Reacher season 02 Sinhala Subtitles කලින් කොටසින්: පිපිරුම සිදුවුණ තැනට රූසෝ එනවා. වෙඩික්කරු ගේ ඇතුළට යනකොට දොරට අමුණලා තිබුණු බෝම්බය පිපිරුණු බවත් නිවස තුළ වෙන කිසිවෙක් නොහිටපු බවත් ඔහු රීචර් ඇතුළු පිරිසට පවසනවා. එහිදී ඔහුට එන හදිසි දුරකතන ඇමතුවෙන් දැනගන්නට ලැබෙනවා මාලෝ බර්න්ස් සහ ඇගේ දියණියගේ කාර…

Reacher season 02 Sinhala Subtitles
කලින් කොටසින්:
පිපිරුම සිදුවුණ තැනට රූසෝ එනවා. වෙඩික්කරු ගේ ඇතුළට යනකොට දොරට අමුණලා තිබුණු බෝම්බය පිපිරුණු බවත් නිවස තුළ වෙන කිසිවෙක් නොහිටපු බවත් ඔහු රීචර් ඇතුළු පිරිසට පවසනවා. එහිදී ඔහුට එන හදිසි දුරකතන ඇමතුවෙන් දැනගන්නට ලැබෙනවා මාලෝ බර්න්ස් සහ ඇගේ දියණියගේ කාර් එක මෑන්හැටන් වලදි තිබෙන බවට. ඉන්පසු රීචර් සහ කණ්ඩායම කෙලින්ම එතනට යන්නේ මාලෝව හොයාගෙන. ඒ යනවිට කාර් එක එතන තිබුණත් ඇය සහ ඇගේ දියණිය ඒ අසල නොසිටියත් ළඟම තිබෙන කෑම කඩේට අනිවාරෙන්ම ඔවුන් යන්නැති බව රීචර් පවසනවා. ඒ හමුවේ ඔවුන් කඩය තුළට ගොස් ආරක්ෂක කැමරා දර්ශන ඔස්සෙ ඔවුන් කඩෙන් මිලදී ගත්තේ මොනවාදැයි සියල්ල දැනගෙන මාලෝගෙ දියණිය ගේම් ගහන කෙනෙක් නිසා, ඇගේ ගේමර්ටැග් එක දැනගන්න ආපහු මාලෝගෙ නිවසට යාමට මොවුන් තීරණේ කරනවා. මේ අතර මඟ එන ගමන් සිටින A.M. පෙනිසිල්වේනියාවෙදී අහඹු ලෙස පොලිස් නිලධාරිනියකට හසුව ලයිසන් එක පරීක්ෂා කරද්දී එය ඝාතනය කළ වෛද්‍යවරයෙකුගේ බව දැනගන්නට ලැබුණද හැරෙන මත්තෙන් ඔහු විසින් පොලිස් නිලධාරිනියව ඝාතනය කර එතනින් පළා යනවා. මේ අතර රූසෝ ගිහින් ඔහුගෙ බොස් වන ලුතිනන් මාෂ්ට තමුන් දූෂිත බවට චෝදනා එල්ල කරන්නෙ, රීචර් සහ කණ්ඩායම බොස්ටන් යන වග තමන් විසින් මාෂ් හට පමණක් බවත් පසුව ඔවුන්ට එහිදී ප්‍රහාර එල්ලවුණේ තමුන් ලැන්ග්ස්ටන් හට තොරතුරු පවසන හේතුවෙන් බවත් කියා ඇඟිල්ල දිගු කරමිනුයි. එහිදී තමන් ඒ වැරැද්ද කළ බවත් ලැන්ග්ස්ටන්ගේ අල්ලේ තමන් නටන බවද පිළිගන්නා මාෂ්, රූසෝටත් පවසන්නෙ ලැන්ග්ස්ටන් මුදල් දුන්නොත් එය භාරගන්නා ලෙසට. එතනින් මාෂ්ට බැන වදින රූසෝ එතනින් පිටවෙනවා. මේ අතර මාලෝගෙ දියණිය ගේමර්ටැග් එක හොයාගෙන එය ට්‍රැක් කරන නීලි අවසානයේ ඔවුන් දෙපළ සිටින ස්තානය හොයාගෙන එතනට යනවා. එහිදී මාලෝව අල්ලාගෙන ප්‍රශ්න කරයින් අනතුරුව A.M. කරන්නෙ මියිසල 650 අරගෙන නිව් ඒජ් එකේ ඉංජිනේරුවෙක් මුණගැසීමට යන්නෙ ලිට්ල් වින්ග් චිප් මිසයිල තුළට සවි කරන අයුරු ඉගෙන ගැනීමට බව ඇය පවසනවා. මාලෝගෙ මාර්ගයෙන් ලැන්ග්ස්ටන්ව ගෙන්වා ගැනීමට රීචර් සහ කණ්ඩායම සැලසුම් කරන්නෙ මාලෝගෙ දියණියව බලාගන්නට රූසෝ වෙත භාරදීමෙන් අනතුරුවයි. ලැන්ග්ස්ටන්ව කොටු කරගන්නට තැනූ සැලසුම අසාර්තක වෙද්දී රූසෝ හා මාලෝගෙ දියණිය මැරීමට වෙනම පිරිසක් කාර් එකකින් ඔවුන්ව ලුහුබඳිනවා. මාලෝගෙ දියණියව ආරක්ෂා කරමින් අවසානයේ අවංකව තම රාජකාරිය කළ රූසෝ අවාසනාවන්ත ලෙස මිය යනවා.

එහෙනම් කතාසමයේ අවසානයට ළං කරලා ඉන්නෙ. කලින් කතාව මතක් කරගෙනම අද කතාව බලන්න කියල ආරාධනා කරලා අදට මං මෙතනින් නවතිනවා. රීචර් දෙවනි කතාසමයේ අවසන් කොටසින් හමුවෙමු.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Reacher season 02 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
713 downloadsDownload Reacher-S02E07-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Reacher s02 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Reacher S01 Sinhala Sub
- #Reacher S01 Sinhala Subtitles
- #Reacher season 01 Sinhala Subtitles
- #Reacher Sinhala Sub
- #Reacher Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks