Watch Trailer

Reacher [S02 : E05] Sinhala Subtitles | මිතුරා හතුරෙක් වෙලාද? [සිංහල උපසිරසි]

Reacher season 02 Sinhala Subtitles කලින් කොටස ඔයාල බැලුවා නං මතක ඇති, ඒ කොටසේ තමා ටිකක් හරියට team-up වලියක් බලාගන්න ලැබුණේ. ටෝනි ස්වෝන් පවා නිව් ඒජ් එකේ වැඩ කරලා තියෙන්නෙ කියල දැනගත්තු වහාම රීචර් ඇතුළු කණ්ඩායම නිව් ඒජ් එකේ වැඩ කරන සියළුම දෙනා ගැන විස්තර හොයන්න ගන්නවා. ඒ අනුව ඔ’ඩෝනල්ගෙ එකම මතය වන්…

Reacher season 02 Sinhala Subtitles

කලින් කොටස ඔයාල බැලුවා නං මතක ඇති, ඒ කොටසේ තමා ටිකක් හරියට team-up වලියක් බලාගන්න ලැබුණේ. ටෝනි ස්වෝන් පවා නිව් ඒජ් එකේ වැඩ කරලා තියෙන්නෙ කියල දැනගත්තු වහාම රීචර් ඇතුළු කණ්ඩායම නිව් ඒජ් එකේ වැඩ කරන සියළුම දෙනා ගැන විස්තර හොයන්න ගන්නවා. ඒ අනුව ඔ’ඩෝනල්ගෙ එකම මතය වන්නෙ ස්වෝනුත් මේවායේ කොටස් කරුවෙක්, දූෂිත අයෙක් කියලා. නමුත් තමන් විසින්ම එකිනෙකා තෝරාගෙන ආරම්භ කළ 110 විශේෂ විමර්ශන ඒකකයේ සාමාජිකයින්ව සැකකිරීමට කොහෙත්ම රීචර් අකමැති වෙනවා. පසුව රට ඉඳන් එන ගමන් A.M හාදයා කෙලින්ම වෛද්‍යවරයෙක් ගාවට යන්නෙ කෙලින්ම ඔහුව ඝාතනය කර ඒ තැන අරගෙන අනන්‍යතාවය වෙනස් කරගන්න. ඒ අතර සැලසුම ඉදිරියට ගෙනියන පොටක් විදිහට ඩැනියෙල් බොයිඩ්ව අල්ලා ගැනිමට බොස්ටන්වල තියෙන සංගීත සංධ්වනියකට සහභාගී වෙන්න යනවා. ඒ බව රූසෝට දැනුවත් කරන මොවුන්ගේ ඊළඟ පියවර වෙන්නෙ රීචර් සහ ඔ’ඩෝනල් වෙනමත් නීලි සහ ඩික්සන් මාලෝ බර්න්ස් එක්ක කතා කිරීමට ඇයගේ නිවසට යනවා. එහිදී නීලිට සහ ඩික්සන්ට මාලෝව හමු නොවුණත් නිවස තුළ තිබිලා සල්ලි මල්ලක් හොයාගන්න ලැබෙනවා. සංධ්වනිය අවසානයේ ඩික්සන්ගෙ මාර්ගයෙන් බොයිඩ්ව මත්ද්‍රව්‍යය භාවිතයේදී පොලීසියෙන් අත් අඩංගුවට පත්වෙනවා. පොලීසියෙන් විදිහට මෙතනට ඇවිල්ලා බොයිඩ්ව කොටු කරගන්නේ වෙන කවුරුත් නෙවෙයි, සීසන් එකේ අපිට බලාගන්න ලැබුණ රීචර්ගෙ මිත්‍රයා ෆින්ලේ. ඉතිං ඒ මාර්ගයෙන් බොයිඩ්ගෙන් නිව්‍ ඒජ් එක ඇතුළත වෙන රහස විස්තර ඇතුව අහගන්න මොවුනට පුළුවන් වෙනවා. අන්තිමට රීචර් ඇතුළු පිරිස රාත්‍රී කෑම ගැනීමට යන අවස්තාවක බයික්කාරයෝ ටිකක් ඇවිත් වට කරගන්නේ මොවුන්ව මරන්න බලාගෙන. ඒ හැමෝවම ඉවරයක් කරලා දාන්න රීචර් කණ්ඩායමේ අනිත් මිත්‍රයන්ට හැකියාව ලැබෙනවා.

ඔන්න එහෙනම් අද කොටසින් බලාගන්න වෙන්නෙ එතනින් පස්සෙ කතාව. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

Reacher season 02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

810 downloadsDownload Reacher-S02E05-Sinhala-Subtitles.zip29 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                             Next BT1All BT1Previous BT1

 

Reacher s02 Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

810 downloadsDownload Subtitles29 KB

2 comments

  1. Sahan Gayantha

    thanks a lot Ruka sahosub ekata

  2. Sandaru Nimsara

    Thanks