඉන්පසු විත්තියේ නඩුව ආරම්භ වේ. එහිදී විත්තිකරුට තමන්ගේ පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීමට තමන් වෙනුවෙන් කරුණු කීමට සාක්ෂිකරුවන් කැදවීමට හෝ නිහඩව සිටීමට අවකාශය ලැබේ.
එහිදී විත්තිකරු වෙනුවෙන් විත්තියේ නීතිඥවරයා ඉහත විකල්ප වලින් සුදුසුම විකල්ප පිළිබදව විත්තිකරුට නිර්දේශ කිරීම විත්තියේ සාක්ෂි මෙහෙයැවීම ඉදිරිපත් කළ යුත්තේ
කවර සාක්ෂිද ආදිය තීරණය කිරීම ආදිය සිදු කරයි. එහිදී විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරන අවස්ථාවකදී හැර විත්තිය ඉදිරිපත් කරන සාක්ෂි හරස් ප්‍රශ්න වලට භාජනය කිරීමට පැමිණිල්ලට අවස්ථාව ලැබේ.
(ඇ) විශ්ලේෂණ අදියර
නඩුවක සාක්ෂි ඉදිරිපත් කර අවසන් වී ඇති අවස්ථාවක ඒවා ඇගයීම පිළිගත යුත්තේ කවර සාක්ෂිද යන්න තීරණය කිරීම ආදිය සම්බන්ධයෙන් මග පෙන්වීම් නීතියේ දැක්වේ.
ඒවාට අනුකූලව ඉදිරිපත් වී ඇති සාක්ෂි විශ්ලේෂණය කරමින් අධිකරණය සාක්ෂි සම්බන්ධයෙන් ගත යුතු තීරණය යෝජනා කරමින් කරුණු දැක්වීමට දෙපාර්ශවයටම අවසරය ලැබේ.
එය විත්තිකරුවෙකු වෙනුවෙන් විත්තියේ නීතිඥවරයා ඉටු කරයි.
මීට අමතර තවත් අතුරු හා පශ්චාත් කාර්යයන් රැසක් නීතිඥවරයෙක-ුට පැවරේ. ප්‍රධාන වශයෙන් නඩු විභාගයකදී විත්තියේ නීතිඥවරයෙකුගේ භූමිකාව ඉහත ක්ෂේත්‍ර තුන යටතේ සිදු කෙරේ.
ඒ අනුව විනිශ්චයක් ලබාදීමට පෙර සෑම පාර්ශවයකටම සවන් දීම අත්‍යවශ්‍ය වේ. ඒ අත්‍යවශ්‍යතාවය තුල විත්තියේ නීතිඥ භූමිකාව යනු යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියේ අග්‍ර ඵලය සදහා අත්‍යවශ්‍ය භූමිකාවකි.
එය නොමැතිව යුක්තිය පසිදලීම සම්පූර්ණ වන්නේ නැත.
- පූර්ව නඩු විභාගය
(මේක ඇමරිකාවේ ක්‍රියාත්මක වෙන විදිය හරියටම කියන්න නම් දන්නේ නැහැ. ඒත් අදහසක් ගන්න උපුටා දැක්වීමක් දාන්නම්.)
පූර්ව නඩු විභාගයක මූලික පරමාර්ථය නඩුවක් අනවශ්‍ය ආකාරයෙන් දිර්ඝ වීම වළකා නඩු කටයුතු කාරක්ෂම කිරීමයි.
ලංකාවේදි මහාධිකරණයේ පැවැත්වෙන නඩුකර සම්බන්ධව සිවිල් නඩුකරයක මෙන්ම අපරාධ නඩුවලට ද නඩුව විභාගයට ගැනීමට ප්‍රථමව
“පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ” (pre-trial conference) නමින් පියවරක් එක් කර ඇත.
මෙම සම්මන්ත්‍රණය චූදිතයා අධිකරණයේ පෙනී සිටි දින හෝ අධිකරණය විසින් චූදිතට නියම කල දින සිට මාස 3ක් ඉක්මයාමට ප්‍රථමව අවසන් කල යුතුවේ.
පූර්ව නඩු විභාගය මහාධිකරණ විනිසුරුවරයා හෝ වර්තාධිකාරී විනිසුරුවරයා (Recorder Judge) විසින් පවත්වනු ලබයි.
නමුත් විශේෂ නඩු විභාගයකට අදාලව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (Trial-at-bar) හමුවේ විභාගයට ගන්නා නඩුවලදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය
එම විනිසුරුවරයන් තිදෙනා ඉදිරියේදී පමණක් පැවැත්විය යුතුය.
මෙලෙස පවත්වා නිමකරන පූර්ව නඩු විභාගයකට පසුව විනිසුරුවරයා විසින් ගත් තීරණ කියවා පැහැදිලි කර දී අදාල පාර්ශවයන් එය වටහාගත් බව වාර්තා කර අත්සන් තැබිය යුතුය.
තවද සාක්ෂිකරුවන් සිටින්නේ ද නැද්ද යන්න පිළිබදව වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙස නඩුවේ චෝදනාව පිළිබද විමර්ශනය කරන පොලිස් නිලධාරිවරයාට නියෝග කල යුතුය.
වැඩි විස්තර සඳහා ඇමුණුම බලන්න.
Link to Acts: www.documets.gov.lk
✍️ නිතිවේදී තිනෙත් කොරසගල්ල
මම හිතනවා යම්කිසි අදහසක් ලැබෙන්න ඇති කියලා. ඔයාලගේ අදහස් පහළින් ඉදිරිපත් කරන්න. ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,290 downloadsDownload Presumed-Innocent.S01E02.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමාල් ගනේගොඩ (G.V.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-03-02
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හේමාල් ගනේගොඩ (G.V.)
Subtitles
- #2021
- #Arcane
- #Editor's Pick
- #Hailee Steinfeld
- #Harry Lloyd
- #Jason Spisak
- #JB Blanc
- #Kevin Alejandro
- #League of Legends
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Toks Olagundoye
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #හේමාල් ගනේගොඩ (G.V.)
4 comments
Randula yasiru
Buddhika laKMal
ස්තූතියි හේමාල් සහෝ උපසිරැසියට...
පලවෙනි උපසිරැසියට සුබපැතුම්...Viraj
Thanks
ishan
thankyou
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Baiscope , Undercover High school කොරියන් Drama එකේ සිංහල උපැසිරසි දෙනවද?