Reacher Season 03 Sinhala Subtitles සාදරෙන් පිළිගන්නවා බයිස්කෝප් වාසි සියලුම දෙනාව. එහෙනම් මේ අරගෙන ඇවිත් තියෙන්නෙ රීචර් තුන්වෙනි සීසන් එකේ දෙවනි එපිසෝඩ් එක. අද කතාව බලන්න කලින් කලින් එපිසෝඩ් එකෙ වුණ දේවල් මතක් කරගෙන ඉමු. පෙර කොටසින්, කතාංගය පටන් ගද්දීම DEA (මත්ද්‍රව්‍ය නාශක අංශය) එකයි රීචර්යි එකත…

සාදරෙන් පිළිගන්නවා බයිස්කෝප් වාසි සියලුම දෙනාව. එහෙනම් මේ අරගෙන ඇවිත් තියෙන්නෙ රීචර් තුන්වෙනි සීසන් එකේ දෙවනි එපිසෝඩ් එක. අද කතාව බලන්න කලින් කලින් එපිසෝඩ් එකෙ වුණ දේවල් මතක් කරගෙන ඉමු.
පෙර කොටසින්,
කතාංගය පටන් ගද්දීම DEA (මත්ද්‍රව්‍ය නාශක අංශය) එකයි රීචර්යි එකතු වෙලා රහස් සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. මහා පරිමාණ ආයුධ ජාවාරම්කාර සැකරි බැක්ගේ පුතා වෙන රිචඩ්ව, සන්නද්ධ කල්ලියක් එකතු වෙලා පැහැරගන්න හදනවා වගේ රඟපෑමක් තමයි මෙතනදි කරන්නේ. රිචඩ් අනතුරේ වැටිලා ඉන්න වෙලාවේ රීචර් එතනට අහම්බෙන් ආපු කෙනෙක් වගේ කඩා පැනලා, අර පැහැරගන්න ආපු උන්ට වෙඩි තියලා රිචඩ්ව බේරගන්නවා හැබැයි ඒ ඉන්නේ ඇත්තටම ඒ රීචර්ට උදව් කරපු DEA ඒජන්ට්ලා. රීචර් මෙහෙම කරන්නේ එයා මීට අවුරුදු ගාණකට කලින් වෙඩි තියලා මැරුණා කියලා හිතපු, තමන්ගේ පරණම සතුරා වෙච්ච “ක්වින්” ඒ ගෙදර බෙක්ගේ හවුලේ ඉන්නවා කියලා දැනගන්න ලැබෙන හින්දා. ඉතිං තමන්ගේ පණ බේරපු නිසා රිචඩ් රීචර්ව සැකයක් නැතුවම විස්වාස කරන්න පටන් ගන්නවා. තමන්ට පෞද්ගලික ආරක්ෂාව දෙන්න කියලා රිචඩ්, රීචර්ව එයාගේ තාත්තාගේ මහා මාලිගාවක් වගේ තියෙන අධි-ආරක්ෂිත නිවසට එක්කගෙන යනවා. කතාංගය අවසානයේදී රීචර් සාර්ථකව ඒ සැකරි බෙක්ගේ ගේ ඇතුළට රිචඩ්ගේ පෞද්ගලික බොඩිගාඩ් කෙනෙක් විදිහට ඇතුල් වෙනවා. ඒවගේම DEA ඒජන්ට් ඩෆී මේ මෙහෙයුමට රීචර්ව දාන්න උත්සහ කළේ, ඇය කලින් ඇයගේ රහස් ඔත්තුකාරියක් විදිහට බෙක්ගේ ගෙදරට යවපු තෙරේසාව හොයාගන්නයි. රීචර් පවා මේ වැඩේට කැමති වෙන්නේ ඔහුට ක්වින්ව අල්ලාගන්න පොටක් පාදගන්න ඕන කරන නිසයි. අන්තිමට රීචර්ට බෙක්ගේ ගෙදර ගබඩාවේ යටින් රහස් දොරක් තියෙනවා, ඒ ඇතුලේ මීට කලින් තෙරේසා ඉඳලා තියෙනව කියල දැනගන්න ලැබෙන්නේ තෙරේසාගේ කරාඹුවක් වැටිලා තියෙනවා දැකලා.
ඉතිං ඔන්න ඔය විදිහට තමයි අපිට පලවෙනි කොටස බලාගන්න ලැබුණේ. එහෙනම් මෙහෙම්ම දෙවනි කොටසත් බලන්න ඔයාලට ඉඩ ඉතුරු කරලා මං මෙතනින් නවතිනවා. තුන්වෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Reacher S03E02 – Truckin’Release Date – February 20, 2025
IMDb Rating – 7.9/10
Next Episode – Number 2 with a Bullet
Reacher Season 03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
701 downloadsDownload Reacher-S03E02-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Reacher s03 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Reacher S01 Sinhala Sub
- #Reacher S01 Sinhala Subtitles
- #Reacher season 01 Sinhala Subtitles
- #Reacher Sinhala Sub
- #Reacher Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks