Watch Trailer

Reacher [S03 : E01] Sinhala Subtitles | ඒත්තු ගන්වන්නා [සිංහල උපසිරසි]

Reacher Season 03 Sinhala Subtitles ආයුබෝවන් කියනවා හැමෝටම. දෙවනි සීසන් එක අවසානයෙන් පසුව රීචර් තුන්වෙනි කතාසමයත් ආරම්භ කරන්නයි මේ සූදානම. ඉතිං තුන්වෙනි සීසන් එක ඔයාලට ගේන අතරම මතක් කරන්න ඕනෙ, මේ වෙනකොට Prime video ආයතනය විසින් රීචර් හතරවන කතාසමයේ සියළුම වැඩ කටයුතු අවසන් කරලා ඉවරයි වගේම හතරවෙනි සීස…

Reacher Season 03 Sinhala Subtitles

ආයුබෝවන් කියනවා හැමෝටම. දෙවනි සීසන් එක අවසානයෙන් පසුව රීචර් තුන්වෙනි කතාසමයත් ආරම්භ කරන්නයි මේ සූදානම. 

ඉතිං තුන්වෙනි සීසන් එක ඔයාලට ගේන අතරම මතක් කරන්න ඕනෙ, මේ වෙනකොට Prime video ආයතනය විසින් රීචර් හතරවන කතාසමයේ සියළුම වැඩ කටයුතු අවසන් කරලා ඉවරයි වගේම හතරවෙනි සීසන් එක අපිට මේ අවුරුද්දේ අග භාගයේදි විතර බලාගන්න ලැබෙයි. ඒවගේම වේ වෙද්දි (මේ ලිපිය ලියන කාලය අතරතුර) රීචර් හතරවෙනි සීසන් එක නිකුත් වීමටත් පෙරම රීචර් පස්වෙනි සීසන් එක දක්වා දීර්ඝ කර තියෙනවා කියලා රාවයක් පවතිනවා. කොහොම වුණත් මේ පිළිබඳව Prime video ආයතනය නිල වශයෙන් තහවුරු කිරීමක් කරලා නෑ. ඇලන් රිච්සන් නං දැනට කියලා තියෙන්නෙ, රීචර් කතාමාලාව තුළ හොඳම සීසන් එක හතරවෙනි සීසන් එක කියලයි. ඉතිං බලමු ඉදිරියට එන විදිහට තත්වය කොහොමද කියලා. එහෙනම් තුන්වෙනි සීසන් එක බලන්න කලින් දෙවනි සීසන් එකේ සිදුවීම් ටික සරලව කෙටියෙන් මතක් කරගෙන ඉමු.

කලින් කතාව කෙටියෙන්,

රීචර් කලින් හමුදාවේ මෙහෙයවපු එයාගේ විශේෂ විමර්ශන කණ්ඩායමේ (110th Special Investigators) හිටපු පරණ යාළුවෝ කිහිප දෙනෙක්ව කවුරුහරි අභිරහස් විදිහට එක එක්කෙනාව මරාගෙන යනවා. රීචර් ඉතුරු වෙලා ඉන්න එයාගේ ටීම් එකේ යාලුවෝ තුන්දෙනෙක් එක්ක ආයෙත් එකතු වෙනවා. තමන්ගේ සහෝදරයෝ වගේ හිටපු යාළුවෝ වෙනුවෙන් පළිගන්න යන රීචර්, ඒ පිටුපස තියෙන මිලිටරි තාක්ෂණික ආයුධ ජාවාරමක් මුළුමනින්ම විනාශ කරලා දානවා. 

රීචර් තුන්වෙනි සීසන් එක පාදක වෙලා තියෙන්නෙ Lee Child ලියපු “Persuader” කියන නවකතාව ඇසුරෙන්. ඒ තමයි ජැක් රීචර් පොත් මාලාවේ එන 7 වෙනි පොත. ඉතිං තුන්වෙනි සීසන් එක මුලින්ම බලන කෙනෙක්ට ස්පොයිල් නොවෙන්න ඕන නිසා මෙදාපාර කතාව ගෙතෙන්නෙ කියලා මං නොකියා ඉන්නම්. ඒ හින්දා සීසන් 3 ඔයාලට බලන්න ඉතුරු කරලා අදට මං මෙතනින් නවතිනවා. දෙවනි කතාංගයෙන් මුණ ගැහෙමු.

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

Reacher S03E01 – Persuader
Release Date – February 20, 2025
IMDb Rating – 8.1/10
Next Episode – Truckin’

 

Reacher Season 03 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

794 downloadsDownload Reacher-S03E01-Sinhala-Subtitles.zip33 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                             Next BT1All BT1Previous BT1

 

Reacher s02 Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

794 downloadsDownload Subtitles33 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks ruka