Watch Trailer

Fifties Professionals [S01 : E12] Sinhala Subtitles | අවසාන මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

Fifties Professionals Season 1 Sinhala Subtitles “Fifties Professionals” (කොරියන් භාෂාවෙන්: 오십프로 – ඕෂිප්ප්‍රෝ) කියන්නේ මේ දවස්වල විකාශනය වන දකුණු කොරියානු ඇක්ෂන් කොමඩි ටෙලි කතා මාලාවක් (Drama series). මේක ලියලා තියෙන්නේ ජෑං වොන්-සොබ් (Jang Won-seob), අධ්‍යක්ෂණය කළේ හැන් ඩොන්ග්‍-හ්වා (Han Dong-hwa).…

Fifties Professionals Season 1 Sinhala Subtitles

“Fifties Professionals” (කොරියන් භාෂාවෙන්: 오십프로 – ඕෂිප්ප්‍රෝ) කියන්නේ මේ දවස්වල විකාශනය වන දකුණු කොරියානු ඇක්ෂන් කොමඩි ටෙලි කතා මාලාවක් (Drama series). මේක ලියලා තියෙන්නේ ජෑං වොන්-සොබ් (Jang Won-seob), අධ්‍යක්ෂණය කළේ හැන් ඩොන්ග්‍-හ්වා (Han Dong-hwa). ප්‍රධාන චරිත රඟපාන්නේ ශින් හා-ක්‍යුන් (Shin Ha-kyun), ඕ ජුන්ග්-සේ (Oh Jung-se) සහ හියෝ සුන්ග්-තේ (Heo Sung-tae).

මේ කතා මාලාව 2026 මැයි 22 වෙනිදා ඉඳන් MBC TV නාලිකාවෙන් විකාශනය වෙන්න පටන් ගත්තා. හැම සිකුරාදා සහ සෙනසුරාදාම රෑ 9:50ට (කොරියානු වේලාවෙන්) මේක බලන්න පුළුවන්. ඒ වගේම තෝරාගත් රටවල් කිහිපයකට Viki ඇප් එක හරහාත් මේක ස්ට්‍රීම් (Stream) කරන්න පහසුකම් දීලා තියෙනවා.

මේ කතාවේ ප්‍රධාන චරිත 3ක් ඉන්නවා. ඔවුන් තමන්ගේ ක්ෂේත්‍රවල ඉහළින්ම වැජඹිලා, පසුව සිදු වූ එක්තරා අභිරහස් සිදුවීමක් නිසා හැමදේම අහිමි වෙලා “යොන්ග්සොන්” (Yeongseon) කියන දුරස්තර දූපතක සාමාන්‍ය ජීවිත ගත කරන මැදිවියේ (අවුරුදු 50 ගණන්වල) පසුවන පුද්ගලයන් තිදෙනෙක්.

නොහිතපු ප්‍රශ්න වගයකට මුහුණ දෙන්න වුණ නිසා මේ තුන්දෙනාට තමන් කලින් වැඩ කරපු පරණ ක්ෂේත්‍රවලටම ආයෙමත් හැරීලා එන්න සිද්ධ වෙනවා.

කතාවේ පසුබිම (Synopsis)

මීට වසර 10කට පෙර දකුණු කොරියානු ජාතික බුද්ධි අංශය (NIS) විසින් දියත් කළ “Black Pearl” නම් අතිශය රහසිගත මෙහෙයුමට NIS හි දක්ෂතම රහස් ඒජන්ට්වරයෙකු වූ ජොන්ග් හෝ-මියුන්ග්, උතුරු කොරියානු විශේෂ බලකා සෙබළෙකු වූ බොන්ග් ජේ-සූන් සහ සෝල් නුවර බලවත් පාතාල කල්ලියක දෙවැනියා වූ කැන්ග් බොම්-ර්යොන්ග් යන තිදෙනා මැදිහත් වෙයි. නමුත් ඉහළ නිලධාරීන්ගේ කුමන්ත්‍රණයකින් මේ මෙහෙයුම අසාර්ථක වන අතර, එහි සියලු දෝෂාරෝපණ මේ තිදෙනා පිට පටවා ඔවුන්ව ද්‍රෝහීන් බවට පත් කරයි. ජීවිතය බේරාගැනීම සඳහා ඔවුන් තමන්ගේ පැරණි අනන්‍යතාවයන් අතහැර, නීතියට සහ සතුරන්ට හොරෙන් “යොන්ග්සොන්” නම් දුරස්තර ධීවර දූපතකට පලා යනවා.

වර්තමානයේ වයස අවුරුදු 50 ගණන්වල පසුවන මේගොල්ලෝ තුන්දෙනා  දූපතේ ඉතා සාමාන්‍ය ජීවිත ගත කරන්නේ. හෝ-මියුන්ග් චයිනීස් කඩයක නූඩ්ල්ස් සාදන්නෙකු ලෙසත්, අනතුරකින් මතකය අහිමි වූ ජේ-සූන් කුලී වැඩ කරන්නෙකු ලෙසත්, බොම්-ර්යොන්ග් කුඩා සිල්ලර කඩයක් කරගනිමින් සාමකාමීව ජීවත් වෙයි. කොහොමවුනත්, වසර 10කට පසු “Black Pearl” මෙහෙයුමේ සැඟවුණු රහස් සහ ඔවුන්ගේ පැරණි සතුරන් නැවතත් මේ දූපත සොයා පැමිණීමත් සමඟ කතාවේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වෙයි. තමන්ට සිදුවූ අසාධාරණයට පලිගැනීමට සහ සත්‍යය ලොවට හෙළි කිරීමට මේ “වයසක වීරයන්” තුන්දෙනාට නැවතත් එකතු වෙන්න සිද්දවෙනවා.

මේ කතාවේ ඇති සුවිශේෂීම රසස්වාදය වන්නේ, තරුණ කාලයේ මෙන් වේගයෙන් සටන් කිරීමට නොහැකිව වයසත් සමඟ එන කොන්දේ අමාරු, සන්ධි රුදාවල් සහ ඇස් පෙනීමේ දුර්වලතා වැනි කායික බාධාවන් මැද, තමන් සතු පැරණි සටන් උපක්‍රම සහ අත්දැකීම් උපයෝගී කරගනිමින් මෙයාල සතුරන්ට මුහුණ දෙන ආකාරය. ඒක මුළු කතා මාලාව පුරාම අතිශය කුතුහලයෙන් මෙන්ම හාස්‍යජනක මුහුණුවරකින් යුතුව ඉදිරිපත් කරලා තියනවා.

වෙනත් විස්තර

අධ්‍යක්ෂණය: Han Dong-hwa (Shadow Detective සහ Bad Guys 2 අධ්‍යක්ෂණය කළ)

කොටස් ගණන: 12

විකාශය වන දින: සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම රාත්‍රියේ විකාශය වේ.

නැරඹිය හැකි ක්‍රම: MBC නාලිකාවට අමතරව Viki සහ HBO Max හරහාද streaming කරගත හැක.

ප්‍රධාන නළු නිළියන් සහ චරිත (Main Cast & Characters)

                                                  ශින් හා-ක්‍යුන් (Shin Ha-kyun)

ජොන්ග් හියෝ-මියුන් (Jeong Heo-myung) ලෙස

ඕ ජුන්ග්-සේ (Oh Jung-se)

බොන්ග් ජේ-සූන් (Bong Je-soon) ලෙස

හියෝ සුන්ග්-තේ (Heo Sung-tae)

       කන්ග්  බම්-ර්යොන්ග් (Kang Bum-ryong) ලෙස

කලින් සුපිරි වැඩ්ඩෝ වෙලා ඉඳලා, දැන් හැංගිලා ජීවත් වෙන මේ තුන්දෙනාගේ පරණ රහස් මොනවා වෙන්න ඇතිද? මේ  තුන්දෙනාගේ ජීවිත වලට එන අලුත් කරදර වලට මෙයාල කොහොම මුහුණ දෙයිද?

ටිකක් වෙනස්ම විදියක ඇක්ෂන් කොමඩි  කතා වලට කැමති කොරියන් රසිකයෙක් නම් මේක තමයි ඔයාලට ගැලපෙනම කතා මාලාව ඉතින් තව වැඩි කතා නැතුව මේ සුපිරි ඇක්ෂන්-කොමඩි  කතාමාලාව සමග දීගටම රැදී සිටින්න කියලා ආරාධනා කරනවා.

 

Fifties Professionals S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

147 downloadsDownload Fifties-Professionals-S01E12.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                          Next BT1Next BT1

 

 

Fifties Professionals Season 1 Sinhala Subtitles

Subtitles

147 downloadsDownload Subtitles36 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.