Reacher season 02 Sinhala Subtitles ආයුබෝවන්, බයිස්කෝප් වාසී සියළුම රසික රසිකාවියන්ට. එහෙනම් ඉතිං මේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ රීචර් දෙවනි කතාසමයේ අටවන නොහොත් අවසන් කතාංගය. පලවෙනි කතාසමය වගේම ඔන්න එහෙනම් දෙවනි කතාසමයේ අවසානයත් අරගෙන එන්න පුළුවන් වුණා. එහෙනම් ඉතිං වෙනදා වගේම කලින් කතාංගය මතක් කරගෙනම අද…

Reacher season 02 Sinhala Subtitles
ආයුබෝවන්, බයිස්කෝප් වාසී සියළුම රසික රසිකාවියන්ට. එහෙනම් ඉතිං මේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ රීචර් දෙවනි කතාසමයේ අටවන නොහොත් අවසන් කතාංගය. පලවෙනි කතාසමය වගේම ඔන්න එහෙනම් දෙවනි කතාසමයේ අවසානයත් අරගෙන එන්න පුළුවන් වුණා. එහෙනම් ඉතිං වෙනදා වගේම කලින් කතාංගය මතක් කරගෙනම අද කොටස බලන්න.
කලින් කොටසින්:
මාලෝව සහ ඇගේ දියණියව ආරක්ෂිතව යැවීමට ඩික්සන් හඳුනන ආරක්ෂිත ස්තානයක් සූදානම් කරගන්නවා. පසුව රීචර් සහ නීලි කෙලින්ම යන්නේ රූසෝගෙ බොස් වූ ලුතිනන් මාෂ්ව මුණගැහීමට. මරන බව දැන දැනත් රූසෝව ලැන්ග්ස්ටන් ට පාවා දුන්නු නිසාවෙන්. මාෂ්ව හමුවූ පසු සියල්ල වමාරා ගන්නා රීචර් මාෂ්ට වෙඩි එතනින් පිටවෙනවා. ඒ අතර ඩික්සන් සහ ඔ’ඩෝනල් මාලෝ සහ ඇගේ දියණියව පිටත් කර හරින්නට කටයුතු කරනවා. රූසෝව ඝාතනය කිරීමට පැමිණි කල්ලියේ අයෙක්ව ඒ වෙලාවේ නීලී වාහනයෙන් හැප්පාගෙන ගියත් ඔහු තවම ජීවතුන් අතර ඉන්නා බව මාෂ්ගෙන් දැනගන්නා රීචර් නීලිත් සමඟ ඉස්පිරිතාලෙට පැමිණෙන්නෙ ඇඩෙන්ටර්වරු ලෙසින් වෙස් වලාගෙන. ඒ හවුමේ ඔහුවත් බිය ගන්වා තවත් විස්තර දැනගන්නා රීචර් සහ නීලි, ඔහුව ඝාතනය කර වහාම එතනින් පිට වෙනවා. මේ අතර ඩික්සන්ව සහ ඔ’ඩෝනල්ව තමන් අල්ලාගෙන සිටින බවත් තමුන් යාළුවා සමඟ පැමිණ යටත් වෙන ලෙසත් කියමින් ලැන්ග්ස්ටන්ගෙන් දුරකතන ඇමතුමක් එනවා. එම මොහොතේ සැලසුමක් ඇතිව කටයුතු කරන රීචර්, තම සහයිකාව වන නීලි මිය ගිය බවත් තමන් පැමිණ භාරවෙන්නම් යැයි ලැන්ග්ස්ටන් හට පවසනවා. සෙනෙට් සභික ලැවෝයි දුරකතන ඇමතුමක් ලබාගන්නා රීචර් ඔහුගෙන් සහය පතනවා වගේම ඔහු එයට කැමති වනවා. අවසානයේ රීචර් ලැන්ග්ස්ටන් හට තනිවම භාර වීමට කටයුතු කරනවා.
කලින් කතාංගය ඔන්න ඔය විදිහට තමා බලාගන්න ලැබුණේ. ඉතිං ඔතනින් පස්සේ කතාව කියන්න ගියොත් ඒකෙ තියෙන රසවින්දනයට බාධාවක් නිසා මං කියන්න යන්නෙ නෑ. ඒක ඔයාලටම බලන්න භාර කරනවා.

පොඩි දෙයක් ලාවට වගේ සඳහන් කරන්නම්. මං රීචර් සීරිස් එක උපසිරැසි ගන්වන්න භාරගනිද්දී already සීසන් 2 ම ඇවිත් ඉවරයි. ඉතිං ඒත් එක්කම අනිත් ෆිල්ම් සහ සීරිස් උපසිරැසි ගන්වන අතරේ මේ රීචර් සීරිස් එකත් උපසිරැසි ගන්වගෙන ගියා. තිබෙන කාර්යයබහුලතාවයත් එක්කම. ඒත් වැඩේ අතෑරියේ නෑ. සීසන් දෙකම අද වෙනකොට අවසන්. ඒවගේම තුන්වෙනි සීසන් එකත් මෙහෙම්ම අරගෙන එන්න පොරොන්දු වෙනවා. මං කලිනුත් සඳහන් කරලා තියෙනවා වගේම මෙතනත් කියන්නම්, අපි කවුරුත් මේ උපසිරැසි ගන්වන කටයුතු සිදු කරන්නෙ කිසි සේත්ම ලාභ අපේක්ෂාවකින් නෙවෙයි. හුදෙක්ම තම හිත-සුව පිණිස ආසාවෙන් කරන කටයුත්තක්ම විතරයි. අපිට ඔයාලගෙන් කියලා ලැබෙන එකම දේකට කියලා තියෙන්නෙ ඔයාලා ආදරෙන් හෝ අනාදරෙන් ඉදිරිපත් කරන එකම එක කමෙන්ට් එකක් විතරයි. ඉතිං ඒකම විතරයි අපිට තව උපසිරැසියක් කරන්න… කික් එකක්, චිල් එකක්, ආතල් එකක් දෙන්නෙ. ඒ නිසා හැමෝගෙන්ම ඉල්ලනවා උපසිරැසිය ඩවුන්ලෝඩ් කරගෙන යන වෙලාවෙන් තව පොඩි වෙලාවක් වෙන් කරලා කමෙන්ට් එහෙකුත් දාගෙන යන්න කියලා.
ඉතිං එහෙනම් මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ. අදට මෙතනින් නවතින්නෙ ඊළඟට සීසන් 3 එකත් අරගෙන එන පොරොන්දුවත් මත.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Reacher season 02 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
674 downloadsDownload Reacher-S02E08-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Reacher s02 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Reacher S01 Sinhala Sub
- #Reacher S01 Sinhala Subtitles
- #Reacher season 01 Sinhala Subtitles
- #Reacher Sinhala Sub
- #Reacher Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks