Reacher Season 03 Sinhala Subtitles ඔන්න එහෙනම් ඉතිං මේ අරගෙන එන්නෙ රීචර් තුන්වෙනි සීසන් එකේ තුන්වෙනි කතාංගය. අද කොටස බලන්න කලින් එහෙනම් සුපුරුදු පරිදි කලින් කතාංගයේ සිදුවීම් ටික මතක් කරගෙනම ඉමු. කලින් කොටසින්, රීචර්ට ප්‍රධාන ආයුධ ජාවාරම්කාරයා, ඒ කියන්නේ රිචඩ්ගේ තාත්තා වෙන සැකරි බෙක්ව නිල වශයෙන්ම ම…

ඔන්න එහෙනම් ඉතිං මේ අරගෙන එන්නෙ රීචර් තුන්වෙනි සීසන් එකේ තුන්වෙනි කතාංගය. අද කොටස බලන්න කලින් එහෙනම් සුපුරුදු පරිදි කලින් කතාංගයේ සිදුවීම් ටික මතක් කරගෙනම ඉමු.
කලින් කොටසින්,
රීචර්ට ප්‍රධාන ආයුධ ජාවාරම්කාරයා, ඒ කියන්නේ රිචඩ්ගේ තාත්තා වෙන සැකරි බෙක්ව නිල වශයෙන්ම මුණගැහෙනවා. තමන්ගේ පුතාව බේරගත්ත එකට බෙක් රීචර්ට ගොඩක් ස්තූති කරනවා වගේම, රීචර්ගේ ඇඟපත සහ දක්ෂතාවය දැකලා ඔහුව ගෙදර ස්ථිර බොඩිගාඩ් කෙනෙක් විදිහට බඳවා ගන්නවා. මුල ඉඳම රීචර් සහ DEA ඒජන්ට්ලගේ සැලසුම වුණේ, රීචර් කොහොමහරි විස්වාසය දිනාගෙන බෙක්ගේ ගෙදරම නවතින තැනට වැඩ සිද්ධ කරන එකයි. ඉතිං ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න රීචර් ගෙදර තියෙන ආරක්ෂක කැමරා සෙටප්, සේවකයෝ ඒ වගේම ඇතුළුවීමේ/පිටවීමේ මාර්ග ගැන හොඳ අධ්‍යයනයක් කරනවා. ඒ අතරම තමයි ගබඩාවේ රහස් කුටියේ තිබිලා තෙරේසාගේ කරාබුකුත් ඔහුට හමුවෙන්නෙ. රිචඩ්ගේ බොඩිගාඩ්ව නොමරා, මරනවා වගේ විශාල නාඩගමක් පෙන්නුවේ රිචඩ්ගේ හිත දිනාගන්න අරමුණින් වගේම මේ වෙද්දි එම බොඩිගාඩ්ව ඩෆී සහ ඇයගේ සහයක ඒජන්ට්ලා රඳවාගෙන සිටිනවා. පසුව රීචර් හට සිදු වනවා ඒන්ජල් ඩෝල් කියන කෙනා එක්ක රිචඩ්ව පැහැරගන්න උත්සහ කරපු වෑන් රථය ගැන හොයන්න පොලීසියේ නඩු භාණ්ඩ තියන තැනකට යාමට සිදුවෙනවා. එතනදි සූක්ෂමව කල්පනාකාරීව කටයුතු කරන නිසා රීචර් ට එතනින් අහු නොවී බේරෙන්න ඉඩ සසර ලැබෙනවා. පසුව රීචර්ගේ විස්වාස අත්හදා බැලීමක් විදිහට ට්‍රක් එකක් අරන් යන්න දෙනවා. ඒ ගමන් මඟ අතරදී ඩෆී සහ ඇයගේ තවත් මිතුරෙකු ලවා ට්‍රක් එක මොවුන් රහසේම පරීක්ෂා කරනවා. ගමන් මඟ අතරදී ගත කරපු වෙලාවන් හා ගැලපීම් එක්ක සසඳන කොට ඒන්ජල් ඩෝල් දැනගන්නවා රීචර් කියන්නේ මොවුන්ගේ හොර ඇල්ලීමට ආපු පොලීසියේ කෙනෙක් කියලා. ඉතිං එතනදි බේරීමක් වශයෙන් තියෙන එකම විකල්පය විදිහට දෙපාරක් නොහිතා ඒන්ජල් ඩෝල්ව ඉවරයක් කරලා දාන්න රීචර් කටයුතු කරනවා.
ඔන්න ඔය විදිහට තමයි අපිට දෙවනි එපිසෝඩ් එකෙ කතාව බලාගන්න ලැබුණේ. එහෙනම් තුන්වෙනි කොටසින් හමුවෙමු.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Reacher S03E03 – Number 2 with a BulletRelease Date – February 20, 2025
IMDb Rating – 8.2/10
Next Episode – Dominique
Reacher Season 03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
690 downloadsDownload Reacher-S03E03-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Reacher s03 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Reacher S01 Sinhala Sub
- #Reacher S01 Sinhala Subtitles
- #Reacher season 01 Sinhala Subtitles
- #Reacher Sinhala Sub
- #Reacher Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks ruka