The Vampire Diaries S04 Sinhala Subtitles සුභ දවසක් වේවා සියලුම දෙනාට, මේ අරගෙන එන්නේ The Vampire Diaries කතා මාලාවේ හතරවන කතා සමයේ දහ හත්වන කතාංගය. එහෙනම් අද කතාංගය ගැන කතා කරන්න කලින් මීට කලින් කතාංගය ගැන මතක් කරගෙන ඉමු නේද? එලේනා ගේ මනුෂ්‍යත්වය අක්‍රිය කළාට පස්සේ […]

The Vampire Diaries S04 Sinhala Subtitles සුභ දවසක් වේවා සියලුම දෙනාට, මේ අරගෙන එන්නේ The Vampire Diaries කතා මාලාවේ හතරවන කතා සමයේ දහ හත්වන කතාංගය. එහෙනම් අද කතාංගය ගැන කතා කරන්න කලින් මීට කලින් කතාංගය ගැන මතක් කරගෙන ඉමු නේද?                      එලේනා ගේ මනුෂ්‍යත්වය අක්‍රිය කළාට පස්සේ එලේනා වෙනස්ම විදිහකට තමා දැකගන්න ලැබෙන්නේ. ප්‍රචණ්ඩකාරී වෙන එලේනාට සුදුසු හොඳම විකල්පය ආපහු ඉස්කෝල ජීවිතේට යන එක කියලා හිතන ඩේමන් සහ ස්ටෙෆන් එලේනාව ආපහු ඉස්කෝලේ යවනවා.ඒ වගේම එහෙදි එලේනා කැරොලයින් ට නරකම විදිහේ වැඩක් කරනවා දැක්ක නේ. ඉතින් ඩේමන් සහ රෙබෙකා දිගටම අමරණීය බව නැති වෙන බෙහෙත හොයාගන්න උත්සහ කරනවා. ඒත් ඩේමන් ගේ උපදෙස් අල්ලන්නේ නැති රෙබෙකා ඒක අත ඇරලා යනවා. ඒ වගේම ක්ලාවුස් තමන්ට ඕන කරන තොරතුරු ලබාගන්න හේලී ව පාවිච්චි කරනවා. අන්තිමට එලේනා පාටියක් දාන්න ගිහින් හොඳ වළියකුත් දාගන්නවා.  එහෙනම් අද එතන ඉදන්,                       එලේනා ටික කාලයක් වෙන පැත්තක ගෙව්වොත් ඒක වඩා හොඳ වෙයි කියලා හිතන ඩේමන් එලේනාව නිව් යෝක් එක්කරගෙන යනවා. ඒ වගේම නිව් යෝක් එක්ක බද්ධ වුණ ලොකු ඉතිහාසයක් ඩේමන්ට තියනවා. 1970 ගණන් වල ඩේමන්ගේ භීෂණය පතුරවපු තවත් නගරයක් තමයි නිව් යෝක්. ඒත් එක පාරටම රෙබෙකා නිව් යෝක් වලින් මතු වෙන එකෙන් සම්පූර්ණ සැලැස්මම කණ පිට හැරෙනවා. මේ අතර වාරයේ ස්ටෙෆන් සහ කැරොලයින් සයිලස් හොයාගන්න එක ක්ලාවුස්ට වැදගත් වෙන විදිහ ගැන කියමින් ක්ලාවුස් ව වැඩේට පොළඹවගන්න බලනවා. එහෙනම් ඉතුරු ටික ඔබට බාරයි. ඊළග එපියෙන් හමුවෙමු.

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

154 downloadsDownload The-Vampire-Diaries-S04E17-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

154 downloadsDownload Subtitles28 KB

0 comments

No comments yet.