Record of Ragnarok Season 01 Sinhala Subtitles මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 1 හි 11 සහ 12 කොටස් හෙවත් අවසාන කොටස් වල උපසිරැසි සමගයි මේ එකතු වෙන්නෙ. පහුගිය කොටස් වල සිදුවීම් නම් මම…

Record of Ragnarok Season 01 Sinhala Subtitles
මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 1 හි 11 සහ 12 කොටස් හෙවත් අවසාන කොටස් වල උපසිරැසි සමගයි මේ එකතු වෙන්නෙ.
පහුගිය කොටස් වල සිදුවීම් නම් මම සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද ඒක ඔයාලාම බලල දැනගන්න එක තමයි වඩා හොඳ. මොකද මේක ඒ තරමටම උද්වේගකර කතාවක්. ඒ නිසා කතාවට සාරාංශයක් විතරක් මම දෙන්නම්.
සෑම අවුරුදු 1000 කට වරක් වල්හල්ලාවේ, වල්හල්ලා මන්ත්‍රණ සභාවෙදි සියලු වර්ගවලට සියලු ජාතීන්ට අයත් දෙවිවරු රැස්වෙනවා එක්තරා වටිනා තීරණකට එළඹෙන්න. ඒ තීරණය තමයි මීළඟ අවුරුදු 1000 ට ම මනුෂ්‍යයින්ගේ පැවැත්මට ඉඩ දෙනවද නැද්ද කියල තීරණය කරන එක. වැඩි ඡන්දයකින් දෙවිවරු මනුෂ්‍ය පැවැත්මට විරුද්ධ උනොත් මුළු මිනිස් සංහතියේම විනාශය එතනදිම තීරණය වෙනවා. ඉතින් මිනිස් පැවැත්මට ඉඩ නොදිය යුතුයි කියලා දෙවිවරු කිහිප දෙනෙක්ම හේතුත් දක්වනවා. අනික මේ හේතු වර්තමානයත් එක්ක බලද්දි නම් සාධාරණයි. බහුතරයක් දෙවිවරු මේකට එකඟ වෙලා මේක සම්මත වෙන්න යද්දිම එක වැල්ක්‍රී කෙනෙක් යෝජනාවක් ගේනවා. ඒ තමයි මිනිස්සු මේ විනාශයට සුදුසුයිද කියලා පරික්ෂණයකින් හොයා ගන්න ඕනියි කියන එක. මෙන්න මේ පරික්ෂණය තමයි දෙවියන් සහ මිනිසුන් අතර වෙන අවසන් මහා සටන හෙවත් “රැග්නරොක්” කියල කියන්නෙ. මේ සටනට දෙවියන්ගෙන් සටන් කරුවන් 13 දෙනෙක් හා මිනිසුන්ගෙන් සටන් කරුවන් 13 දෙනෙක් බැගින් ඇතුළත් වෙනවා. තරඟ 7 දිනන කණ්ඩායමට එයාලගෙ තීන්දුව ලැබෙනවා. ඒ විනාශය හෝ පැවැත්ම.
තුන්වෙනි සටන විදිහට පොසයිඩන් සහ සසාකි කොජිරෝ අතර වේගවත් දරුණු සටනක් සිද්ධ වෙද්දි, ඒ දෙදෙනාගේ අතීතයන් අපිට දැකගන්න ලැබෙනවා. කෲර පොසයිඩන්ට එරෙහිව කොජිරෝට අවස්ථාවක් ලැබේවිද? පිට පිට තරඟ දෙකක් පරාද වෙද්දි එක් බලාපොරොත්තුවක් මනුෂ්‍යත්වයට ලැබේවිද? නරඹන්න මේ සටනත්.
අතිමහත් කැපකිරීම් හමුවේ ලෙයට ලෙය උරට උර ගැටෙන මේ රැග්නරොක් ගැටුමේ පළමු අදියර මෙයින් අවසාන වෙනවා. දෙවෙනි අදියරත් ඉක්මනින්ම අරන් එන්නම්. එහෙනම් Record of Ragnarok Season 2 තුළින් මීළඟට හමුවෙමු.
සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි. dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න. නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.
ලංකන් weebs වෙනුවෙන්:- හසරංග නදීෂ
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
607 downloadsDownload Record-of-Ragnarok-S01-E11E12-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Advertisement


