Watch Trailer

Record of Ragnarok [S01 : E01 & E02] Sinhala Subtitles | දේවත්වයට අභියෝග කළ මහා ගැටුම [සිංහල උපසිරසි]

Anime Community එක ඇතුලෙ විශාල hype එකක් නිර්මාණය වෙන, ඒ වගේම දැනටමත් hype එකක් නිර්මාණය වෙමින් තියෙන, අතිශය උද්වේගකර ඇනිමෙ කතා මාලාවක් අරඹන්නයි මේ සූදානම් වෙන්නෙ. නම අහපු ගමන්ම දැනටමත් මේක හුඟ දෙනෙක් බලල ඉවර බව නම් විශ්වාසයෙන්ම කියන්න පුලුවන්. තවත් සති කිහිපයකින් නිකුත් වෙන්න නියමිත මේ කතාවෙ Seaso…

Anime Community එක ඇතුලෙ විශාල hype එකක් නිර්මාණය වෙන, ඒ වගේම දැනටමත් hype එකක් නිර්මාණය වෙමින් තියෙන, අතිශය උද්වේගකර ඇනිමෙ කතා මාලාවක් අරඹන්නයි මේ සූදානම් වෙන්නෙ. නම අහපු ගමන්ම දැනටමත් මේක හුඟ දෙනෙක් බලල ඉවර බව නම් විශ්වාසයෙන්ම කියන්න පුලුවන්. තවත් සති කිහිපයකින් නිකුත් වෙන්න නියමිත මේ කතාවෙ Season 3 ට පෙරාතුව, එහි Season 1 සහ Season 2 සිංහල උපසිරැසි සම්පූර්ණයෙන්ම ලබා දීම තමයි මෙයින් ආරම්භ වෙන්නෙ. මම කාලෙකට කලින් නිර්මාණය කරපු උපසිරැසි නිසා මේවායෙ කිසිම වෙනසක් නොකර නැවත මතක් කිරීමක් විදිහට පළ කිරීමක් තමයි මේ කරන්නෙ.

ඔයා Mortal Kombat රසිකයෙක්ද? ඔයා Mortal Kombat රසිකයෙක් නම්, Mortal Kombat විශ්වයට ආදරය කරන කෙනෙක් නම්, කොටින්ම කිව්වොත් ද්වන්ධ සටන්වලට පිස්සු වැටුණු කෙනෙක් නම් ඔන්න ඔයා මේක මඟ නොහැරිය යුතුමයි. Mortal Kombat විශ්වයේ සිද්ධ වෙන සටන් මොන වගේද කියල ඔයා දන්නවා ඇති කියල මං හිතනවා. ඔන්න එහෙනම් මේ ඇනිමෙ කතා මාලාවත් අන්න ඒ වගේ එකක්… ඒ වගේ කිව්වට ඒ වගේම නොවන ඇස් උඩ යන ලොමු ඩැහැ ගැන්වෙන ද්වන්ධ සටන් තියෙන කතාවක්… තවත් සරලවම කිව්වොත් දෙවිවරු සහ මිනිස්සු අතරෙ සිද්ධ වෙන මහා ද්වන්ධ සටනක්. කියන කොටත් බලන්න වටිනවා කියල හිතෙනවා නේද…? ඒත් මිනිස්සු කොහොමද දෙවියො එක්ක හැප්පෙන්නෙ…?

                                   
                                                                      Record of Ragnarok Anime Key Visual

2021 වසරේ Spring season එකේදි ඔස්සේ නිකුත් කෙරුනු Shuumatsu no Valkyrie AKA Record of Ragnarok ඇනිමෙ කතා මාලාව Action, Drama, Fantasy, Mythology, Seinen කියන Genre වලට අයත් වෙන අතරෙ R-17+(Violance & Profanity) යටතේ Rate වෙලා තියෙනවා. IMDB දර්ශකයේ 6.2 ක අගයක් වගේම MyAnimeList දර්ශකයේ 6.66 ක අගයක් ලබා ගන්නට සමත් වෙනවා. ඒ වගේම MyAnimeList හි 8.14 ක අගයක් ලබාගත් Takumi Fukui (story), Shinya Umemura (story) & Azychika (art) ගේ Record of Ragnarok Manga එක ඇසුරෙන් හි නිර්මාණයක් වෙන මේ කතාව මිනිත්තු 24 බැගින් වුනු කොටස් 12 ක් පුරා දිව යනවා.

                                 
           Record of Ragnarok Manga Vol. 1

ඒ වගේම තමයි මේ කතාවෙ Music ගැනත් අනිවාර්යයෙන්ම කියන්න ඕනි.Opening Theme එක වෙන “Kamigami” ගීතය Maximum the Hormone ගායනා කරනවා. ඒ වගේම වඩාත් ජනප්‍රිය වුනු Chainsaw Man,Death Note යන ඇනිමෙ සඳහාත් තේමා ගීත ගායනයට මේ කණ්ඩායම සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම Ending Theme එක වෙන “SymaG” ගීතය Fukahi ගායනා කරනවා. මේ තේමා ගීතයත් විශේෂයි. ඒ වගේම මේ කතාව මැදදි අපිට අහන්න ලැබෙන නාද රටා වලින් ඔයාට ඒ අවස්ථාවේදී එන Thrilling vibe එක අනිවාර්යයෙන්ම ගෙන දේවි.

ඒ වගේම මේ කතාවෙ Voice Acting Staff එක ගැන කතා කළොත් Angle Beats!, Berserk, Akame ga Kill, Black Clover, Assassination Classroom, Bleach, My Hero Academia, Blue Lock කියන ඇනිමෙ ලෝකයේ ජනප්‍රිය වුනු කතාවලට දායක වුනු හඬ කැවීම් ශිල්පීන් දායක වෙනවා.

දැන් යමු කතාව පැත්තට. සෑම අවුරුදු 1000 කට වරක් වල්හල්ලාවේ, වල්හල්ලා මන්ත්‍රණ සභාවෙදි සියලු වර්ගවලට සියලු ජාතීන්ට අයත් දෙවිවරු රැස්වෙනවා එක්තරා වටිනා තීරණකට එළඹෙන්න. ඒ තීරණය තමයි මීළඟ අවුරුදු 1000 ට ම මනුෂ්‍යයින්ගේ පැවැත්මට ඉඩ දෙනවද නැද්ද කියල තීරණය කරන එක. වැඩි ඡන්දයකින් දෙවිවරු මනුෂ්‍ය පැවැත්මට විරුද්ධ උනොත් මුළු මිනිස් සංහතියේම විනාශය එතනදිම තීරණය වෙනවා. ඉතින් මිනිස් පැවැත්මට ඉඩ නොදිය යුතුයි කියලා දෙවිවරු කිහිප දෙනෙක්ම හේතුත් දක්වනවා. අනික මේ හේතු වර්තමානයත් එක්ක බලද්දි නම් සාධාරණයි. බහුතරයක් දෙවිවරු මේකට එකඟ වෙලා මේක සම්මත වෙන්න යද්දිම එක වැල්ක්‍රී කෙනෙක්‍ යෝජනාවක් ගේනවා. ඒ තමයි මිනිස්සු මේ විනාශයට සුදුසුයිද කියලා පරික්ෂණයකින් හොයා ගන්න ඕනියි කියන එක. මෙන්න මේ පරික්ෂණය තමයි දෙවියන් සහ මිනිසුන් අතර වෙන අවසන් මහා සටන හෙවත් “රැග්නරොක්” කියල කියන්නෙ. මේ සටනට දෙවියන්ගෙන් සටන් කරුවන් 13 දෙනෙක් හා මිනිසුන්ගෙන් සටන් කරුවන් 13 දෙනෙක් බැගින් ඇතුළත් වෙනවා. තරඟ 7 දිනන කණ්ඩායමට එයාලගෙ තීන්දුව ලැබෙනවා. ඒ විනාශය හෝ පැවැත්ම.

ඉතින් මිනිස්සු කොහොමද දෙවියො එක්ක හැප්පෙන්නෙ? මිනිස්සුන්ට දෙවියො එක්ක හැප්පෙන්න පුලුවන්ද? දෙවියො වෙනුවෙන් සටන් කරන්නෙ කවුද? මිනිසුන් වෙනුවෙන් සටන් කරන්නෙ කවුද? රැග්නරොක් හි අවසානය මොකක්ද? මනුෂ්‍යත්වයේ කැපකිරීම්, පරිත්‍යාගයන්, එකමුතුකම් වගේම ආත්මාර්ථකාමීත්වය, උඩඟුකම, හෙලා දැකීම් වගේ ගති හරි අපූරුවට පෙන්වන මේ කතාව, බොහෝ වෙලාවට දුක ශෝකය වගේම සතුට එක්ක අපේ ඇසට කඳුළු ගෙන කතාවක් බවට සැකයක් නෑ. මේ ලොමු ඩැහැ ගැන්වෙන දෙව් මිනිස් ගැටුම නරඹා ත්‍රාසය උද්‍යෝගය ඇති කරගැනීම ඔබට භාරයි. එහෙනම් නරඹන්න Record of Ragnarok. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි. dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න. නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.

ලංකන් weebs වෙනුවෙන්:- හසරංග නදීෂ

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

996 downloadsDownload Record-of-Ragnarok-S01-E01E02-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

996 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.