The Vampire Diaries S07 Sinhala Subtitles මේක හදිසියේ සෙට් උන වැඩක්, හෙන කාලෙකින් සබ් එකෙක් කරන්න උනේ නෑ මොකද වැඩ එක්ක කරගන්න විදියක් නෑ. ඔන්න මේ The Vampire Diaries සීරිස් එකේ එක එපියක් තියෙනවා කරලා දෙන්න බැරිද ඇහුවා හදිසියේම, එක එපියනේ කියලා බාරගත්තා ඉතිං. මේ සීරිස් එකේ 07නි සීසන් එකේද කොහෙද මම එ…

මේක හදිසියේ සෙට් උන වැඩක්, හෙන කාලෙකින් සබ් එකෙක් කරන්න උනේ නෑ මොකද වැඩ එක්ක කරගන්න විදියක් නෑ. ඔන්න මේ The Vampire Diaries සීරිස් එකේ එක එපියක් තියෙනවා කරලා දෙන්න බැරිද ඇහුවා හදිසියේම, එක එපියනේ කියලා බාරගත්තා ඉතිං. මේ සීරිස් එකේ 07නි සීසන් එකේද කොහෙද මම එපි කීපයකටත් සබ් කරලා දුන්න දැන් නම් ටික කාලයක් වෙනවා. කොහොම හරි මම ලොකු විස්තර දාන්න යන්නේ නෑ කලින් එපියේ වෙන සිද්දිය ලාවට දාන්නම්.
ඩේමන්, ස්ටෙෆන්, කැරොලයින්, වගේම එන්සෝ ලෑස්ති වෙන්නේ කොහොමහරි Armory එකේ තියෙන Vault එක ඇතුළට ගිහින් අන්තිම Everlasting ව විනාශ කරලා දාන්න. එයාලගේ එකම බලාපොරොත්තුව මේකෙන් බොනීගේ සාපේ සම්පූර්ණයෙන්ම නැති කරලා දාන එකයි. බෝම්බ දාලවත් මේ Vault එක අරින්න බැරි වෙනකොට, කැරොලයින් අකමැත්තෙන් වුණත් තීරණය කරනවා ලිසීටයි ජෝසීටයි එයාලගේ siphoning බලය පාවිච්චි කරලා ඒක අරින්න ඉඩ දෙන්න. ඔය අතරේ බොනීයි මැටුයි ස්ටෙෆන්වයි කැරොලයින්වයි පන්නගෙන එනවා. ඒත් එක්කම එන්සෝට හොර රහසේම Vault එක ඇතුළේ ඉන්න රකුසා ගැන ඇත්ත දැනගන්න ලැබෙනවා.
නිවුන් ගෑනු ළමයි දෙන්නා (ලිසී සහ ජෝසී) කොහොමහරි Vault එක අරින්න සමත් වෙනවා. ඊටපස්සේ ඩේමන් ඒක ඇතුළට ගිහින් Everlasting ව විනාශ කරලා දානවා. මේක නිසා බොනීගේ සාපේ කැඩිලා යනවා වගේම කැරොලයින්ගේ ඇඟේ තිබ්බ කැළලත් මැකිලා යනවා. හැබැයි ඩේමන්ට එකපාරටම එලීනාගේ කටහඬ ඇහෙන නිසා එයා Vault එක ඇතුළෙම හිරවෙනවා. පස්සේ එන්සෝ ඩේමන්ට උදව් කරන්න ඇතුළට ගියත්, අර රකුසා එයාවත් අල්ලගන්නවා. ඒ එක්කම Vault එක සම්පූර්ණයෙන්ම වැහිලා යනවා. කොහොමහරි ඇලරික් පස්සේ කාලෙක Vault එක අරින්න විදියක් හොයාගත්තත්, ඒ වෙද්දි ඩේමනුයි එන්සෝයි එතනින් අතුරුදහන් වෙලා. මාස ගාණකට පස්සේ, රටේ එක දිගටම සිද්ධවෙන අතුරුදහන් වීම් පිටිපස්සේ ඉන්නේ මේ දෙන්නා වෙන්න ඇති කියලා කට්ටියටම තේරුම් යනවා.
කතාව ඉවර වෙන්නේ ඩේමනුයි එන්සෝයි පණපිටින් ඉන්නවා කියලා පෙන්නන ගමන්. හැබැයි දැන් එයාලා කිසිම අනුකම්පාවක් නැති, අහිංසක මිනිස්සුන්ව පැහැරගෙන ගිහින් අද්භූත ගබඩාවක් ඇතුළේ මරාදාන දරුණුම විදියේ දෙන්නෙක් බවට පත්වෙලා ඉවරයි. ඕක තමා සිද්දිය, වැඩ රාජකාරි අඩු උනොත් තවත් සබ් එකෙකින් සෙට් වෙමු!.
The Vampire Diaries S08 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
25 downloadsDownload The-Vampire-Diaries.S08E01.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අතුල සංජීව
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries Season 5
- #The Vampire Diaries Season 5 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #අතුල සංජීව
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


