Watch Trailer

Record of Ragnarok [S01: E09 & E10] Sinhala Subtitles | කෲර පාලකයෙක් අභිමුවට මහා පරාජිතයෙක්! [සිංහල උපසිරසි]

Record of Ragnarok Season 01 Sinhala Subtitles මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 1 හි 9 සහ 10 කොටස් වල උපසිරැසි සමගයි මේ එකතු වෙන්නෙ. ඉතින් අපි Season 1 වල අවසානයට ළං වෙලයි ඉන්නෙ. පහුග…

Record of Ragnarok Season 01 Sinhala Subtitles

මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 1 හි 9 සහ 10 කොටස් වල උපසිරැසි සමගයි මේ එකතු වෙන්නෙ. ඉතින් අපි Season 1 වල අවසානයට ළං වෙලයි ඉන්නෙ.

පහුගිය කොටස් වල සිදුවීම් නම් මම සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද ඒක ඔයාලාම බලල දැනගන්න එක තමයි වඩා හොඳ. මොකද මේක ඒ තරමටම උද්වේගකර කතාවක්. ඒ නිසා කතාවට සාරාංශයක් විතරක් මම දෙන්නම්.

සෑම අවුරුදු 1000 කට වරක් වල්හල්ලාවේ, වල්හල්ලා මන්ත්‍රණ සභාවෙදි සියලු වර්ගවලට සියලු ජාතීන්ට අයත් දෙවිවරු රැස්වෙනවා එක්තරා වටිනා තීරණකට එළඹෙන්න. ඒ තීරණය තමයි මීළඟ අවුරුදු 1000 ට ම මනුෂ්‍යයින්ගේ පැවැත්මට ඉඩ දෙනවද නැද්ද කියල තීරණය කරන එක. වැඩි ඡන්දයකින් දෙවිවරු මනුෂ්‍ය පැවැත්මට විරුද්ධ උනොත් මුළු මිනිස් සංහතියේම විනාශය එතනදිම තීරණය වෙනවා. ඉතින් මිනිස් පැවැත්මට ඉඩ නොදිය යුතුයි කියලා දෙවිවරු කිහිප දෙනෙක්ම හේතුත් දක්වනවා. අනික මේ හේතු වර්තමානයත් එක්ක බලද්දි නම් සාධාරණයි. බහුතරයක් දෙවිවරු මේකට එකඟ වෙලා මේක සම්මත වෙන්න යද්දිම එක වැල්ක්‍රී කෙනෙක්‍ යෝජනාවක් ගේනවා. ඒ තමයි මිනිස්සු මේ විනාශයට සුදුසුයිද කියලා පරික්ෂණයකින් හොයා ගන්න ඕනියි කියන එක. මෙන්න මේ පරික්ෂණය තමයි දෙවියන් සහ මිනිසුන් අතර වෙන අවසන් මහා සටන හෙවත් “රැග්නරොක්” කියල කියන්නෙ. මේ සටනට දෙවියන්ගෙන් සටන් කරුවන් 13 දෙනෙක් හා මිනිසුන්ගෙන් සටන් කරුවන් 13 දෙනෙක් බැගින් ඇතුළත් වෙනවා. තරඟ 7 දිනන කණ්ඩායමට එයාලගෙ තීන්දුව ලැබෙනවා. ඒ විනාශය හෝ පැවැත්ම.

පළමු සටනින් තෝර් සහ අතිශය දරුණු වූ දෙවෙනි සටනින් අසීරු ලෙස සියුස් ජය ගෙන දෙවිවරු තරඟ දෙකක් ජය ගන්නවා. එහිදී මනුෂ්‍යත්වය සිද්ධ වුනු පරාජයන් පරාජයන්ම උනාට වඩා අති මහත් කැප කිරීමක් උනා. තුන්වෙනි සටන විදිහට දෙවියන් නියෝජනය කරමින් පොසයිඩන්, මනුෂ්‍යත්වය නියෝජනය කරමින් සසාකි කොජිරෝ සටන් බිමට අවතීර්ණ වෙනවා. ඒ තුන්වෙනි සටන කෙළවර වෙන්නෙ කොහොමද? නරඹන්න එහෙනම්. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි. dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න. නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.

ලංකන් weebs වෙනුවෙන්:- හසරංග නදීෂ

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

525 downloadsDownload Record-of-Ragnarok-S01-E09E10-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

525 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.