The Husband Season 1 Sinhala Subtitles කොහොමද හැමෝටම, කොරියානු රසිකයන් හැමෝම වගේ ආසාවෙන් බලන කොරියානු කතා මාලා (K-Dramas) අතරට එකතු වුණු අලුත්ම Romantic Thriller කතා මාලාව තමයි “The Husband” (කොරියන් නම: 결혼의 완성)කියන්නේ. මේ දවස්වල විකාශය වෙන මේ සුපිරි කතාව ලියලා තියෙන්නේ Jung Jae-ha විසින්. Kim Jung…

The Husband Season 1 Sinhala Subtitles
කොහොමද හැමෝටම,
කොරියානු රසිකයන් හැමෝම වගේ ආසාවෙන් බලන කොරියානු කතා මාලා (K-Dramas) අතරට එකතු වුණු අලුත්ම Romantic Thriller කතා මාලාව තමයි “The Husband” (කොරියන් නම: 결혼의 완성)කියන්නේ. මේ දවස්වල විකාශය වෙන මේ සුපිරි කතාව ලියලා තියෙන්නේ Jung Jae-ha විසින්. Kim Jung-hyun සහ Kim Min-tae කියන දක්ෂ අධ්‍යක්ෂවරු දෙන්නා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රධාන චරිත විදිහට අපි කවුරුත් දන්නා Namkoong Min, Lee Seol, Lee Sang-hee සහ Kim Dae-myung වගේ ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
Red Nine Pictures සහ KBS Media එකතුවෙන් නිෂ්පාදනය කරපු මේ කතා මාලාව 2026 ජූලි 4 වෙනිදා ඉඳන් දකුණු කොරියාවේ KBS2 නාලිකාවෙන් හැම සෙනසුරාදා සහ ඉරිදා දවසකම රෑ 9:20 ට (KST) විකාශය වෙන්න පටන් ගත්තා. ඔයාලට මේක Disney+ streaming සේවාව හරහාත් අන්තර්ජාලයෙන් නරඹන්න පුළුවන්.
කතාව මොකක්ද? (Detailed Synopsis)
කැන්ග් තේ-ජූ කියන්නේ දක්ෂ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක්, ඒ වගේම ප්‍රධාන රෝහලක අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ බිරිඳ තමයි කෝ සේ-යුන්. ඇය “Uri Hamkke” රෝහලේ සභාපතිනිය විදිහටයි වැඩ කරන්නේ. මේ දෙන්නා අතරේ තිබුණු ප්‍රශ්න නිසා දවසක් ඔවුන් දික්කසාද වෙන්න තීරණය කරනවා. හැබැයි මේ තීරණයත් එක්කම තේ-ජූගේ මුළු ජීවිතයම උඩුයටිකුරු වෙනවා.
මොකද, දික්කසාද වෙන්න එකඟ වුණු දවසේ රෑම සේ-යුන්ව කවුරු හරි හදිසියේම පැහැර ගන්නවා! මේකෙන් තේ-ජූ ලොකු අර්බුදයකට මැදි වෙනවා. මේ පැහැර ගැනීම පිටුපස ඉන්නේ නගරයේ සාමාන්‍ය ටියුෂන් ක්ලාස් එකක් කරන අධ්‍යක්ෂකවරයෙක් වගේ පෙනී සිටින, හැබැයි ඇත්තටම දරුණු අපරාධකාරයෙක් වන නෝ මෑන්-හී.
තමන්ගේ බිරිඳව මේ දරුණු අපරාධකාරයාගෙන් බේරගන්න තේ-ජූට ලොකු සටනක් කරන්න වෙනවා. හැබැයි වැඩේ තවත් අමාරු වෙන්නේ, මේ පැහැරගැනීමේ සැකය තේ-ජූ වෙත එල්ල වන නිසයි. ඒ නිසා ඔහුට එක පැත්තකින් නීතියෙන් බේරිලා පලායන්නෙක් වෙන්න සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් හොර රහසේම පැහැරගන්නන් පස්සේ හඹා යන කෙනෙක් වෙන්නත් සිද්ධ වෙනවා.
මේ අතරේ, පැහැරගෙන හිර කරලා ඉන්න සේ-යුන් ඉස්සරහට කිම් කියුන්ග් ඒ කියලා අභිරහස් ගැහැණු කෙනෙක් මතු වෙනවා. ඇය මතුපිටින් හරිම කරුණාවන්ත පාටක් පෙන්නුවත්, ඇය ළඟ තියෙන්නේ නුහුරු, බය හිතෙන ගුප්ත ස්වභාවයක්. ඇය කවුද, ඇයි මේ හැමදේම කරන්නේ, සහ මේ විවාහය පිටුපස හැංගිලා තියෙන ඇත්තම රහස මොකක්ද.මේ ප්‍රශ්න වලට උත්තර ඔයාලට කතාමාලාව සමග දිගටම රැදී සිටියොත් හොයාගන්න පුළුවන්.
ප්‍රධාන චරිත සහ රංගන ශිල්පීන් (Cast & Characters)
Namkoong Min

කැන්ග් තේ-ජූ ලෙස
Lee Seol

කෝ සේ-යුන් ලෙස
Kim Dae-myung

නෝ මෑන්-හී ලෙස
Lee Sang-hee

කිම් කියුන්ග්-ඒ ලෙස
Park Byung-eun

ලී සූ-හියුන්ග් ලෙස
එහෙනම් තවත් වැඩි විස්තර නැතුව මේ කුතුහලයෙන් පිරුණු, ත්‍රාසජනක කතා මාලාව සිංහල උපසිරසි සමග රසවිදින්න කියලා ඔයාලට ආරාධනා කරනවා.
තවත් මේ වගේ සුපිරියකින් හමුවෙනකන් හැමෝටම ජය වේවා.
The Husband S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
157 downloadsDownload The-Husband-S01E02.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Husband Season 1 Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සබ්එකට තෑන්ක්ස් මචං